IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අවුරුදු නැකතටත් නැකත් කරුවෝ හැපපෙති

(යොහාන් භාසුර)

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද (2024) වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව ඉදිරිපත් කළ නැකැත් අසුබ යැයි පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කළ ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය විකල්ප නැකැත් ලැයිස්තුවක් අද ඉදිරිපත් කළේය.

එම කණ්ඩායම ‘ජාතික නැකැත් කමිටුව’ ලෙස නව සංවිධානයක් ලෙස එම නව නැකත් ඉදිරිපත් කිරීම කැපී පෙනුණි.

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව රාත්‍රී කාලයේ ඉදිරිපත් කළ නැකැත් රටට අසුබ බවට ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අවස්ථා කිහිපයකම ප්‍රකාශ කළ අතර රාත්‍රී නැකැත් වෙනුවට පෙරවරුවේ නැකැත් ඇතුළත් කරමින් විකල්ප නැකැත් සීට්ටුවක් එම කණ්ඩායම ඉදිරිපත් කළේය.

මෙවර අලුත් අවුරුද්ද අප්‍රේල් මස 13 වැනිදා අපරභාග 9.05 ට ද, පුණ්‍ය කාලය හෙවත් සංක්‍රාන්ති කාලය අප්‍රේල් 13 වැනිදා අපරභාග 2.41 සිට 14 වැනිදා අළුයම 3.29 දක්වා පවතින බව ද එහිදී ප්‍රවීණ ජ්‍යෙතීර්වේදී ජනක මාධව නවරත්න මහතා පැවසීය.

ලිප ගිනි මෙලවීම සහ ආහාර පිසීම අප්‍රේල් මස 14 වැනිදා පුර්වභාග 6.17 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා කිරීම සුදුසු බවත් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය එදින පූර්වභාග 7.07ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී කළ යුතු බව ද නවරත්න මහතා කීය.

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව ලිප ගිනි මෙළවීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය යන චාරිත්‍ර ඉටුකිරීම සඳහා නැකැත් අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා රාත්‍රී 11.00 ත් අලුයම 1.00 ත් අතර කාලය තුළ යෙදී තිබේ.

කෙසේවෙතත් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් අසුබ යැයි නව නැකත් ඉදිරිපත් කළ කණ්ඩායම කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් එම නැකැත් වේලාවන් ජ්‍යෝතිර් ශාස්ත්‍රයට අනුව නිවැරදිව සකස් කර ඇති බවත් රාජ්‍ය නැකැත් කමිටුව පසුගියදා පැවසීය.

 



අදහස් (18)

අවුරුදු නැකතටත් නැකත් කරුවෝ හැපපෙති

ටිකිරි Friday, 22 March 2024 01:50 AM

නැකත් කාරයෝ කියන්නේ මොළේ තියෙන මිනිස්සු ජාතියක් නෙවෙයිනේ. මොළයක් තියෙන මිනිස්සු නන් හරි හමන් රස්සාවක් තෝරාගනියි නේ. ඉතිං ඔය උන්දලා කියන ඒවා ගැන වද වෙන එකේ තෙරුමක් නෑ. ලංකාව කවදත් නැකතටම වැඩ කරලා කොහොමද දැන් අම්මට සිරි වෙලා දත් ඇන්ද රිවට් වෙලා ඉන්න විදිහ.

:       1       11

Siri Friday, 22 March 2024 03:55 AM

අපි අවුරුදු කීයක් නම් ඔය නැකත් බලාගෙන වැඩ කරලා තියෙනවද ? ඒ වුණාට ඒවායින් කපුවෝ පොහොසත් වුණා මිස රටට හෝ ජනතාවට හෝ වෙච්ච සෙතක් පෙනෙන මානෙකවත් නෑ නේද ? දැන්වත් ඔය මිත්‍යා විශ්වාස අතහැර මොලේ පාවිච්චි කරන්න පුළුවන් දෙයයක් කරමුද ?

:       0       9

අපකීර්ති වර්ණකුලසූරිය Friday, 22 March 2024 04:55 AM

මෙය විසඳා ගැනීමට ඉතා පහසු මගක් තියෙනවා. මෙච්චරයි කරන්න ඕනේ. පළමුව හිස් බිමක ලොකු වලක් සදාගත යුතුයි (අඩි 15 ක් වත් ගැඹුර. මීටර 50ක වත් විශ්කම්භය ඇති. ඔය වල අතුළට ඔක්කෝම ජ්‍යොතීර්වේදීන් දමා සටන් කරන්න කියන්න. ඕනෙ නම් ආයුධත් දෙන්න පුළුවන්. අවසානයේ ඉතිරි වන කෙනා එළියට අරගෙන එයගෙන් නැකත ගන්න. සරලයි.

:       0       5

කසුන් Friday, 22 March 2024 05:37 AM

නැකැත් පත්තරේ විසිකරලා සාමාන්‍ය විදිහට කාලා බීලා ඉන්න. තමන් ගැන විශ්වාසේ තියලා මහන්සිවෙලා වැඩ කරන්න. අනුන්ට ‌කෙළවන්න යන්නේ නැතුව සැලැස්මක් ඇතුව එකඑකාට කඩේ නොයා ඉන්න. කිරි උතුරනවා මේ අවුරුද්දේ සත්තයි.

:       0       12

Nimal Friday, 22 March 2024 06:09 AM

මෙවන් ප්රෝදා වලට මුලාවෙන ජනතාව තවමත් අප අතර සිටිනවානේ

:       0       5

gayan Friday, 22 March 2024 06:10 AM

අවුරුදු 2500 නැකතට කොරලා හරි ගියාද

:       1       4

සෙනෙවිරත්න Friday, 22 March 2024 07:48 AM

මේකෙන්ම ඔය නැකත් කියන එකේ හෙලුව පේනවනේ. රාහුකාල අල්ලල වැඩ කරන අය ගුවන්යානා වලට නගින්නෙ රාහුකාලය මඟ හැරලද කියල දැනගන්න කැමතියි.

:       1       7

සචින්තFriday, 22 March 2024 06:25 PM

සෙනෙවිරත්න මැතිතුමා රාහුකාලය සෑම දෙනාටම එකවගේ අසුබ වෙන්නේ නැහැලු. කෙනෙක් රාහුගේ මහදශාව ගතකරනවා නම් ඔහුට හෝ ඇයට රාහුකාලය ගැටලුවක් වෙන්නේ නැහැ කියලා අහන්න ලැබුණා. සාමාන්‍යයෙන් සඳුදා උදේ 7.30 සිට 9 දක්වා රාහු කාලය තියෙනවා කියලා ජනතාව අදහස් කරනවා. උගතුන් නොවුණත් ඒක සාමාන්‍ය ජනතාව පිළිගත් මතයක් වෙනවා. ඉතින් සඳුදා රාහුකාලය වෙලාවේ උදේ 8 සිට 9 දක්වා ගුරු හෝරාව තියෙනවා. ඉතින් ගුරු හෝරාවේ මුල් විනාඩි 24 අශුභයි කියන්නේ කොහොමද? ඒක නිසා ගල් දහයක් ගහනකොට එකක් වත් වඳිනවා වගේ රාහුකාලයේ කරන වැඩත් හරියන්න පුළුවන් කියලා හිතෙනවා...

:       0       0

සෙනෙවිරත්න Friday, 22 March 2024 07:50 AM

ඔය නැකතට වැඩ කරලා රටට කිරි උතුරල අපි ඒ කිරි ගංගාවේ ගිලිලා ඉන්නේ. දැන්වත් ඔය මල විකාර නවත්වලා තම තමන් කැමති විදියට සමරමු, පැරණි සම්ප්‍රදායට ගරුකරන්න ඕනම නම්.

:       0       6

Jima Friday, 22 March 2024 09:10 AM

මොන විහිළුද මේවා. මීට කලින් අවුරුදු වල නැකතට වැඩ කරල රටට හරිගිහින්ද තියෙන්නේ? හරි නැකතට වැඩ කරලා හරිගියෙත් නැත්තන් වැරදි නැකතට වැඩ කරලා අමුතුවෙන් වරදින්නේ කොහොමද? නිකන් මිත්‍යාව සමාජ ගත කරන්ඩ කරන වැඩ. කාටත් පලක් නැහැ

:       0       17

vernonFriday, 22 March 2024 10:08 AM

ඇත්තට? අවුරුදු 75ක් තිස්සේ ළමයි දෙමව්පියන්ට වඳිනවා. කෝ රට හැදුණාද? ඒ හින්දා වෙන කෙනෙකුට වැඳලා බලමු. අවුරුදු 75ක් තිස්සේ කන්න කලින් අත හෝදනවා, කෝ රට හැදුණාද? ඒකත් නවත්තමු. ලංකාවේ මිනිස්සු වැසිකිළියට ගිහිල්ලා හෝදනවා. සුද්දො පිහදානවා. සුද්දො ඉන්න රටවල් දියුණුයි. ඒ හින්දා ඒකත් කරලා බලමු.

:       9       1

Vernon's MomFriday, 22 March 2024 11:00 PM

අන්න මේ වගේ ඕනෑ දේ මොකක්ද? එපා දේ මොකක්ද? තේරුම් ගන්න බැරි මෝඩයින්ට තමයි හැම එකටම නැකතක් ඕනෑ...

:       0       1

hemantha Friday, 22 March 2024 10:31 AM

බඩගිනි වෙලාවට කාපල්ලා. පුළුවන් වෙලාවට වැඩකරපල්ලා. ඕක තමයි නැකත.

:       0       1

සුදර්ශී Friday, 22 March 2024 10:44 AM

මෙහෙම කණ්ඩායම් දෙකක් අදහස් ඉදිරිපත් කරනකොට අපි අවුරුදු නැකැත් ගන්නෙ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇතිවෙනවා ඒක අපිට ප්‍රශ්නයක් නිසා මම දන්න අදුනන කෙනෙක් ගෙන් පැරණි පංචාංග ලිත් කීපයක් හා මේ වසරේ ලිත ඉල්ලා ගත්තා එහිදී මම දැකපු දෙයක් මේ ඉදිරිපත් කරන්නෙ 1950 නැත්නම් ශකවර්ෂ 1872 අවුරුද්දේ පුන්‍ය කාලය තිබුනෙ අප්‍රේල් 13 සවස 2.56 සිට එදින රාත්‍රි (14අලුයම )3.44 දක්වා කාලයේ තමයි 2024 වසරේ පුන්‍ය කාලය තියෙන්නෙ අප්‍රේල් 13 සවස 2.41 සිට (14අලුයම)රාත්‍රියේ 3.29 දක්වා කාලයේදී ඉතින් පුන්‍ය කාලය සමාන කාලයේ තියෙනවා ඊළඟට ආහාර අනුභවය කොහොමද බැලුවොත් 1950 අප්‍රේල් 14 උදේ 8.34 ට තිබියදී 2024 වර්ෂයේ ආහාර අනුභවය අප්‍රේල් 13 රාත්‍රියේ 12.06 ට යොදාගෙන තියෙනවා නැකත කොහොම වුනත් මධ්‍යම රාත්‍රියේ ආහාර අනුභව කිරීම චාරිත්‍රයක් හැටියටවත් කරන්න බොහෝ දෙනෙක් කැමති නැහැ 1950 කාලයේ වුනත් රාත්‍රියේ කිරිබත් පිසින්න කියලා තිබුනත් උදේ වරුවේ මිස රාත්‍රියේ කිරිබත් අනුභව කරන්න ජනතාවගේ කැමැත්ත නැහැ කොහොම වුනත් ඔය කියන දෙගොල්ලම මම ඉදිරිපත් කල අවුරුදු දෙකක නැකැත් වෙනසක් වුනේ කොහොමද පැහැදිලි කරනවානම් ඉතාමත් හොදයි

:       2       6

Jayasekara Friday, 22 March 2024 11:02 AM

මේ යන විදිහට කොහොමත් කවදත් අපිට අපලයි. අමුතුවෙන් අසුභ වෙන්න දෙයක් නැහැ.

:       0       6

අරවින්ද මොනරවිල Friday, 22 March 2024 11:36 AM

රාජ්‍ය නැකත් කමිටුව අනවශ්‍ය ආකාරයට ජ්‍යෙතිශය යොදාගන්නා බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ, දැන් නවීන ලෝකයට හා කාර්ය බහුල සමාජයකට ගැලපෙන ආකාරයට නැකත් හා අවුරුදු චාරිත්‍ර සැලසුම් කරන්න තරම් නිර්මාණශීලී විය යුතුයි. මොකද දැන් අලුත් පරම්පරාව අවුරුදු චාරිත්‍ර ඉටු කරන්නේ ඒවා කෙරෙහි පවතින දැඩි විශ්වාසයකට වඩා අපේ පාරම්පරික උරුමයන් කෙරෙහි තිබෙන ලැදියාව නිසායි.

:       0       8

ජයශාන්තFriday, 22 March 2024 01:22 PM

ඔබ හරි සාමාන්‍යයෙන් නැකතක් ගන්නවා නම් එම වේලාව අදාල ප්‍රදේශයට ඉර උදාව සමග ගැලපීමක් කරන්න ඕන එහෙම බැලුවම ඔය නැකත ප්‍රයෝජනයක් නැහැ එක් එක් තැනට විනාඩියක් දෙකක් වෙනසක් වෙනවාමයි ඒනිසා රටේ ජනතාව එකම වෙලාවෙ එකම දිසාවක් බලා ආහාර අනුභව කිරීම නැකතගැන නොසිතා කරන චාරිත්‍රයක් පමණයි කියලා කියන්න පුළුවන් එහෙම කියන්නෙ එම වේලාවට පවතින නැකත කෙනෙකුට ජන්ම නැකත වෙන්න පුළුවන් තවත් කෙනෙකුට සම්පත් නැකතක් වෙන්න පුළුවන් .තවත් කෙනෙකුට විපත් වෙනවා .එම නිසා මේ කරන්නෙ අවුරුදු චාරිත්‍රයක් ඉටුකිරීමක් පමණයි කියලා පැහැදිලි වෙනවා

:       0       1

Gamage Friday, 22 March 2024 04:06 PM

ඕකට ගහමරා ගන්න ඕනේ නෑ. රෑ නැකතට බීලා උදේ නැකතට කමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 608 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 232 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1339 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2557 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 209 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1495 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38620 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site