(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් වයිරසය ආසාදිතව ඇති බවට හඳුනාගෙන ඇතැයි ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.
ආගරපතන, ඇල්බියන් වත්තේ තෝන්ෆීල්ඩ් කොටසේ මංගල උත්සවයකට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් වයිරසය ආසාදිතව ඇති බවට මීට පෙර හඳුනාගෙන ඇති අතර එම මංගල උත්සවයට මෙම සභාපතිවරයාද සහභාගිවී තිබිණි. මේ හේතුවෙන් ඔහුට කරන ලද පී. සී. ආර්. පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිතව ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන තිබේ.
මෙම සභාපතිවරයා මැති ඇමැතිවරු හා ප්‍රාදේශීය දේශපාලඥයන් සහභාගි වු ප්‍රධාන දේශපාලන රැස්වීම් කීපයකටද ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, සභාපතිවරයා පසුගිය දිනවල ගොස් ඇති ස්ථාන හා සමීප සබඳතා පැවැත් වු පිරිස් සොයා විශේෂ විමර්ශනයක් මේ වනවිට සිදු කරමින් පවතින බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.
කොවිඩ් ආසාදිත සභාපතිවරයා කොව්ඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට අද (21) පියවර ගෙන ඇති බවද ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආගරපතන ප්‍රා.සභාපතිට කොරෝනා
sharm warn Tuesday, 22 December 2020 10:17 AM
මෙයා එක්ක රැස්වීමකට රාජපක්ෂ කෙනෙකුත් ඉඳලා තියෙනවා.