IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අහේනියෙන් ලංකාව හයවැනි තැනට

(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝක බැංකුවේ නවතම දත්තවලට අනුව  ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව හයවන තැනට පැමිණ ඇතැයි වාර්තා වෙයි.

එම දත්තවලට අනුව මෙරට ආහාර උද්දමනට  සියයට 86 කි. 

ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.

එම දර්ශකයේ රුවන්ඩාව සහ සුරිනාමය යන රාජ්‍යයන් ශ්‍රී ලංකාවට පහළින් සිටීම විශේෂත්වයකි. මෙම දර්ශකයේ රුවන්ඩාව සහ සුරිනාමය පිළිවෙලින් අටවෙනි සහ නවවෙනි ස්ථානය දිනාගෙන ඇති අතර එම රටවල ආහාර උද්ධමනය පිළිවෙලින් සියයට 41ක් සහ 40 ක් වේ.

ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර එහි ආහාර උද්ධමනය සියයට 321 කි.

එම දර්ශකයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට ලෙබනනය, වෙනිසියුලා රාජ්‍යයන් සමත්ව ඇති අතර දෙරටේ ආහාර උද්ධමනය පිළිවෙලින් සියයට 208 ක් සහ 158 ක් වේ.

 



අදහස් (17)

අහේනියෙන් ලංකාව හයවැනි තැනට

janahitha Sunday, 27 November 2022 02:11 PM

එහෙම නොවෙන්න කිසිම හේතුවක් නැත. කම්මැලිකම මූලික හේතුව ... නිෂ්පාදන ක්‍රියාවලියට එකතු වන්නට තිබුණු හැකියාව 1978 ආරම්භ වුණ විවෘත ආර්ථිකයෙන් කඩා බිඳ දැමුණු රටක ජනතාව කුම්මැහියන් වීම අනිවාර්යයෙන්ම සිදුවන්නක්...

:       10       153

Dinesh Gayan Dubai Monday, 28 November 2022 12:24 AM

මහත්මයා හැම එකටම විවෘත ආර්ථිකයට බැනල වැඩක් නෑ ඔයා කියන්නෙ විවෘත ආර්තිකේ එන්න කලින් අපි හොදටම කලා කියලද ? දත්ත හොයල බලන්න කැල්ටෙක්ස් වගේ ලෝපතල සමාගම් ලංකාව පදනම් කරගෙන බිස්නස් කරද්දි උන්ව එලවල රජය බිස්නස් කරන්න ගිහින් නෑදෑ ගජමිතුරු සන්තර්පණ කරල සුදු අලි නඩත්තු කරල මිනිස්සුන්ට වේලක් නොකා වේලක් කන එකත් හීනයක් කරල පෝලිම් හදල රට නන්නත්තාර උන යුගය. වැරද්ද විවෘත ආර්ථිකයේ නෙමේ නිවැරදි දැක්මක් නැති හොරාකෑම නෑදෑ මිතුරු සැලකීම එකම අරමුණ කරගත් පාලකයින්ගෙ සහ තම හාම්පුතාගෙ අසූචිත් සුවදයි කියන වහල් ජනතාවගෙ. අවුරුදු හැත්තෑ ගානක් මේ සෙල්ලම දැන් යනව .සුද්ද අපිට ඡන්ද අයිතිය නොදුන්නෙත් ඔය නිසා.

:       57       15

සඳුන් Sunday, 27 November 2022 02:18 PM

අහේනිය කොතරම් ද යත්... එයට පිළිතුරු සොයන්නේත් රට ක්‍රම ක්‍රමයෙන් අහේනියට පත්කළ වූවන් ගෙන්මයි. ඔවුන්ට ඉහෙන් බහින කිසිඳු අහේනියක් නැත...

:       3       269

susarshane bandara Sunday, 27 November 2022 03:16 PM

අපි පක්ෂ සම්මේලන පවත්වමු. පක්ෂ ප්‍රතිසංවිධානය කරමු. බිම් මට්ටමේ සමාජිකයින් වැඩිකර ගමු.. කොටින්ම කියනවා නම් අපි දේශපාලනයම කරමු.

:       3       92

සාටක බයියා Sunday, 27 November 2022 03:17 PM

කවදාවත් අහාර අහේනියක් තිබ්බේ නැති අපේ රට දැන් ලෝකෙන්ම 6 වෙනි තැනට ඇවිල්ලා..., මේක තමයි සාටක බයියන්ගේ රට බේරාගැනීමේ වියරුවේ ප්‍රතිඵලය.., හොරු බේරගන්න ආපු රනිල් හිතන් ඉන්නේ ලංකාවේ මිනිසුන්ට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ, රටේ තියන එකම ප්‍රශ්නේ මිනිස්සු අරගල කරන එක විතරයි කියලා...

:       83       220

ranjith Sunday, 27 November 2022 05:05 PM

අර මන්ද පෝෂණය ගැන කතාකරපු දොස්තර මහත්තයාගේ වැඩ තහනම් කර ලෝක බැංකුව කියන ඒවත් පිළිගන්න එකක් නැහැ... ලංකාවේ විද්වතෙක් කිව්වා නම් වැඩ තහනම් කරාවි.. පුදුම අසත්පුරුෂ පාලකයින් පිරිසක් ඉන්න රටක්... යථාර්තය තේරුම් නොගෙන ඔක්කොම වහගෙන ඇදලා අන්තිමට මිනිස්සු බඩගින්නේ මැරෙනකන් බයිලා ගහයි.

:       2       84

mewan Sunday, 27 November 2022 05:24 PM

ඕක කරගන්න කාපු කිරිබත් තොගේ...

:       13       9

banda Sunday, 27 November 2022 05:51 PM

බැසිල් ජනාධිපති, නාමල් අගමැති කර අපි මෙම දර්ශනයේ පළමු තැන ලබාගනිමු....

:       2       74

fairoos Sunday, 27 November 2022 06:20 PM

රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඕක ඊළඟ අවුරුදු 2න් ලංකාව පළමු තැනට ගෙනැල්ලා දෙයි... බයියන්ට හෙණ ගහන්න ඕනෑ තවත් මේ අයට කඩේ යනවාට...

:       76       36

AlfreadMonday, 28 November 2022 06:54 AM

අනිවාර්යෙන්. හැබැයි බයියන්ට එකක් ගහන කොට සජිත් පෙර‍ටුගාමීන් එක්ක මේ රට හදයි කියල හිතන් ඉන්න ටොයියන්ටයි, අනුර කුමාර ජනාධිපති වෙලා රට හදයි කියල හිතන් ඉන්න ජෙප්පන්ටයි හත ගානෙ ගහන්න ඕන. මොකද හොඳට රට තිබුනු කාලේ අන්තවාදී ඡන්ද බලාගෙන පාස්කු බෝම්බෙ වදින්න ඉඩ දීලා මහ බැංකුව කඩලා රට විනාශ කරපු අන්තවාදීන් සේරම ඉන්නේ ඔය ගොඩේ නිසා.

:       9       49

ෂශි ටිරන් Sunday, 27 November 2022 09:57 PM

රාජපක්ෂලා හොදටම කලා, රටම කාලකන්නී වුනා. නුගත් පාදඩයෝ හැතිකරයක් මුන්ව ආයෙත් නැගිට්ටවන්න දගලනවා. තූ..

:       20       10

Nuwan Monday, 28 November 2022 03:02 AM

සමස්ත කෘෂිකාර්මික කර්මාන්තය කාබනික බවට පත් කළ නොහැක. යෝජනා කරපු අයයි ඒ දර්ශනය ගෙන ගිය අයයි හිරේ යවන්න ඕන.

:       0       10

Dewa Monday, 28 November 2022 05:27 AM

බයියෝ ටොයියෝ එකතුවෙලා හොරාකාපු දේවල් වල ප්‍රතිපලය තමයි මේ.

:       1       16

Rohana Monday, 28 November 2022 07:55 AM

ශ්‍රී ලංකාවේ ආහාර ද්‍රව්‍යවල ඉහළ උද්ධමනය පිළිබඳ ප්‍රකාශයක් කළ ළෝක බැන්කු නිලධාරීන්ගේ රාජකාරිය අපේ රටේ බලධාරීන් විසින් අත්හිටුවයිද දන්නෙ නෑ?

:       0       6

ganegoda Monday, 28 November 2022 09:15 AM

බංගලාදේශයෙනුත් හිගාකන අපිට මොන අහේනියක්ද ? අපි ගමන් බිමන් යන්නෙ සිලින්ඩර් 12හේ බෙන්ස් වලින් , අපිට මොන අහේයද ?

:       6       8

jpc Tuesday, 29 November 2022 05:54 PM

මේ රිපෝට් ඒකට අරගෙන තියෙන්නේ ජූනි, ජූලි මාස වල උද්ධමනය. දැන් ඊට වඩා අඩුයි.

:       0       1

බද්රානි Tuesday, 29 November 2022 08:05 PM

මොනා උනත් අපිට ඉහලින් සිටින රටවල ජනතාවට ලංකාවේ අයට වගේ හිඟන පෙනුමක් නැහැ. වැඩිය ඕනා නැහැ, දුප්පත් තුර්කි ජාතිකයෙක් උනත් වැදගත් පෙනුමක් තියනවා. ඒකටත් එක්ක, සිංහලයින් සල්ලි ටිකක් අතපත ගෑවත් ගෝත්‍රික හිඟන්නෙක් වගේ තමයි ලෝකයාට පෙනෙන්නේ. ඒ කාලේ නම් පිරිමි ලස්සනට රැවුල කොන්ඩේ කපලා ලස්සනට හිටියා එත්, දැන් ඔවුන් "රාවණා යුගයට අයත් වැද්දෝ" වගෙයි. අන්න ඒ හීන මානයට තමයි නිතරම පුම්බගෙන ඉන්නේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 31 0

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 129 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.



ට්‍රම්ප්ගේ වැඩ නිසා වැඩියෙන්ම සතුටු වෙන්නේ විපක්ෂය
2025 අප්‍රේල් මස 23 284 1

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන


ෆාමසි ගැටලු සෙවූ කමිටු වාර්තාව සුව ඇමතිට
2025 අප්‍රේල් මස 23 182 0

මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවී


අල්ලස් ගත් ලංගම ලොක්කෙකුට වැඩ වරදී
2025 අප්‍රේල් මස 23 569 0

මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුවිනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත සේවය පිහිටුවීම සදහා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 629 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 468 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site