
(අංජුල මහික වීරරත්න)
ආගමික භේද ඇති කරමින් ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන රජය දැඩිව මර්දනය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
ජාතිවාදය ආගම්වාදය පැතිරවීමේ ක්‍රියා සක්‍රීය වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත් ඉඩ නොදෙන බව ද අබේවර්ධන මහතා අවධාරණය කළේය.
කොළඹ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය. වැටුණු රට ගොඩනැගීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට බාර ගැනීමේ මූලික අරමුණ බව කී අබේවර්ධන මහතා සියලු මහජන නියෝජිතයන්ගේ වගකීම සියලුම දෙනා ජාතික එකඟතාවයකින් යුතුව කටයුතු කිරීම බව පැවසීය.
පසුගිය කාලයේ ඇතැම් පුද්ගලයන් පෞද්ගලික තීන්දු තීරණවලට මුල් තැන දෙමින් කටයුතු කිරීම නිසා ජපානයට ලංකාව සම්බන්ධයෙන් ඇති වී තිබුණු සැකය සහ අවිශ්වාසය දුරු කොට නැවත විශ්වාසය ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය ඉවහල් වූ බවද අබේවර්ධන මහතා අවධාරණය කළේය.
නිදහසින් පසුව වසර 75 ක් රටේ කිසිම නායකයකුට ජාතික වැඩසටහනක් දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරන්න අවස්ථාව උදාවී නැතැයි කී අබෙිවර්ධන මහතා එවන් සෑම අවස්ථාවකදීම කෙටි කලකදී ඒ නායකයා මරා දැමීම නායකයා අකාලයේ දේශපාලනයෙන් සමුගැනීම වැනි දේ නිසා ශ්‍රී ලංකාව අස්ථාවරභාවයකට පත්වී තිබෙන බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආගමික අපහාස ගැන ආණ්ඩු පාර්ශවයෙන් ප්‍රකාශයක්
විපරමා Sunday, 28 May 2023 05:29 PM
බලලෝබි දූෂිත දේසපාලුවො කෙරුවෙත් ජාති බේද,ආගම් බේද ඇති කරලා ජනතාව කුපිත කරවලා බලයට එන්ඩ ගේම් ගහපු එක .
Channs Sunday, 28 May 2023 06:39 PM
ඔබ හරි. අපේ පිනට බිහිවූ පුතෙක්
Channa Sunday, 28 May 2023 06:52 PM
චන්ද බා ගන්න පුලුවන් වේවිද?
anura - galle Sunday, 28 May 2023 07:49 PM
අනේ පලයන් පිස්සු පිනෝ.මේකා මහජන චන්දෙකින් ආවානම් කොහොම හිටියිද.කොන්ද පනතියෙනවානම් , වරෙන් චන්දෙකට. චන්දෙන් පස්සේ ගෝල්ෆේස් එකට ගෙනත් හම ගලවන උන්ගේ ලිස්ට් එකේ රනිල් ගාවට ඉන්නේ උඹ බව දැනගෙන පුරසාරම් දොඩවපන්.
සසර Monday, 29 May 2023 07:19 AM
දේශපාලන බේද ඇති කරමින් වසර 75ක් තිස්සේ ජාතියම විනාස කලේ ඔයාලාගේ පංතියේ අයයි වජිර. දැන් මිනිස්සුන්ට වැලේ වැල් නෑ. කෝ එහෙමයි කියලා ඔයා ලංගමේ ගමන් ගියාද ? නෑ. මහජන පොලට ගිහින් බඩු ගත්තාද ? නෑ. කොටින්ම කියතොත් ඔයාලා මහජනතාව අතරට ගියේ නෑ. ඒ උනත් මොකක් හරි සම්ප්‍රප්පලාපයක් දාලා නිව්ස් මවනවා. මීට වඩා හොදා තන්තිරිමලේ දුශ්කර ඉස්කෝලෙක ලමයින්ගේ දක්ශතා පත්තරේ දැම්මානම්. මාධ්‍ය මල්ලිලාත් මේකට 50% වග කියන්න ඕනා.
සත්‍ය ගවේෂී. Monday, 29 May 2023 12:41 PM
එතකොට අර එක්කෙනෙක් කිව්වේ, සිවුරු දාගත්ත බට්ටෝ කියලා.. ඒක අපහාසයක් නෙමේද වජිර... ඔබලා මොන පිදුරු ගස්වල එල්ලෙන්න හැදුවත් ඔබලා ජනතාව ප්‍රතික්ෂේප කළ අය බව අමතක කරන්න එපා...