IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අස්වැසුම ප්‍රතිලාභ දීමනා ඉහළට

(රංජන්  කස්තුරි)

ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි අස්වැසුම ප්‍රතිලාභ දීමනා ඉහල නංවා තිබේ.

ඒ අනුව ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළ නංවා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්  සේමසිංහ මහතා කීය

ඒ අනුව මසකට රුපියල් 5000  ක්ව පැවති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7500 දක්වාද රුපියල් 2000 ක්ව පැවතී වැඩිහිටි දීමනාව රුපියල් 3000 දක්වාද  ඉහළ නැංවූ බව ෂෙහාන්  සේමසිංහ මහතා පැවසීය

ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුසුකම් ඇති අලුතෙන් හඳුනාගන්නා පුද්ගලයන්ට එම දීමනාව අප්‍රේල් මස පළවෙනි දින සිට ලබාදෙන බවද ඇමතිවරයා කීය.

මේ අතර  දීමනා ලබාදීම මාර්තු මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ ප්‍රතිලාභීන්ට මේ වසර අවසන් වන තෙක්ම එම දීමනා ගෙවන බවද සේමසිංහ මහතා සඳහන් කළේය

ඉදිරියේදී අවදානමට ලක් වූ පවුල් ලක්ෂ අටකට රුපියල්  5000 බැගින් දීමනා ගෙවන බවද ඇමතිවරයා කීය

 



අදහස් (13)

අස්වැසුම ප්‍රතිලාභ දීමනා ඉහළට

Lalla Thursday, 08 February 2024 07:34 PM

අපේ ගමේ නම් ඉන්න අස්වැසුම ලාභීන් බහුතරය කිසිම වැඩක් නොකර ඉන්න සහ කසිප්පු විකුණන කීප දෙනෙකුත් ඇතුලත්. කාගේ සල්ලි මේ නිකමුන්ට බෙදන්නේ...

:       1       4

W shanika maduhansi Thursday, 08 February 2024 11:16 PM

ගමේම ඉන්න සල්ලි කාරයන්ට විතරයි අස්වැසුම දීලා තියෙන්නේ .පොඩි උන්ට පාසල් යන්න පොත් ටිකවත් ගන්න බැරුව ඉන්න අපිට අස්වැසුම නෑ

:       1       10

M,p,nirosh,kumara,,somarathna, Friday, 09 February 2024 07:14 AM

අපිට තවම එක පාරක් වත් ලැබුනේ නෑ. 8500 තියෙන්නේ

:       1       2

එච් . ජි .සිරිල් ආනන්ද Friday, 09 February 2024 08:31 PM

මට රුපියල් 2500ක් තියෙනවා කියනවා. තවම නම් එක සැරයක්වත් ලැබුණේ නෑ...!

:       1       0

බෙනට් දිසානායක Friday, 09 February 2024 12:55 PM

මම ළමයි තුන්දෙනෙක් ඉන්න දවසේ කුලීවැඩ කරගෙන ජීවත්වෙන තාත්තා කෙනෙක්... ඉන්න හරියට ගෙයක්වත් වෙනත් ඉඩම්වත් වෙනත් ආදායම් මාර්ගයක්වත් මට නෑ. පවුලේ පස්දෙනෙක් ඉන්න මට අස්වැසුම 2500යි. ඒ වුණාට අපේ වසමේ 1 ළමයයි, වීල් එකකුයි, මහත්තයා මේසන් බාස් කෙනෙක් 'ගේත් හොඳටම හදලා. ඒ අයට 8500 ක් තියෙනවා. මොකක්ද මේ අස්වැසුමේ සාධාරණය...?

:       1       4

Inoka hemamali Friday, 09 February 2024 06:52 PM

මට දරුවෙක් ඉන්නවා. මහත්තයාත් කුලී වැඩ කරන්නේ. මගේ දරුවාත් ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. 2023 දරුවා ශිෂ්‍යත්වය ලිව්වා. ලකුණු188යි. අපිට අස්වැසුම නෑ. ඉන්න හරියට ගේකුත් නෑ. දරුවාට ශිෂ්‍යාධාර කොහෙන්වත් හම්බෙන්නෙත් නෑ. හැකි කෙනෙක් ඉන්නවා නම් මේවා සොයලා බලලා විසඳන්න. ගොඩක් පින් සිද්ධ වෙනවා.

:       1       3

Inoka Friday, 09 February 2024 06:58 PM

අපිට අස්වැසුම නෑ. මහත්තයාට රස්සාවකුත් නෑ. කුලී වැඩ කරන්නේ. අපේ දරුවා 2023 ශිෂ්‍යත්ව විභාගය ලිව්වා. ලකුණු188. එයාට කොහෙන්වත් ශිෂ්‍යාධාරයක් ලැබෙන්නෙත් නෑ. හරියට ගේකුත් නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේවා විසඳලා දෙන්න. ගොඩක් පින් සිද්ධ වෙනවා.

:       0       2

දයාරත්න Friday, 09 February 2024 09:59 PM

මම ආබාධිත කෙනෙක්.... පොරොත්තු ලේඛනයේ ඉන්නවා.. ඒත් පන්දාහේ දීමනාව හම්බ වෙන්නේ නෑ..!

:       0       1

K.g තුසිත පියන්කර Saturday, 10 February 2024 12:00 PM

මම ත්‍රී වීල් රැකියාව කරන්නේ පිට වාහනේ හයර් නැහැ.. පාසල් යන එක ළමයයි... සහෝදරයා නොතෙමී ඉන්න ගේපැල හදලා දුන්නා අපට අස්වැසුම ලබාදෙන්න ජීවත්විමට අමාරුයි... අප පවුලේ හතර දෙනයි...!

:       0       2

Maheshi Saturday, 10 February 2024 02:38 PM

අපිට අස්වැසුම නෑ. මහත්තයා කුලීවැඩ කරන්නේ. පොඩි දුවෙක් ඉන්නවා. ගේත් හදලා තියෙන්නේ බාගෙට. අපිට කරන්ටෙකත් නෑ. අපිට කොහොමහරි අස්වැසුම හදලා දෙන්න පින්සිද්ද වෙනවා...

:       0       2

Nadeeja Saturday, 10 February 2024 07:14 PM

දෙසැම්බර් මාසෙ අභියාචනා චෙක් කරාලු. සල්ලි වැටෙන ලිස්ට් එකේ නම තියෙනවා... ඒත් තාම සල්ලි වැටුණේ නෑ...

:       0       0

ඒ ඒ ඇස් අමරසේකර Monday, 12 February 2024 12:09 PM

මගේ බිරිඳ සහ දරුවන් එක් අයෙකු සිටී. ( දරුවා ලේඛනයට) ඇතුළත් කර නොමැති නිසාවෙන් ,, අස්වැසුම අභියාචනා ඉදිරිපත් කරපු හෙයිනි!! කරුණාකර මාහට මුදල් ලබා ගැනීමට උපකාරී වන ලෙස දන්වා සිටිමි

:       0       0

ඒ ඒ ඇස් අමරසේකර Monday, 12 February 2024 12:18 PM

අස්වැසුම ආධාර ලබා ගැනීමට කටයුතු සලසා දෙන ලෙස දන්වා සිටිමි. ලංකා බැංකුවේ ගිණුමක් ආරම්භ කර ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 31 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 433 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


ජනපති- IMF සාකච්ඡා දෙවන දිනටත්
2024 ඔක්තෝබර් මස 04 2 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 944 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 857 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 144 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site