IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අසාද් සාලි කෝටි අටක් ප්‍රියමාලිට දීලා

(ඉන්දිකා රාමනායක)

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන ගිය තිළිණ ප්‍රියමාලිට  රුපියල් කෝටි 8 1/2 ලබා දුන් බව  හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

ආසාද් සාලි මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලියකියවිලි රැසක් සමග පැමිණිල්ල ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම පැමිණිල්ලත් සමග මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණි 11 ක් ඇයට විරුද්ධව මේ දක්වා ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

තිළිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරිය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ හා කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ කාර්යාල පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන් ඇතුලු ධන කුවේරයන්ගේ රුපියල් කෝටි ගණින් මුදල් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (33)

අසාද් සාලි කෝටි අටක් ප්‍රියමාලිට දීලා

පුරවැසියෙක්. Monday, 17 October 2022 06:03 PM

පැමිණිලි 11 ක් දැමූ දේශපාලනඥයින්, භික්ෂුව ඇතුළු පිරිස මෙලෙස තැන්පත් කිරීම පිණිස මුදල් ඉපැයීම සිදුකළ ආකාරය සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පළමුවෙන්ම විශේෂ පරීක්ෂණයක් සිදුකිරීම කළ යුතුයි...!

:       0       106

PereraTuesday, 18 October 2022 06:31 AM

ඔය තැන්පත් කරපු අයගෙන් කෙනෙක් හරි අරගලයට ගෑවිලා ඉන්නවානම් ඒ අයගේ මුදල් කොහොමද හම්බකෙරුවේ කියලා අස්සක් මුල්ලක් නෑරම පොලිසිය හොයාවි.

:       0       20

රංහාමි Monday, 17 October 2022 06:14 PM

මේවාට සතුටු වෙන්න තරම් අපේ හිත් ඒ තත්ත්වයට පත් වුනේ නුඹලා කරපු දේවල් තමයි.. ඒ නිසා මට නම් සතුටුයි...!

:       0       53

Prabha Monday, 17 October 2022 06:22 PM

මේ සාලිගේ සියලුම වත්කම් වෙන්න බෑනේ... එහෙමනම් මේ වත්කම් ඉපැයූ විදිහ සහ මෙතෙක් කල් ගෙවපු බදු ගැනත් අපි දැනගන්න ආසයි..

:       0       81

chandima Monday, 17 October 2022 06:31 PM

මෙතන හොයන්න තියෙන්නේ මේ කෝටි 8ට ප්‍රියමාලි කරපු දේ නෙවෙයි. අසාද් සාලි කෝටි 8 ක් හොයාගත්තු විදිහයි. නියම හොරකම තියෙන්නේ එතැනයි.

:       2       79

" කට්ට කාපු සල්ලි " Monday, 17 October 2022 06:35 PM

ප්‍රියමාලි ඔබ දෙව් දුවකි...! රටේ බදු නොගෙවපු හොරුන් රට වැසියට අනාවරනය කලාට... රට වැසියම ඔබව නිදහස් කලා කියලා හිතා ගන්න..! අසාද් සාලි කෝටි අටක් දුන්න... රිෂාඩ් තවත් කෝටි ගානක් දුන්නා... බලාගෙන ගියාම ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන තට්ටුවට වෙනකම්ම මේ අය කෝටි ගනන් ආයෝජනය කරලනේ...

:       5       54

kamal Monday, 17 October 2022 07:05 PM

කළු සල්ලි උපයන අයට මෙය හොඳ පාඩමක්.

:       1       42

කිරිපුතා Monday, 17 October 2022 07:28 PM

මේ කාන්තාව බැලුවද කෝප් කමිටුවටවත් හොයන්න බැරි හොර සල්ලිනේ... අල්ලලා තියෙන්නේ...! ඇයට ඇමැතිකමක් දීලා පාර්ලිමේන්තු යැව්වා නම් හොඳයි. හොරුන්ගේ දේත් හොරකම් කරන්න දක්ෂ අයට ගැළපෙනම තැන පාර්ලිමේන්තුව...

:       1       45

බද්රානි Monday, 17 October 2022 07:29 PM

පුදුමේ කියන්නේ අසාද් සාලි මහත්තයාගේ සල්ලි ගාන විතරනේ... අපේ අයියලා ගණන් බලලා තියෙන්නේ... ඇයි, මොකද අනිත් අයගේ ගණන් හදද්දී දත කට පූට්ටු වෙනවාද...?

:       13       34

chandimaMonday, 17 October 2022 08:47 PM

බද්‍රානි, ඇයි අසාද්ට බනිද්දි තදවෙන්නේ.?

:       0       9

BamunuarachchiTuesday, 18 October 2022 06:39 AM

මෙයා මොකද මේ අසාද් සාලිට වෙච්ච පාඩුවට සතුටුවෙන අයට බනින්නේ?

:       0       6

ඩීන් ඩොන් Tuesday, 18 October 2022 06:42 AM

පෙනේද කැක්කුම.

:       0       7

මැක්ස්Tuesday, 18 October 2022 07:59 AM

භද්රානි අක්කටත් ඒකම නේද වෙලා තියෙන්නෙ? අසාද් සාලි අහු උනු එක ගැන දුකයි, රාජපක්ෂ කෙනෙක් අහු නූනු එකට තරහයි. එකම කාසියෙ දෙපැත්ත! මෙහෙව් අයනෙ දැන් සමාජ මාධ්‍යයේ දේශපාලන විශ්ලේෂකලා වෙලා තියෙන්නෙ!

:       1       8

බද්රානිTuesday, 18 October 2022 01:33 PM

ඇයි අපේ අප්පුලා අනිත් පුද්ගලයෝ ගැන කතා නොකරන්නේ? ජානකී කියන කාන්තාවත් මේ හොර මුල්‍ය ව්‍යාපාරයේ තවත් කොටස් කාරියක්. මම කියන්නේ සල්ලි අබසරණ කරගත් හොර තක්කඩියන් ගැන කතා නොකර, ඇයි මේ එක පුද්ගලයෙකුව පමණක් අල්ලාගෙන දඟලන්නේ? හොරු, කුමන ජාතියකට ආගමකට අයත් උනත් ඒ අය හොරුමයි. හැබැයි ඉතින් අපේ අප්පුලාට සමහර නම් එහෙම කියවෙන්නේ නැහැ. ඒ වගේ නම්, ඇහෙද්දීත්, ඇඟ පත සීතල වෙලා දත කට පුට්ටු වෙනවා. අන්න ඒ නිසයි ඔබලා නොකියන සමහර දේවල් ගැන මම කතා කරන්නේ. එහෙම නැතිව කවුරුවත් ගැන මට අමුතු කැක්කුමක් නැහැ. ඔය ඔක්කොම කළු සල්ලි ජාවාරම් කාරයෝ..

:       1       7

Buddika Monday, 17 October 2022 08:20 PM

දැන් හොයාගන්න ඕනෑ.. මේ කෝටි 8.5 කොහොමද උපයාගත්තු විදිහ ගැන.. මේ තරම් දෙයක් නීතිවිරෝධී තැනක දාන්නේ කළු සල්ලි නිසයි. මෙයා ආදායම් බදු ගෙව්වද? මේ මිනිස්සු තනිකරම කරන්නේ හොර වැඩ...

:       2       31

බද්රානිMonday, 17 October 2022 09:55 PM

බුද්ධික ආසාද් සාලිගේ මුදල් ගැන විතරද හොයන්න ඕනා. මෙතුමා නම් මොනවා හරි ව්‍යාපාරයක් කරනවනේ. ඇයි අර අපෙන්ම පිනට කාල මුදල් ටික අබසරණ කරගෙන තියන පින්ගුත්තරයින්ට, එච්චර මුදලක් රහත් කරගෙන තියන විදිහ හෙව්වොත් නරකද? අර V8 කාරයා ගැන එහෙම දන්නේ නැහැ වගෙයි. මෙතන නිකම් නරිහමට තඩි බාන්නේ නැතිව ඉන්නවා හලෝ.

:       7       6

chandima Monday, 17 October 2022 08:53 PM

ප්‍රියමාලි, කොටිපතියන්ගෙන් සල්ලි අරන් කියපු දේ නොකර ගත්තු සල්ලි වලට පොල්ල තියලා විතරනේ තියෙන්නේ.

:       0       2

sampath Monday, 17 October 2022 11:21 PM

හොඳ වැඩෙ අනුන්ගෙ ඒ්ව හොරා කාල පස්සෙ ගන්න තිබ්බට. ඔ්ක තමයි කියන්නෙ දෙවියනි ඔබ මැවු ලොකය අපුරුයි කියලා.

:       0       4

රටවැසියෙක් Tuesday, 18 October 2022 12:23 AM

දේශපාලකයෝ කියන්නේ හොරුන්ට කියන තවත් නමක්. ලෝකේ අන්ත දුෂිත හොර දේශපාලකයෝ ඉන්න රට ශ්‍රීලංකාව වෙන්න ඇති. අනේ මේ අසරණ මිනිස්සුන් අන්ත දුක් විඳිනවා එදාවේල කන්න නැතුව. දේශපාලකයෝ කෝටි ගණන් හොර ගුහාවල මුදල් ආරක්ෂා කරනවා. මේ රටට මෙහෙම නොවී තියේද. දේශපාලනය කරන්න මැරීගන දඟලන්නේ මුන් මේකනේ. හොරුන්ට නිධානයක්මේ ලංකාවේ දේශපාලනය .මේ රට හදවනවානම් ග්‍රාමසේවකගේ ඉඳලා අයින් කරන්න ඕනේ. නැතුව මේ රට හදනවා බොරු.

:       0       12

Mohamed Tuesday, 18 October 2022 01:33 AM

කාන්තාවන් සහ පිරිමින්ට ඕනෑම ගැහැණියක් සිටිය හැකි බවත් වන්දි ගෙවීමකින් තොරව පිටමං කරන මුස්ලිම් විවාහ පනත වෙනස් කිරීමට මෙම පුද්ගලයා එකඟ වීම පුදුමයක් නොවේ.

:       0       4

විපරමා Tuesday, 18 October 2022 04:39 AM

අසාද් සාලි විතරද ඊට වඩා මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා පරම්පරා ගානකට ඇති වෙන්ඩ හම්බකර ගත්තු දූෂිත පවුල් පාලනේ උන්, දේසපාලුවෝ තව කොච්චරවත් ඉන්නවද?

:       2       4

BamunuarachchiTuesday, 18 October 2022 05:54 PM

හලෝ මෙතන ප්‍රස්තුතය අසාද්සාලී කියන හාදයා . එයා ගැනයි කතාව. ඒ කතාවට මොකදට රටේ ලෝකේ අනික් මිනිස්සු එකතු කරගන්නේ. අනික් දූෂිතයින් ගැන කතා කරනකොට අහනවද ඇයි අසාද්සාලි ගැන කියන්නේ නැත්තේ කියලා. අන්න අසාද්සලිගේ සින්දුවක් ඉල්ලනවානම් ආච්චි,සීයා, නැන්ද, මාමා ගෙදර එක්කෙනා කියලා කස්ටිය එකතු කර ගන්න පුළුවන්.

:       0       3

Sisira Tuesday, 18 October 2022 06:02 AM

මෙයාලට සල්ලි කොහෙන්ද

:       0       5

BamunuarachchiFriday, 21 October 2022 11:21 AM

සිංහලයාගේ නිෂ්පාදන අඩුමිලට අරගෙන සිංහලයටම වැඩි මිලට විකුනලා. මේ නැහැයි කියන්න පුළුවන් ජගතෙක් ඉන්නවාද? මේ ගොල්ලෝ දැනට කරන්නෙත ඒක. අපේ කතන්දර පොත් වෙලා කියවෙන ටෙලිනාටක වල ඉන්න. තොරොම්බල් බඩු ගෙනෙන හම්බ මිනිහා ගෙන එන්නේ ඔවුන්ගේ නිෂ්පාදනද ? නැහැ සිංහලයාගේ නිෂ්පාදන.

:       0       0

chandima Tuesday, 18 October 2022 06:21 AM

ප්‍රියමාලි ලව්වා එක එක ජෝකියව වැඩේට අමුණලා ඡන්දේ දවස් වෙනකල් වැඩේ ඇදගෙන ගියානම් ඡන්දෙට අලුත් ජෝකියෝ ටිකක් දන්නා තිබුනා.

:       0       4

Bamunuarachchi Tuesday, 18 October 2022 06:32 AM

ගම්මිරිස් හොයන්න එනකොට ගෙනාපු සල්ලි නොවෙයිනේද? මට හරිම සන්තෝසයි.

:       2       5

Viraj Perera Tuesday, 18 October 2022 07:52 AM

ඇත්තටම ප්‍රියමාලි කියන්නේ වීර කාන්තාවක්. ලංකාවේ අදායම් නිලධාරීන්ට අල්ලන්න බැරි හොරුන්ට වැඩේ දීලා.

:       0       4

Kuma Tuesday, 18 October 2022 08:34 AM

තිලිනිව වහාම පාර්ලිමේන්තුවේ කෝප්, කෝපා කමිටුවල සභාපති කරන්න.

:       0       3

ganegoda Tuesday, 18 October 2022 09:35 AM

මෙගොල්ලොන්ට මේවා හොඳ පාඩම්.

:       0       3

dayananda Tuesday, 18 October 2022 10:17 AM

අසාද් සාලි දුන්නට මොකද? සියළුම බෞතික දේවල් සම්පත් ප්‍රතික්ෂේප කරලා සසරේ නිස්සාර බව අවබෝධ කරගත් ගරුතර මහා සංගයා වහන්සේලා මහා මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරන්න පෙලබෙනකොට නේද? කොහොම උනත් දුප්පත් අහිංසක මිනිස්සු අත හැරලා තිලිණි මේ රටේ ඉහලම ගෙරි මහත්වරු ඉලක්ක කරලා තියෙන්නේ හැකියාව, දක්ෂකම... නියමයි... මේ සියවසේ ලංකාවේ ජාතියේ සම්මානයට ලක්වියයුතු ගැහැණිය..

:       0       6

fairoos Tuesday, 18 October 2022 01:59 PM

නයි මුගටි වගේ හිටියට අසාද් සාලිත් ඥානසාර හාමදරුවොත් එකම තැන ඉන්වෙස්ට් කරල.

:       0       9

Marsipala Thursday, 20 October 2022 04:20 PM

අසාද්‍ය සාලි රටට කරපු සෙතකුත් නෑ ඔහුගේ ජාතියට ,ආගමට කරපු සෙතකුත් නෑ .මූ විතරක් නෙමෙයි අනිත් උනුත් එහෙමයි.නායකයන් කියලා මුන් ගන්න වැරදි තීරණ නිසා අහිංසක සමස්ත ජාතියම වන්දි ගෙවන්න ඕනෙද?ඊළඟ චන්දය තීරණාත්මකයි .ජාති වාදය ,ආගම් වාදය ,ඉරිසියාව වයිරයෙන් තොර රටක් හැටියට සියලුදෙනාට එක්ව බුද්ධියෙන් සිතා හරි නායකයෙක්ව තෝරාගන්න නැතිනම් ප්‍රපාතයෙන් ප්‍රපාතයට යාහැකි.තෙරුවන් සරණයි

:       0       1

Santhu Friday, 21 October 2022 05:28 PM

හොඳ වැඩේ..., ප්‍රියමාලිත් එක්කම මුදල් තැන්පත් කල සෙට් එකේ මුදලුත් රාඡසන්තක කළ යුතුයි. රට බංකොළොත් වෙනවා... මේ අය සල්ලි පොදි ගහනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 184 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1248 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3928 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1042 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1536 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1162 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2039 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site