(මොහොමඩ් ආසික්)
ශ්‍රී ලංකවේ වයස අවුරුදු පහට අඩු දරු දරුවන්ගෙන් සියයට 15 කගේම උසට සරිලන බර නොමැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආහාර හා තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සෞමාලි දවුන්ඩසේකර මහත්මිය ප්‍රකාශ කළාය.
අපි ආහාර ගන්නේ නිකම් බඩ පිරෙන්නම විතරක් නෙවෙයි. ආහාරවලින් අපේ ශරිරයට අවශ්‍ය ශක්තිය ලැබෙන පෝෂණය ලැබෙන්න ඕන. අපේ ශරීරයේ අවයව ක්‍රියාත්මක වීමට අවශ්‍ය විටමින් වර්ග ඛණිජ වර්ග ඇතුළු සියලු දේ ලබා දෙන්නේ අපි ගන්නා ආහාරවලින්.
අපි ගන්නා ආහාරවල පෝෂණය නිසි ලෙස නොතිබුණොත් විවිධ ලෙඩ රෝගවලට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඌණ පෝෂණය. කුඩු දරුවන් අවශ්‍ය ප්‍රමාණයට පෝෂණය ලබා නොගත්තොත් වයසට සරිලන උසක් නැති වෙන්න පුළුවන්.
ශ්‍රී ලංකවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට නවයක්ම වයසට සරිලන උසක් නෑ එයට අමතරව අවුරුදු පහට අඩු දරුවන් අතර වයසට අවශ්‍ය බර නොමැති දරුවන් සියයට 10 ක් සිටිනවා. එයටත් අමතරව උසට සරිලන බරක් නොමැති දරුවන් සියයට 15 ක් වයස අවුරුදු පහට අඩු දරුවන් අතර සිටිනවා.
කුඩා දරුවන් තමයි රටේ අනාගතය වෙන්නේ දරුවන් අතර නිසි පෝෂණයක් නොමැති වුවොත් ඒකේ අනිසි විපාක තව අවුරුදු 10 ක් 15 ක් යද්දී දැක ගන්න පුළුවන් වෙයි. යැයිද ඇය මෙහිදි සඳහන් කළාය.
ආචාර්ය සෞමාලි දවුන්ඩසේකර මහත්මිය මේ බව ප්‍රකාශ කළේ මහනුවර ගෙලිඔය ඹුරුතගහමුල පැවැති වැඩසටහනට ප්‍රධාන දේශණය පවත්වමිනි.
කොළඹ ගම්පහ මහනුවර ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලින් තෝරා ගත් අඩු පෝෂණයක් සහිත දරුවන්ට රුපියල් කෝටි දෙකක් ඩයමන්ඩ් කිරි පිටි පැකට් 18,750 ක් බෙදා දිම සඳහා මෙම උත්සවය මේ බව කීවාය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින ගිගුරුම් සහිත තද වැසි එළැබෙන 16 සහ 17 යන දින දක්වා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තවේ ජ්‍යෙෂ්ඨ කාළගුණ විද්‍යාඥ මලිත්
ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14)
සුරාබදු බලපත්‍ර නොමැතිව බත්තරමුල්ල හා තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා රටබීම ලීටර 793 ක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබ
මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.
රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ සමාජ ආර්ථික වැඩපිළිවෙලම බව හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිර
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘‘අවුරුදු පහට අඩු දරුවනට හරියට පෝෂණයක් නෑ‘‘
Asela Tuesday, 22 August 2023 08:45 AM
පොඩි ළමයි ඉන්න මාස් පඩි කාරයෝ දැන් ලංකාවේ කොහොම ජිවත්වෙනවද දන්නේ නැහැ , පඩිය 2020 ලැබුන ගාන මයි ,හැබැයි රට බංකොලොත් උනාට පස්සේ ජිවන වියදම 2020 ට වඩා 4 ගුණයකින් විතර වැඩිවෙලා , ඒට අමතරව රනිල්ගේ ඉවක් බවක් නැතිව විදුලි බිල් ,ජලබිල් , පෙට්‍රල් ඩිසල් වැඩි කිරීම් , බදු වැඩිකිරීම ...මේ හැම දෙයක්ම අමාරුවෙන් ජිවත් උන පොඩි මිනිහගේ ඔලුවට් තමයි දාල තියෙන්නේ
wedage Tuesday, 22 August 2023 09:49 AM
ඔබ තුමියට ස්තුතියි අවුරුදු පහට වැඩි අයටත් පෝෂණය හොඳටම අඩුයි
චන්දන Tuesday, 22 August 2023 06:27 PM
ඒ වුණාට උද්ධමනය ලෙල්ලටම බැහැලාලු. මෙච්චර අඩුවට නිකං දෙන ගානට බඩු මිල අඩුවෙලා තියෙද්දී ආණ්ඩුව අමාරුවේ දාන්න දෙමාපියන් තමන්ගේ ළමයින්ට කන්න දෙන්නේ නැහැ කියලා දැං කවුරු හරි කියයි...
Nimal Tuesday, 22 August 2023 06:50 PM
බලාගෙන, ඕවා කියන්න කළින් අර සෞඛ්‍ය ඇමැතිගෙන් ඇහුවද? හරිද කියලා..