IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අවුරුදු 100ක් පැරැණි බෝක්කුවක් කුරුවිටෙන් සොයාගනී


(අජිත්ලාල් ශාන්තඋදය)
 
කුරුවිට හිග්ගස්හේන දෙවිපහළ මාර්ගයේ වතුයායේ, ගොඩපරගහගොඩ ඇළ හරහා ඇති පාලමට පැතිබැම්මක් සකස් කිරීමේදී, මීට වසර 100කට පමණ පෙර මැටි වර්ගයක් පුළුස්සා සකසන ලද (‘ටෙරාකොටා’ ආකාරයේ) කඳක් සහිත බෝක්කුවක පයිප්ප කොටසක් මතුව ඇති බව වතුයාය වසමේ ග්‍රාම නිලධාරිනී චන්‍ද්‍රානි කුසුමලතා මහත්මිය පැවසුවාය.
 
කොන්ත්‍රාත්කරුවෙකු මෙම පැති බැම්ම ඉදිකිරීම භාරගෙන ඇති බවත්, ඉදිකිරීම් සඳහා අත්තිවාරම කැපීමේදී පොළොව මතුපිට සිට අඩි 6ක් පමණ යටින් මෙම පයිප්ප කඳ මතුව තිබූ බවත්, ග්‍රාම නිලධාරිනිය කීවාය.
 
කුරුවිට ප්‍රාදේශීය සභාවේ සභිකාවක් වන දයා කස්තුරි මහත්මිය මේ බව දැක, ග්‍රාම නිලධාරිනියට එය මුලින්ම දන්වා තිබුණි. ග්‍රාම නිලධාරිනිය කුරුවිට ප්‍රාදේශීය ලේකම් දිලිනි ධර්මදාස මහත්මිය ද දැනුවත් කර එම පයිප්ප කඳට හානි නොකර අත්තිවාරම කපන ලෙස කොන්ත්‍රාත්කරුට උපදෙස් දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.
 
බෝක්කු කඳෙන් අඩි එකහමාරක ප්‍රමාණයක් පිටතට පෙනෙන අතර පොළොව අභ්‍යන්තරයේ කොපමණ ප්‍රමාණයක් ඇද්ද යන්න දැනගැනීමට කැනීමක් කළ යුතුව ඇත. මෙහි විශ්කම්භය අඩි දෙකක් පමණ වන අතර වට ප්‍රමාණය අඩි හතරයි අඟල් අටකි. පයිප්පය ඇතුළත පස්වලින් පිරී ඇත.
 
මෙම බෝක්කු කඳ කිසියම් මැටි වර්ගයක් පුළුස්සා සකස් කර ඇති ආකාරයක් පෙන්නුම් කරයි. එළියට නිරාවරණය වී ඇති අග කොටසේ තවත් පයිප්පයක් සම්බන්‍ධ කළ හැකි ලෙස  කට්ට කපා ඇත. අත්තිවාරම කපද්දී පයිප්පයේ පිපිරීම් කිහිපයක් ද නිරීක්‍ෂණය විය.
 
මෙය, යටත්විජිත සමයේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ හිග්ගස්හේන බඩු ගබඩාව පිහිටි ස්ථානය අසළ, පෙත්තාවිලේ නැගෙනහිර කොටසේ ජලය බැසයාමට මීට වසර 100කට පෙර ඉදිකරන්නට ඇති ජලය බැහැර කරන වාරි මාර්ගයකට යෙදූ බෝක්කුවක පයිප්පයක්දැයි සැකයක් ඇති බව ප්‍රදේශයේ වැඩිහිටියෝ කීහ.

 



අදහස් (4)

අවුරුදු 100ක් පැරැණි බෝක්කුවක් කුරුවිටෙන් සොයාගනී

Ruwan Sunday, 23 August 2020 01:09 PM

මේක රාවණාගේ කාලේ එකක් බව මගේ අදහසයි.

:       55       3

Perera Sunday, 23 August 2020 07:15 PM

ඕකට භුවනකභාහු රජතුමා සම්බන්ධ නැතුව ඇති නේද.?

:       0       11

chandima Sunday, 23 August 2020 10:51 PM

අවුරුදු 100ක් කියන්නේ ඒ තරම්ම පැරණි කාලයක් නෙවෙයිනේ.?

:       0       8

පරනවිතාන Monday, 24 August 2020 01:07 AM

හා හා ඕකට අත තියන්න එපා ! වහාම සංරක්ෂණය සදහා භාර දෙනු.!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 71 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 284 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 185 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 367 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1415 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 3126 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1922 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site