(ෂේන් සෙනෙවිරත්න)
වෙසක් පුන් පොහෝ දිනය ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් කරවීමට පුරෝගාමී වූහිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාට කෘතඥතාවය හිමිවිය යුතු බව වෙසක් දිනක් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ පවසති .
වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස් රාජ්‍යයන් හි ජීවත්වන සියලු සියලු බෞද්ධයන්ට ආගමික වශයෙන් වැදගත් වූ දිනයක් වන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් සිද්ධාර්ථගෞතම නම් වූ බුදුන් වහන්සේගේ උත්පත්තිය බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම සිදු වූයේ වෙසක් පුන් පොහෝ දිනයකම වීම නිසයි .වෙසක් දිනයමුළු ලෝකයටමවැදගත්වු දිනයකි .
වෙසක් දිනය ජාත්‍යන්තර පිළිගැනීමට ලක් කිරීම පිළිබඳවඑක්සත් ජාතීන්ගේ සංවිධානයට අපගේ පුණ්‍යානුමෝදනා ත්මක කෘතඥතාවය පිරිනැමිය යුතුය .ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපටමෙය වඩාත් වැදගත් වන්නේ අපේම කෙනකු විසින් මෙම යෝජනාව ඉදිරිපත් කොට ක්‍රියාත්මක කර ගැනීමට කටයුතු කිරීමයි . දිවංගත අපගේ විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගේ නාමය නොමැකෙන ලෙස ඉතිහාසයේසටහන්ව ඇත්තේ එතුමාගේ ඒ යහපත් ක්‍රියාව නිසාමය .
වෙසක් පුන් පොහෝ දින ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව ආගමික වතාවත්වල නිරත වෙති . සියලු විහාරස්ථානයන්සිල් ඇත්තන්ගෙන්පිරියති . බොහෝ අය ආමිස පූජාවල යෙදෙති . දන්සැල් දෙති . නැත්තන් හට උපකාර කරති. බුද්ධාලම්භන ප්‍රීතියෙන්අලංකාර සැරසිලි කරති . ජාතක කතාවස්තුන් විස්තර කරන තොරණ් ඉදි කරති .පෙරහැර කරති . ජාතික ආගමික වෙනසක් නොමැතිව ශ්‍රී ලාංකිකයන් තෙමගුල් මහෝත්සවය නොහොත්වෙසක් මංගල්‍යය සමරති . විශේෂයෙන් කුඩා දරුවන් වෙසක් ප්‍රීතිය භුක්ති විදිති .
පසුගිය වසර කීපය තුළ නොයෙක් අවාසනාවන්ත සිදුවීම් සහ වසංගත රෝගකාරකතත්ත්වයන් වයන් හේතු කොට ගෙන වෙසක් උත්සවය සැමරීමට නොයෙකුත් බාධාවන් ඇති විය . නමුත් මේ වසරේ එවැනි බාධක දුරු වීම කාගේත් සතුටට කාරණාවකි .
ශ්‍රී බුද්ධ වර්ෂ 2567 නොහොත් 2023 නොහොත් 2023 වර්ෂයේ පුත්තලම දිස්ත්‍රික්කය මූලික කොටගෙනරාජ්‍ය වෙසක් උත්සවයත් ඊට සමගාමීව සිරිත් පරිදි රටපුරා විහාරස්ථානවල වෙසක් උත්සවය පවත්වනවා ට කිසිම සැකයක් නැත .බුදුන් වහන්සේ අපට අවබෝධ කර දුන්නේ පිරිසිදු මනසකින් යුතුවකටයුතු කිරීමේ ක්‍රමයයි . ඒ තුළින් අපට වැරදි නිවැරදි කර ගැනීමේ මාර්ගය අවබෝධ වේ . එබැවින් ඒ ධර්මතාවය මත පහන් සිතැතිවවෙසක් මංගල්‍යය සැමරීම සුදුසු බව වටහා ගත යුතුය .
මෙම වසරේ රාජ්‍ය වෙසක් මංගල්‍යය උත්සවාකාරඅන්දමෙන් පැවැත්වීමටකරන්නා වූ සියලු ප්‍රයත්නයන් සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරන අතර සියලු බෞද්ධයන් හට සුභ වෙසක් මංගල්‍යයක් වේවායි සුභාශිංශනය කරම්හ .
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අස්ගිරි නාහිමිගේ වෙසක් දින පණිවිඩය