(සුජිත් හේවාජුලිගේ)
අස්වැසුම ප්‍රතිලාභීන්ට සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී ඇත.
එම ආහාර පැකේජය පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නිදහස් හා සාධාරණ මැතිවරණයක මෙවැනි කටයුතු වලින් බාධා විය හැකි හෙයින් කොමිසම මෙම තීරණය ගෙන ඇත.
අයවැය යෝජනාවකට අනුව මෙම ආහාර පැකේජය ලබාදීමට තීරණය කෙරුණේ අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් 812753 කින් යෝග්‍ය ප්‍රතිලාභීන් සඳහාය.
රුපියල් 5000ක් වටිනා මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ල රුපියල් 2500ක සහන මිලකට ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිවිය. ඒ අනුව මෙම ආහාර මල්ල පසුගිය 1 සිට ලබන 13 වැනිදා දක්වා ලංකා සතොස සහ කෝප් අලෙවිසල් හරහා බෙදා හැරීමට සැලසුම් කර තිබිණ.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘අස්වැසුම‘ සහන මල්ල අත්හිටුවයි
prasanna Friday, 04 April 2025 01:11 PM
මෙම සහන මල්ල එපා. රටපුරා පැතිරී ඇති අපරාධ රැල්ල නවත්තන්න. මෙයාලත් හවුල් වගේ... ඇතැම් පරීක්ෂාවලින් තේරෙනවා.
ගුණරත්න Friday, 04 April 2025 01:13 PM
ගිය ආණ්ඩු කාලේ නම් මේ වගේ ඒවා හරි ඉක්මණින් කෙරුණා, දැන් දවස් 4ක් ගිහින් සෑහෙන පිරිසක් පගාව ගත්තාටත් පස්සේ අස්සයා ගියපු ඉස්තාලේ වගේ නැවැත්තුවා. කාටද මේ විහිලු සපයන්නේ?