IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


’’අවාමි ලීගයේ 20ක් මරලා’’

(විමුක්ති එස් රුද්‍රිගු)

බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී පළා යෑමෙන් පසු ඇය සභාපතීත්වය දැරූ අවාමි ලීගය පක්ෂයේ නායකයන් 20 දෙනකු ඝාතනයට ලක්වී ඇති බවත් ඔවුන්ගේ මළ සිරුරු බංග්ලාදේශය විවිධ ප්‍රදේශවලදී සොයාගෙන ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එසේම අවාමි ලීගයේ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් 100කට අධික පිරිසකගේ නිවාස මෙන්ම ව්‍යාපාරද, විරෝධතාකරුවන් කොල්ල කා විනාශ කර දමා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෆිකුල් ඉස්ලාම් ශිමුල්ගේ නිවසට විරෝධතාකරුවන් ගිනිතබා ඇති බවත් ඉන් මන්ත්‍රීවරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සිව් දෙනකු මරණයට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.

ඔවුන්ගේ මළ සිරුරු ගිනිගත් නිවසේ කාමර සහ බැල්කනිවල තිබී එරට පොලිසිය ඊයේ (06) සොයාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

එසේම අවාමි ලීගයේ දිස්ත්‍රික් සම ලේකම් සුමන් ඛාන්ගේ නිවසටද විරෝධතාකරුවන් ගිනි තබා ඇති බවත් එම නිවසේ තිබී බංග්ලාදේශය පිළිස්සී ගිය මළ සිරුරු 6ක් සොයාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.විරෝධතාකරුවන් නැවත වරක් අවාමි ලීගයේ පක්ෂ මුලස්ථානයට ඊයේ (06) ගිනි තබා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රජයේ රැකියා කෝටාවට විරෝධය දක්වමින් පසුගිය මාසයේදී බංග්ලාදේශය විරෝධතා ආරම්භවූ ඉන් මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා පසුගියදා නව විරෝධතා රැල්ලක් ආරම්භ විය. 

අවසානයේ "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරය ඉල්ලා සිටි පිරිදි මහාචාර්ය මුහම්මද් යූනුස්ගේ ප්‍රධානත්වයෙන් යුත් අන්තර්වාර රජයක් පිහිටුවීමට එරට ජනාධිපතිවරයා කටයුතු කිරීම සමඟ බංග්ලාදේශයේ සාමාකාමී වාතාවරණයක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



අදහස් (6)

’’අවාමි ලීගයේ 20ක් මරලා’’

මහසෙන් Wednesday, 07 August 2024 05:02 PM

අරගල කළා, අගමැති පැනලා ගියා, 300 කට වඩා මැරුණා.. දේපල විනාශ වුණා. රට ආපස්සට ගියා... ඕන විදියේ ආන්ඩුවක් පිහිටෙව්වා... දැන් තියෙන්නේ අරගල කරුවන්ට පක්ෂයක් හදාගෙන ඡන්දේ ඉල්ලන්න.

:       9       46

Lalla Wednesday, 07 August 2024 07:15 PM

එතකොට ලංකාවේ අරගල කට්ටිය... ඡන්දය ඉල්ලනව...දැනටම සමාජ මාධ්‍යවල දිනල...නේද?

:       6       30

රංබොඩ Wednesday, 07 August 2024 05:56 PM

අසංවර, අවනීතික මිනිසුන් තමන්ට ඕන විදිහය රට ගනිබත් කරනවා. අහිංසක මිනිසුන් මරා දමනවා. මෙහි විපාක.ඔවුන්.ළඟට නැවත එනවා.

:       6       50

lua Wednesday, 07 August 2024 11:42 PM

අරගල කාරයෝ හොරු කියලා හිතුනේ මට විතරද?

:       0       0

Janith Thursday, 08 August 2024 03:28 AM

අපේ සහෝදරවරු වගේමයි... නූගතුන්ගේ කරමතින් ...

:       0       0

fairoos Thursday, 08 August 2024 12:15 PM

ලංකාවෙත් වෙන්න ගියේ ඕකයි .හොඳ වෙලාවට හොර නඩය ඉල්ලා අස්වුනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 944 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5725 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3271 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 282 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1453 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1570 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28419 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site