IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කළේය.

අධිකරණයට අපහාස කළ බවට හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහි චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛාධිකාරීවරයා විසින් විවෘත අධිකරණයේදී ඔහුට බාරදී කියවා දීමෙන් අනතුරුව අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව පැවසීමෙන් අනතුරුව නඩුව විභාග කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගය අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට නියම කළේය.

නීතීයේ උත්තරීතරම ආයතනය දුන් නියෝගයක් ක්‍රිියාත්මක නොකරන්නේ නම් ඒ පිළිබඳ නිහඬව සිටීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැති බව පෙන්වා දෙමින් නඩු විභාගය අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල නඩු විභාගය ලබන වසරේ ජනවාරී 22 වැනිදා ආරම්භ කිරීමට තීරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ  සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.



අදහස් (4)

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්

Manjula Wednesday, 25 September 2024 05:23 PM

නියම තීරණයක්...

:       4       14

fairoos Wednesday, 25 September 2024 05:38 PM

මේක අලුත් නිතියක්ද? දන්නේ නැති හින්දයි ඇහුවේ...!

:       13       7

saparamadu Wednesday, 25 September 2024 05:53 PM

එහෙම නම් වැඩබලන පොලිස්පති කෙනෙක් පත් කරන්න දුන්න නියෝගය ඉටු නොකළ රනිලුත් රිමාන්ඩ් කරන්න.

:       3       17

Lakmal Wednesday, 25 September 2024 06:07 PM

ටිරාන් අලස්ට කඩේ යාමේ ආදීනව...!

:       2       8

ඔබේ අදහස් එවන්න

දියත

‘ණය සහන ගන්න මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරනවා‘
2024 සැප්තැම්බර් මස 25 117 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 171 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1344 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 348 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 786 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 511 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37092 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24438 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site