(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පාර්ලිමේන්තුව අප්‍රේල් 8, 9 සහ 10 යන දිනවල රැස්වීමට තීරණය වී තිබේ.
අප්‍රේල් 8 වැනි අගහරුවාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ. අනතුරුව ප.ව 5.30 දක්වා අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත.
අප්‍රේල් 9 වැනි බදාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 - පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව 10.30 සිට පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
ඉන්පසු පෙ.ව 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ. අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව ඇත.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ.
අප්‍රේල් 10 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වෙයි.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආනයනික කිරිපිටි මිල ලබන අප්‍රේල් මස 1 වනිදා සිට සියයට 4.7 කින් ඉහළ දැමීමට තීරණය කළ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සමූහයේ ප්‍රධානියෙවක් ‘ලංකාදිප’යට පැවසීය.
පුත්තලම තුනේ කණුව ප්‍රදේශයේ සත්ව ගොවිපොළක සේවය කරමින් සිටි තරුණයකු විදුලි සැර වැදී අද(18) මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
බුද්ධගයාවේ පාලනය, සම්පූර්ණයෙන්ම බෞද්ධ මණ්ඩලයකට භාරදෙන මෙන් ඉල්ලා, මහාබෝධි විහාරය අසල ආරම්භ කර ඇති උපවාසය දිගටම පැවැත්වෙන බවත්, ඉන්දියාවේ බෞද්ධ භික්ෂ
ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී, අපරාධ චෝදනා ලැබ සිටි ඔහුගේ පුතු හන්ටර් බයිඩන් ද ඇතුළු ඔහුගේ හිතවාදීන් පිරිසකට ජ
මින්නේරිය , මිනිහිරිගම කඩ කාමරයක බිත්තියක් වන අලියකු පෙරැළීමෙන් කඩකාමරයේ නිදා සිටි කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අවුරුදු කටේ දින තුනක් පාර්ලිමේන්තුව රැස් වෙයි