IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අව්වයි - වැස්සයි තේ වතු වනසයි

(ප්‍රියන්ත දසනායක)

මාසය හයකට අධික කාලයක් පැවැති වර්ෂාවත් මාසයකට අධික කාලයක් පැවැති වියළි කාලගුණයත් හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ තේ අක්කර 3000ක් පමණ විනාශ වී ඇතැයි කුඩා තේවතු හිමියෝ පවසති.

මේ වන විට කුඩා තේ ඉඩම්වල තේ දළු ඵලදාව ද ඉතා සීඝ්‍රයෙන් පහත වැටීම නිසා තේ දළු නෙලන්නියෝ ද දැඩි අපහසුතාවයට පත්ව ඇත.

නිල්වලා ගඟේ ලවන බාධකය නිසා ජලය බැස නොගිය නිසා තේ ගස් විනාශ වෙද්දී පොහොර ගැටළුවත් අධික වියලි කාලගුණයත් නිසා ඉතා සීඝ්‍රයෙන් තේ ගස් විනාශ වී ගොස් ඇති අතර දළු අස්වැන්න අඩුවීමෙන් දළු නෙලන්නට දෛනික කුලී ගෙවීමට නොහැකි වී ඇති බව කුඩා තේ ඉඩම් හිමියකු වන අකුරැස්ස පරදුව ඥාණසිරි සමරවික්‍රම මහතා පවසයි.

දිනපතා රැකියාව කළ තමාට දැන් සතියකට එක් දිනක වරුවකට රැකියාව සීමා වීමෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ජනජීවිතයට බාධා එල්ල වී ඇති බවද ජීවත් වීමට තිබූ එකම ආදායම් මාර්ගය නතර වී තිබියදී සමෘද්ධි හා අස්වැසුමත් නතර කිරීමෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ඇතැයි ප්‍රදේශයේ තේ දළු නෙලනනියක වන නාලනී ලියනගේ මහත්මිය පැවැසුවාය.



අදහස් (3)

අව්වයි - වැස්සයි තේ වතු වනසයි

තෙපානිස් Monday, 26 February 2024 06:56 AM

මේ ඉඩම්වල සෙවනට සිටුවන දකුණේදී මකුලතා ලෙසත් තවත් ප්‍රදේශයක ලාඩප්පා ලෙසත් හදුන්වන සෙවන ගස් දකින්නට නැහැ ඒකත් වියලීම වැඩිවීමට හේතුවක් වෙන්න පුළුවන් තේ වැවීමට අවසර ගන්න තිබුන කාලයේ කාණු කැපීම පාරවල් සැකසීම ගල්වැටි දැමීම කලත් දැන් කාලයේ ඒවා ගැන කිසිම හැගීමක් නැහැ එයින් භූමිය නාස්ති වෙනවා කියලා මතයක් සමහරුන්ට තියෙනවා මම හිතන්නේ ඔය ආකාරයට වියලීමට ඒවා හේතු වෙනවා කියලා තමයි කොහොම වුනත් තියෙන පෝර වර්ග ගැන සතුටු වෙන්න බැහැ

:       0       8

සෙනෙවිරත්න Monday, 26 February 2024 07:07 AM

මේවට උපදෙස් දෙන්න කෙනෙක් නැහැ, සමිති අටවගෙන ඒවට යන උන්ට විතරයි දෙනවනම් දෙන්නෙ. තේ පරීක්ෂකල ඉන්න වගක් නැහැ. රටට ඩොලර් ගේන බව මුන්ට අමතකයි.

:       0       5

Chaminda Monday, 26 February 2024 11:56 AM

සහතික ඇත්ත මම හොඳින්ම දන්න අඳුනන කෙනෙක් ඔහුගේ නිවසට ආසන්නම (නිවසේ සිට කි.මී එකක් පමණ දුරක) තේ පරීක්ෂක හමුවෙන්න ගිහිල්ලා තියෙනවා. වවන්න තියෙන ඉඩම කොහේද අහලා එහාට යන්න කියලා. ඒත් මම නාඳුනන පරීක්ෂක මහතෙකුට දුරකථන මගින් කතාකළා.. ඔහු ඉතාමත් දුර බැහැරකට මාරුව ගියනිසා අවශ්‍ය උපදෙස් දුන්නා... ඒත් බලන්න එන්න වේලාවක් නැහැ කිව්වා. මට ගිරව් දෙන්නාගේ කතාව මතක්වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 281 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 919 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 48 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1769 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6305 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1849 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site