IMG-LOGO

2025 ජනවාරි මස 04 වන සෙනසුරාදා


අවුරුද්ද සුබ වෙන්න ඔක්කොම එකට වැඩ කරමු

(අංජුල මහික වීරරත්න)

රට ගොඩනැගීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කළොත් අලුත් අවුරුද්ද සුබ වනු ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් පැවසීය.

ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය.

අපේ රාජ්‍යයේ ප්‍රධාන අරමුණු තුනක් කේන්ද්‍ර කරගෙන වැඩ කරනවා.දුප්පත් බවින් අප රටේ පුරවැසියන් මුදා ගැනීම මෙන්ම ආර්ථික ප්‍රතිලාභ  ගමට ගලාගෙන යන ක්‍රමයක් අප ගොඩ නගනවා.ලබන අයවැය දුප්පත් කම තුරන් කරන වැඩසටහනක් මෙහෙයවන ආරම්භයක් බව කිව යුතුයි.

දෙවනුව අප මේ රටේ ඩිජිටල්කරණයට ලක් කරනවා.පුරවැසියා සහ රාජ්‍ය අතර බැඳීම එයින් ශක්තිමත් කරන්නට හැකියාව ලැබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා යනු පරිසර පද්ධතියේ පිරිසිදු කිරීම පමණක් නොවේ.ගරා වැටුණු සමාජ දේහය මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමයි.

අපේ පිහිටීම ඉතා වැදගත්.අපේ රටේ පරිසර තත්වය ඉතා ඉහළයි.නමුත් සිදුවී ඇත්තේ කුමක්ද?අලි මිනිස් ගැටුමෙන් ජනතාව මැරෙනවා.අලි මැරෙනවා.ඒ නිසා අප යළි පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කළ යුතුව තිබෙනවා.

අපේ පුරවැසියන්ට වටිනාකම් මෙන්ම නව හර පද්ධතියක් අවශ්‍යයි.පළමු කොටම තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳ වටිනාකමක් අවශ්‍යයි.

මේ සමාජය යළි සුවපත් කළ යුතුයි.නීතිය ගැන නොව පළමුවෙන්ම පුරවැසියන් ගැන අප විශ්වාසය තබනවා.පුරවැසියන් එය නොකරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කරනවා. 

අපේ රටේ පුරවැසියන්ට වස විසින් තොර ආහාර වේලක් ලබාදීමේ වගකීම රාජ්‍යයට තිබෙනවා. අප එය ඉටු කරනවා. පොදු දේපළ ආරක්ෂා කිරීම සඳහා ජාතිය පෙළ ගැස්විය යුතුව තිබෙනවා.ජාතික වත්කම් රැකීමට සියලු දෙනාට හැඟීමක් තිබිය යුතුයි.හැම පුරවැසියාම තමන්ට පැවරී තිබෙන වගකීමට වගකිව යුතුයි.කිසිවෙක් තමන්ගේ වගකීමේ බර නොසලකා හරින්නේ නම් මේ සමාජ දේහය කඩා වැටෙනවා.

වගකීමට වග වෙන්න උත්සාහ කරන්නැයි අප රාජ්‍ය සේවයෙන් ඉල්ලා සිටිනවා.මේ වන විට බොහෝ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් ස්වෙච්ඡාවෙන්  වැඩ කරනවා.මගේ උපදේශකයන් තිදෙනාම රජයෙන් රුපියලකවත් වැටුපක් නොගෙන වැඩ කරනවා.

අපට නැගිටින්න අවස්ථාව ලැබී තිබෙනවා.එය අවසන් අවස්ථාව යැයි මා කියන්නේ නැහැ.මේ අවස්ථාව අත්හරිනවාද නැතිනම් දැඩිව ග්‍රහණය කොට ගෙන අපේ රට ජාතිය නගා සිටුවීම සඳහා තම කාර්යභාරය ඉටු කරන්න සූදානම් දැයි මා අසනවා.

මේ එක් දේශපාලන උත්සාහයක් නොවේ. සාමූහික උත්සාහයක්. කවදාවත් ජනතාව එකට නැගිටින්න සූදානම් නැත්නම් මේ අභියෝගයෙන් ගොඩ එන්න හැකියාවක් නැහැ.අපි එකම ශ්‍රී ලංකාවේ ඉපදුණු මිනිසුන් ලෙස මේ රට ගොඩනඟමු.

මේ වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණයි. ක්ලීන් ශ්‍රී ලංකා යනු අවසන් වන ව්‍යාපෘතියක් නොවේ නැවත නැවත අලුත් වන වැඩසටහනක්.සමාජය දිනෙන් දින නගා සිටුවන වැඩසටහනක් යැයිද ජනාධිපතිවරයා කීය.

 

 



අදහස් (2)

අවුරුද්ද සුබ වෙන්න ඔක්කොම එකට වැඩ කරමු

Jamal Wednesday, 01 January 2025 11:35 AM

හරියට හරි. වැඩකරමු. පච කීම නවත්තමු...

:       1       17

Lucky M USA Thursday, 02 January 2025 01:33 AM

දියුණුව කියන්නේ සහ දියුණු තියෙන්නේ මිනිස්සු මත මිස අර 226 අතර නොවේ

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

වයිරස ව්‍යප්තිය ගැන බියක් එපා - චීනය
2025 ජනවාරි මස 04 267 0

චීනයේ පැතිරෙන, වයිරස උණ රෝගය සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, එය කලබල වීමට හේතුවක් නොවන බවත්, ශීත කාලය උදාවීමත් සමඟ, මෙවැනි වයිරස පැතිරීම, සා


කැලයට ගිය ඔයාමඩුවේ ගබඩා සංකීර්ණය
2025 ජනවාරි මස 03 1065 0

පසුගිය 2012 වසරේදි “දැයට කිරුළ” වැඩ සටහනට සමගාමිව මහවිලච්චිය , ඔයාමඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති ගබඩා සංකීර්ණය නිරික්ෂණය කිරිම සඳහා වෙළඳ, වාණිජ , ආහාර සුරක්ෂිත


හිටපු ඇමැති ගොවි බැංකුවෙන් මිලියන හතරකට විදලා
2025 ජනවාරි මස 03 1459 0

ගොවී නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ව්‍යාජ ලෙස පවත්වාගෙන ගියා යැයි කියන සංවිධානයක මුවාවෙන් , හිටපු ඇමතිවරයකු සහ නිලධාරීන් දෙදෙනකු රුපියල් මිලියන හතරකට ආස


මහනුවර බලා යන දුම්රියක් වලකුඹුරේදී කැඩෙයි
2025 ජනවාරි මස 03 400 0

බෙලිඅත්තේ සිට කොළඔ කොටුව දක්වා පැමිණ යළි මහනුවර බලා ගමන් ගත් සීඝ්‍රගාමි දුම්රිය වලකුඹුර සහ පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථාන අතර අද (3) රාත්‍රි කාර්මිකදෝ


ජනතා සේවයට ඇති මුදල් ජනතාවට වියදම් කරන්න
2025 ජනවාරි මස 03 609 0

ජනතා සේවයට වෙන්කරන මුදල්වලින් සියයට 30 ක් 40 ක් නැවත භාණ්ඩාගාරයට හරවා යවන ක්‍රමය නතර කර ජනතාවගේ සංවර්ධනයට මුදල් යොදවන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් මහජන


ජාජබ මන්ත්‍රී නිහාල් අබේසිංහගේ නිවස හොරු බිඳියි
2025 ජනවාරි මස 03 3234 0

ජාතික ජනබල වේගයේ ප්‍රධාන ලේකම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ හොරණ ඉලිබ අත්කම් නිවාස සංකීර්ණය පිහිටි


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 400 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 203 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 188 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site