IMG-LOGO

2025 ජනවාරි මස 14 වන අඟහරුවාදා


ආචාර්ය හුටපටය: සභාලේඛන ලොක්කා හෙට සීඅයිඩියට

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ  අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම  ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන්  කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්  ලබා ගැනීම සඳහා හෙට (15) පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ  ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ  ජයලත් පෙරේරා මහතාට  දැනුම්දී ඇත.

එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පැමිණ   මෙයට පෙරද  ජයලත් පෙරේරා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණ.

පාර්ලිමේන්තු වෙබ් අඩවියට මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කිරීමේ වගකීම පැවරී ඇති  සභා ලේඛන කාර්යාලය  පවතින්නේ  ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂවරයා යටතේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙයට පෙර සභාලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයාද   අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය  සඳහන් කළ  එම කාර්යාලයේ සේවකයකු  සහ සේවිකාවකද   එ්  දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

මේ අතර සභානායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක සඳහන්ව තිබූ තොරතුරු අනුව හර්ෂණ  නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කළ බව එම සේවකයන්  එහිදී  සඳහන් කර තිබිණැයි කියති . එම ලේඛනය සභානායක කාර්යාලයට  ලැබී තිබුණේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන්  බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන්  කළේය

මේ අනුව එම කාර්යාල දෙකේ  නිලධාරීන්ගෙන්ද මේ පිළිබඳව ඉදිරියේදී ප්‍රශ්න කෙරෙනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ වෙබ්  අඩවියේ තමාගේ නම ඉදිරියෙන් ආචාර පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදු වූ බව පවසමින් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණ පැමිණිල්ලක් කළේය.

එම දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කළේ ඒ අනුවය.

මේ සිද්ධිය  කතාබහට ලක්වීමෙන් පාර්ලිමේන්තුවේද  දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.



අදහස් (4)

ආචාර්ය හුටපටය: සභාලේඛන ලොක්කා හෙට සීඅයිඩියට

pj Tuesday, 14 January 2025 05:25 AM

ඔය කියන හුටපට විසඳන්න යන වියදම මහජන බදු මුදල් නේද..?

:       1       4

Gonman Tuesday, 14 January 2025 07:59 AM

මගෙ නමටත් ඉසසරහින් කවුදෝ ආචාර්ය කියලා දාලා බලන්නකෝ මිනිස්සුන්ගේ මේවා කරන්නේ

:       0       5

පූගොඩආරච්චි Tuesday, 14 January 2025 08:46 AM

මෙම පරිගණක ගත කරන තොරතුරු අදාළ මන්ත්‍රීවරුන් විසින් සභානායක කාර්ලයට ලබා දෙන තොරතුරු වන අතර, සභානායක කාර්යලයට පත්වූ විශ්‍රාම ලත් පාරල්මේන්තු නිළධාරියෙකු විසින් තම ගැලවිල්ලට මෙලෙස ඇත්ත වශයෙන්ම ඉතාමත් අහිංසක නිළධාරීන් දෙදෙනෙකු බිල්ලට දීමක්ය.

:       1       5

ගුණරත්න Tuesday, 14 January 2025 09:09 AM

මේක දැන් මහා විහිළුවක් වෙලා තියෙන්නේ, මිනිස්සු හිනා වෙනවා.

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 

දියත

නව සංචාරක කලාප 13ක්
2025 ජනවාරි මස 14 148 0

සංචාරක කලාප 13 ක් අලුතින් හඳුනාගෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. යාපනය - කුච්චවෙලි, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, මාතලේ සහ ත්‍රිකුණාමළය වැනි ප්‍


චීනාට මැණික් පන්නන්න බැරිවේ
2025 ජනවාරි මස 14 202 0

රුපියල් දෙකකට ආසන්න වටිනා මැණික් තොගයක් , සිය ඇද සිටි යට ඇදුම් අතර සඟවා ගෙන චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතික පියකු සහ දියණියක කටුනායක ගුවන් තොටුපොළ


වරායේ බත් පැකට්ටුවේ කැරපොත්තෙක්
2025 ජනවාරි මස 14 760 1

දකුණු ආසියාවේ විශාලතම මුළුතැන්ගෙය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාලනය කරන කොළඹ වරාය කුස්සියේ අඹ මාළුවේ විශාල කැරපොත්තෙක් සිටි බ


තෛපොංගල් උත්සවයෙන්
2025 ජනවාරි මස 14 124 0

’’අස්වැන්න නෙලීමේ උත්සවය’’යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි.


විදුලි බිල සියයට 30 ක් අඩු කළ හැකියි
2025 ජනවාරි මස 14 794 3

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීමේදී විදුලි ගාස්තු සියයට 20 ත් 30 ත් අතර ප්‍රතිශ


වෙහෙරගල -ලුණුගම්වෙහර වාන් දොරටු විවෘත කරයි
2025 ජනවාරි මස 14 281 0

අධික වැසි සහිත කාලගුණයෙන් වෙහෙරගල ජලාශය සහ ලුණුගම්වෙහෙර ජලාශය ජලධාරිතාව ඉහළ ගොස් ඇති හෙයින් එම ජලාශ දෙකෙහි පිට වාන් දොරටු විවෘත කිරීමට සිදුවූ බව ජලාශ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 199 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 544 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 297 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site