IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


ආගන්තුක ’’ගුවන් කුරුල්ලන්ට’’ බදු සහන

(අංජුල මහික වීරරත්න)

මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් ප්‍රවර්ධනය කිරීම සඳහා දිරි ගැන්වීම් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටු පොළ, කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ (රත්මලාන) සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් ජාත්‍යන්තර ගුවන් සේවා සඳහා දිරිගැන්වීමේ සහන යෝජනා ක්‍රම හඳුන්වා දී තිබේ. 

ඒ යටතේ එම ගුවන්තොටුපොළවල් සඳහා අපගමන බද්දට අදාළව සලසා ඇති සහන තවදුරටත් පහත සඳහන් පරිදි දීර්ඝ කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත නිශ්චිත කාලසටහන්ගත ගමන් වාර ක්‍රියාත්මක කෙරෙන ගුවන් සේවා සඳහා දැනට ක්‍රියාත්මක වන අපගමන බද්දෙන් 50%ක ගාස්තු අත් හැරීමේ සහනය 2026-01-30 දින දක්වා දීර්ඝ කිරීම.

* කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ (රත්මලාන) වෙත නිශ්චිත කාලසටහන්ගත ගමන් වාර ක්‍රියාත්මක කෙරෙන ගුවන් සේවා සඳහා දැනට ක්‍රියාත්මක වන අපගමන බද්දෙන් 50%ක ගාස්තු අත්හැරීමේ සහනය 2025-03-27 දින සිට වසරක කාලයක් දක්වා දීර්ඝ කිරීම.

* මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ වෙත නිශ්චිත කාලසටහන් ගත ගමන් වාර ක්‍රියාත්මක කෙරෙන ගුවන් සේවා සඳහා දැනට ක්‍රියාත්මක වන අපගමන බද්දට අදාළ පූර්ණ සහනය 2024-12-29 දින සිට තවත් වර්ෂයක කාලයක් දක්වා දීර්ඝ කිරීම.



අදහස් (2)

ආගන්තුක ’’ගුවන් කුරුල්ලන්ට’’ බදු සහන

Rasi Wednesday, 08 January 2025 08:44 AM

මන් මේ ලගදි ගුවන් ටිකට් පතක් මිලදී ගද්දී බැලුව බදු සම්බන්ධයෙන් ඒ ඒ ගුවන් තොටුපළවල් අය කරන ගනන් සම්බන්ධයෙන්. කොළඹ තමයි වැඩියෙන්ම අය කරන ගුවන් තොටුපල. ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් එහෙමයි. මෙච්චර වැඩියෙන් අය කරලත්, මේවා පාඩු ලබනවා කියන්නේ, අති විශිෂ්ටයි තමයි.

:       0       22

vernon Wednesday, 08 January 2025 08:58 AM

මේ පුවතේ මුලින් කියන්නේ හඳුන්වාදීමක් වුවත් පස්සේ තියෙන්නේ තියෙන සහනය තවත් දිගු කිරීමක්නේ.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


ට්‍රම්ප් බලයට ඇවිත් දින 100 යි
2025 අප්‍රේල් මස 30 129 0

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක


ඡන්ද පත්‍රිකාව නොලැබුණ අයට තැපෑලෙන් පණිවිඩයක්
2025 අප්‍රේල් මස 30 45 0

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයන් තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලවලට පැමිණ අනන්‍යතාව තහවුරු කිරීමෙන් ඒවා ලබා ගත හැකි බව තැපැල් දෙපාර


ස්විස් තානාපතිනියගේ සේප්පුවෙන් ලක්ෂ 45ක රන්බඩු සොරාගෙන
2025 අප්‍රේල් මස 30 546 0

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්


ඡන්දෙට නාරාහෙන්පිට මෝටර් ට්‍රැෆික් වැසේ
2025 අප්‍රේල් මස 30 160 0

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.


සෞඛ්‍ය නොතකන දන්සල් අවලංගුයි
2025 අප්‍රේල් මස 30 267 0

වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 188 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 52 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1082 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site