IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අවුරුද්දකදී පිළිකා දරුවෝ 900ක්

(සුජිත් හේවාජුලිගේ )

වර්ෂයකදී වාර්තාවන ළමා පිළිකා රෝගීන් සංඛ්‍යාව 900ක්  දක්වා වාර්තාගත ලෙස ඉහළ නැග ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා  ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය

වසරකදී පිළිකා රෝගී දරුවන් මීට පෙර  වාර්තා වූයේ  450ක පමණ සංඛ්‍යාවක්   බවද  ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම ජංගම දුරකතන වලට ඇබ්බැහිවීම හේතුවෙන් ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම  පිළිකා ඇතුළු බෝ නොවන රෝග  ඇතිවීම වැඩිවීමට එක් හේතුවක් බව  පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ලියුකේමියාව සහ මොළේ පිළිකා දරුවන් අතර අද බෙහෙවින් වැඩිවී ඇති බවද ප්‍රකාශ කළේය.

ලෙඩ රෝග වලින් මුදා ගැනීමට නම් පැණි බීම කෙටි කෑම වැනි දේවලින් දරුවන් ඈත් කර තැබීම වැදගත් බවත් විශේෂයෙන්ම දරුවන්ට අවුරුදු දෙකක් යනතුරු මව්කිරි ලබාදීම පිළිකා වලින් මිදීමට ඇති හොඳ මාර්ගයක් බවත් ඔහු සඳහන් කළේය.

 



අදහස් (4)

අවුරුද්දකදී පිළිකා දරුවෝ 900ක්

Nihal Sunday, 04 February 2024 03:06 PM

කඩවලින් අජිනමොටෝ දාපු කෑම, කෙටි ආහාර, කොත්තු, බත්, වෑංජන ඔක්කෝටම දානවා.. ඒවා අරං දීලා දරුවෝ මරනවා...!

:       0       7

චින්තක Sunday, 04 February 2024 03:07 PM

ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක් කියන්න පුළුවන්... මම දවසක් කොළඹ සිට බසයක හිටගෙන එනවිට සෑම අසුනකම සිටි සියලු දෙනාම ජංගම දුරකථන මගින් විවිධ කටයුතු කළ කෙනෙක්... ඒක දෙසවනටත් සම්බන්ධ කරගෙන හිටියා. ඉතින් ඒ හේතුව නිසා හිටගෙන හිටපු මමත් ඉතාමත් අපහසුතාවට පත්වුනේ ඇස්වලට විවිධ පැතිවලින් ලැබෙන ආලෝකය නිසා තමයි.. ඒ වෙලේ මම දුරකථනය පාවිච්චියට නොගෙන එහෙම අපහසුතාවට පත්වුණා නම් යම්දිනක බොහෝමයක් දෙනා ඇස්, කන් ආශ්‍රිතව අසනීපවලටත් ලක්වෙලා ආබාධිත පිරිසක් රටේ ඇතිවේද කියලා මට දුකකුත් ඇතිවුණා..!

:       0       2

Joe Shepherd Sunday, 04 February 2024 07:04 PM

රෝග ඇති වෙන්නේ කර්මය නිසා...!

:       6       1

චිරන්ත Monday, 05 February 2024 06:08 AM

අපේ දහම අනුව කිසිවක් කර්මය අනුව වෙන්නෙ නැහැ .තම තමන් කරන ක්‍රියාවන් හේතුවෙන් සියලු දේ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙන්නෙ. මේ වාර්තාව අවසන් ඡේද දෙකෙන් දොස්තර මහතා කියලා තියෙනවා රෝග ඇතිවෙන්නෙ කොහොමද කියලා. ඒක කර්මය කියන්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 106 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 368 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 221 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 521 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 390 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1153 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site