IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


අස්වැසුමට ජනපතිගෙන් නව ගැසට්ටුවක්

(ජේ.ඉඳුරුවගේ )

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ  යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන  පවුල් හා පුද්ගලයන්ට 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි  මාසිකව   ප්‍රතිලාභ දීමනා   ගෙවීමේ ක්‍රම වේදය ප්‍රකාශයට පත් කරමින්      මුදල් , ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස  පැවරී ඇති බලතල අනුව   ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙතෙක්  මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024.05.17 දින නිකුත් කර තිබු අති  විශේෂ ගැසට් නිවේදනයද මෙම මස 21 දාතමින් නිකුත් කෙරුණු මෙම  නව ගැසට් නිව්දනයෙන් අවලංගු කර ඇත.

    පෙර ගැසට් නිවේදනය පරිදි මෙතෙක්  දුප්පත් පවුලකට   හිමිවූ රුපියල් 8500 දීමනාව හා  අන්ත දිළිඳු පවුලකට හිමිවූ රුපියල් 15,000 දීමනාව නව ගැසට් නිවේදනය අනුව පිලිවෙලින් රුපියල් 10,000 සහ   රුපියල් 17,500 ලෙස ඉහල දමා ඇති අතර අනෙකුත් කාණ්ඩ සඳහා  දීමනා    ප්‍රමාණයන් නව ගැසට් නිවේදනය අනුවද   නොවෙනස්ව පවතී .

නව ගැසට් නිවේදනයට අනුව  සංක්‍රාන්ති පවුල් 480,000 කට    2025 ජනවාරි සිට මාර්තු දක්වා රුපියල් 5000 ක්  , අවධානමට ලක්වූ   පවුල් 480,000 කට  2025 ජනවාරි සිට දෙසැම්බර් දක්වා  රුපියල් 5000 ක්, 2025 ජනවාරි සිට 2026 ජුනි දක්වා  දුප්පත් පවුල් 960,000 කට   රුපියල් 10,000 ක්  සහ   අන්ත දිළිඳු පවුල් 480,000 කට    රුපියල් 17,500 ක් ලෙස   මාසිකව අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට යෝජිතය. පවුලේ  සාමාජිකයන් ගණන 2 හෝ ඊට අඩුවූ විට මෙම දිමනාවන්ගෙන්   අඩක් හිමිවේ.

එමෙන්ම 2025 ජනවාරි සිට ජුනි දක්වා පෙර පරිදිම     වෙනත් හැකියා  සහිත තැනැත්තන්ට    රුපියල් 7500 ක්,   වකුගඩු රෝගීන් සඳහා  රුපියල් 7500 ක් ,වැඩිහිටියන්ට   රුපියල් 3000 ක් ලබා දීමට  නව ගැසට් නිවේදනයට අනුව යෝජිතය.මෙම නව   ක්‍රමවේදයන්   පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබූ දින සිට ක්‍රියාත්මක වන බව නව ගැසට් නිවේදනයෙන්  ප්‍රකාශයට පත් කර තිබේ.



අදහස් (8)

අස්වැසුමට ජනපතිගෙන් නව ගැසට්ටුවක්

Business Wednesday, 25 December 2024 11:45 AM

අසරණම සුදුසුම කෙනා හෝ පවුල හොයලා බලලා අස්වැසුම දුන්නාට කමක් නැත. ඇති හැකි අයත් මේවා ලබා ගන්නවාද කියලා ආයේ පාරක් සමීක්ෂණයක් කරලා බැලුවොත් හොඳයි...!

:       0       0

අමල් Wednesday, 25 December 2024 12:00 PM

පාර්ලිමේන්තුව විවෘත කරනකොට ජයමංගල ගාථා බැහැ...! ඒවාට සල්ලි යනවා...! නිකරුනේ සල්ලි නාස්ති කරන්න බැහැ.! බොරු බයිලා. ඒ වුණාට තඹුත්තේගම අනුරගේ කාර්යාලය ඉස්සරහ, ලේසර් ලයිට් දාගෙන නත්තල් කැරොල් කියන්නේ...! මේ වගේ අපතයින් සෙට් එකක්...!

:       0       0

බිමල් Wednesday, 25 December 2024 01:15 PM

වයස 18ත් 60ත් අතර නිරෝගී අයට කිසිම කොන්දේසියක් නැතිව වැඩක් නොකර යැපෙන්න නියම චාන්ස් එක. මේවා රටට දරන්න පුළුවන් වියදම්ද? දුප්පත් කියලා ගෙදර වාඩිවෙලා කටට සල්ලි වැටෙනකම් ඉඳිමු...

:       0       0

R.M.L.C.RATHNAYAKA Wednesday, 25 December 2024 02:02 PM

අපිට නම් ලැබෙන්නේම නැත...

:       0       0

Chan Wednesday, 25 December 2024 02:07 PM

මේ මොන විකාරයක් ද? ලක්ෂ 51 වන ලංකාවේ පවුල් වලින් ලක්ෂ 24 කට අස්වැසුම. අමාරුවෙන් ඉගෙන ගෙන රස්සාවක් කරන එකාගෙ පඩි පතක්ට බදු.

:       0       0

Asani shamika Wednesday, 25 December 2024 03:21 PM

අපිටත් දරුවෝ 4ක් ඉන්නවා... අස්වැසුම වැඩි කරන්න පුළුවන් නම් ලොකු දෙයක්...

:       0       0

යෝගා Wednesday, 25 December 2024 03:34 PM

මේකට තමයි කියන්නේ අනුන්ගේ කලිසම ඇඳගෙන තමන්ගේ වගේ යනවා කියලා. කමක් නෑ, කැලේ පාරවල්වල යනවට වඩා හොඳයි සීයා ගිය IMF මාර්ගයේ යන එක.

:       0       0

ලසා Wednesday, 25 December 2024 03:58 PM

මේ මොන කරුමයක් ද මේ...? රටේ හා පිටරට වැඩ කරන ව්‍යාපාර කරන අපේ බදු මුදල් වලින් නිකං ඉන්න අයට හැමදාම ගෙවන්නේ ඇයි? ඔවුන්වත් මේ රටේ වැඩක් කරන පුරවැසියන් කරන්න ඉලක්ක දීලා සීමා සහිත කාලෙකට දෙන්න බැරි ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්
2025 අප්‍රේල් මස 16 1145 1

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.


සුව ඇමති මහ නාහිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 16 310 1

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.


තෝරදෙණියගේ පැමිණිල්ලට ඉන්ද්‍රානන්දට කොන්දේසි සහිත වාරණයක්
2025 අප්‍රේල් මස 16 1479 1

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා


ජනපති කාර්යාලය වැඩ අරඹයි
2025 අප්‍රේල් මස 16 581 0

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්


ඉන්ධන විදුලි බලාගාර 21 දා දක්වා වැසෙයි
2025 අප්‍රේල් මස 16 748 1

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව


කොළඹ උප කුලපති පුටුවේ වැඩ බලන්න මහාචාර්ය සේනක රාජපක්‍ෂ පත් කරයි
2025 අප්‍රේල් මස 16 1108 1

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 157 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 323 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 994 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site