(රෝෂන් තුෂාර)
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංශුබෝධ මාරසිංහ මහතාගෙන් කප්පම් ඉල්ලීමකට අදාල අපහාසාත්මක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ(මුහුණු පොත) ප්‍රචාරය කිරීම වලක්වාලමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අංශ නිලධාරියකු ඇතුළු සිව් දෙනෙකුට කොන්දෙසි සහිත වාරණ ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද(06) නිකුත් කළාය.
ආංශු මාරසිංහ මහතා විසින් 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත ආඥාව ලබන 20 වෙන දින දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කළාය .
විදේශ සේවා කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ ජයන් චානක පතිරණ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විනය පාලක අංශයේ චන්ද්‍රගුප්ත මහානාම, පෞද්ගලික ආපන ශාලාවක ආයතනයක හිමිකරුවකු වන නවීන් කනිෂ්ක ප්‍රනාන්දු, ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක කළමනාකරුවකු වන දුලාජ් වීජේකොන් සහ යන වගඋත්තරකරුවන්ට ලබන 20 වෙන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කළාය.
පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ. චමින්ද අතුකෝරල මහතා පෙනී සිටිඅතර නඩුවට පදනම් වූ වීඩියෝ පටයක තිර උපුටනයක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ වගඋත්තරකරුවන් විසින් දේවේශසහගත ලෙස හා වෛරී සහගත ලෙස අන්තර්ජාලය ,මුහුණු පොත සහ වට්සැප් යන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අදාළ ප්‍රකාශ බෙදා හැර ඇති බවය.
අදාළ වීඩියෝ පටයට එරෙහිව පැමිණිලිකරු විසින් රහස් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව වනිතා ආදර්ශනී නමැති සැකකාරියට එරෙහිව රහස් පොලිසිය මගින් නඩු පවරා ඇති බවත්,එකී වීඩියෝ පටිය පසුගිය දෙසැම්බර් 14 වැනි දිනයේ සිට අන්තර්ජාලය ඔස්සේ නැවත ප්‍රචාරය කරමින් සැකකරුවන් විසින් පැමිණිලිකරුගේ කීර්තියට හානි කරමින් සිටින බවත් සඳහන් කළේය.
නීතිඥ කේ.පී.සී එල් කාරියවසම් මහතා මගින් පවරා තිබූ එම පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වග උත්තරකරුවන්ට වාරණ ආඥාවක් හා නොතීසි නිකුත් කරමින් ලබන විසිවෙනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට නියෝග කළාය.
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අංශු මාරසිංහගේ වීඩියෝ පටයක් ප්‍රචාරය කිරීම වලකා වරණයක්
බකල ජයා Monday, 06 January 2025 08:31 PM
මාර අසූචි මහතා යන යන තැන හත්පොලේ ගාගන්නව වගේ. ජොලි සීයගෙ උපදේශක තනතුරටම ගැලපෙනවා.
Perera Tuesday, 07 January 2025 09:12 AM
බලු වැඩ කරන එවුන්ගේ යහපත් කීර්ති නාමයක් කොහෙද තියෙන්නේ ?
Pankumburage Tuesday, 07 January 2025 12:52 PM
අංශු මාරසිංහගේ වීඩියෝ එකක් කිව්වම මට මතක් උනේ වෙන එකක්.
ජිල්බු Tuesday, 07 January 2025 03:30 PM
මට මතක් උන දේම නේද ඔයාටත් මතක් උනේ?