(අංජුල මහික වීරරත්න)
කොරෝනා එන්නත වෙනුවෙන් ඩොලර් කෝටි 20ක් ඉකුත් නොවැම්බරයේ ආයෝජනය කළා නම් අද මෙවැනි එන්නත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට වන්නේ නැතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ආණ්ඩුව දැන් පළමුව කළ යුත්තේ වෛද්‍ය උපදෙස් පිළිපදිමින් වයිරසය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය කර ගැනීම බව කී වික්‍රමසිංහ මහතා මෙි මොහොතේ ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිත බිල්ලට දෙන්න එපා යැයිද එසේ කරන්නට ලංකාව බහිරව කන්දක් නොවෙි යැයිද සඳහන් කළේය.
ලංකාවේ රුපියල බාල්දු වුණේ මහ බැංකුව මුදල් අච්චු ගැසූ නිසා බවත් මෙි මොහොතේ ජනාධිපති සහ කැබිනට් මණ්ඩලයත් ව්‍යවස්ථාවෙන් තිබෙන බලතල ගෙන රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය සැලසුම් සකස් කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමයි‘‘
kalana Sunday, 23 May 2021 12:35 PM
කාලකන්නි, පළමු රැල්ලෙන් පස්සේ මොකුත් කලේ නැහැ.
KamalSunday, 23 May 2021 01:32 PM
සහතික ඇත්ත...
gamunuSunday, 23 May 2021 01:36 PM
රජයේ නොහැකියාව සහ වගකිවයුතු සෞඛ්‍ය බලධාරීන් එක්ව වගකීම් සහිතව ක්‍රියා නොකිරීම නිසා වෛරස් ව්‍යාප්තිය පාලනය මේ වනවිට බලධාරීන්ගේ පාලනයෙන් ගිලිහි ගොස් ඇත. දෙවනුව දේශපාලන බලාධිකාරියේ නොහැකියාව සහ ලංකාවේ සිටින විදේශ තානාපති අංශයන් සහ රජය අතරද සහ විදේශ රටවල සිටින ලංකාවේ තානාපතින් එම රටවල් අතරද සමීප සම්බන්ධතාවයක් නොව හිඩැසක් තිබෙන බව පෙනෙන්නට ඇත...
chandima Sunday, 23 May 2021 01:18 PM
කළ දුටු කල වල ඉහගන්න හදනවා. රුපියල බාල්දුවුණේ මහබැංකුවේ සල්ලි හොරකම් කරපු නිසායි. ඔහේගේ මම රුපියල් 5ට ඩොලර් එක තිබුණු කාලේ විවෘත ආර්ථිකේ කියලා රුපියල බාල්දු කරපු දවසේ ඉඳන් අද වෙනකල් සල්ලි අච්චු ගැහුවා මතක නැද්ද? කඩ ගිනි තියලා, පුස්තකාල පුච්චලා අවුරුදු 30ක යුද්දෙට රට ඇදලා දැම්මා. මතක නැතිද? ඒ යුද්දේ ඉවර කරනවා වෙනුවට සුද්දා පස්සෙන් ගියා මතක නැතිද? අන්තිමේදී සුද්දන් ඔහේට කොකා පෙන්නලා ලංකාව, ඉන්දියාවට බූදල් කරා මතක නැතිද? මෙයා හිතන් ඉන්නේ ආයෙත් අපිව අන්දන්න පුළුවන් කියලා..
සෙනෙවිරත්න Sunday, 23 May 2021 02:39 PM
පරණ කතා කෙසේ වෙතත් රටේ උද්ධමනයට හේතුව ආදායම් නොලබන ව්‍යාපෘති වල ණය වාරික ගෙවීමට සිදුවීම නොවේද? තම නම ගසා ගැනීමට ආරම්භක කළ මුත් සත පහක ආදායමක් නැත.
විපරමා Sunday, 23 May 2021 02:55 PM
අවුරුදු 73ක් තිස්සේ මාරුවෙන්, මාරුවට බලයේ හිටපු කවුරුත් කෙරුවේ රට කාපු එක... බලලෝභී බඩගෝස්තරවාදි දූෂිත දේශපාලකයන් ඉන්න රටක් වෙච්චි. තව මොන කතාද?
අනුරුද්ධ Monday, 24 May 2021 12:41 AM
ආයේ අන්දන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. කියන්න එතුමා දන්නවා ඇති. මොකද දැන් හොඳටම ඇදගෙනනේ ඉන්නේ... ?
චමින්දMonday, 24 May 2021 01:42 AM
චන්දිමා නෝනේ. රුපියල බාල්දුවෙන්නේ කොහොමද කියලා හිතන්න නෝනෙට සතපහකවත් ආදායමක් නැහැ කියලා හිතමු. එහෙම තියෙත්දි හොරට සල්ලි අච්චු ගැසුවොත් මොකද වෙන්නේ? දැන් වෙලා තියෙන්නෙත් රුපියල් 5000 බෙදන්න.. එහෙම සල්ලි අච්චුගැසීම තමයි. මෙතුමා මේ වනතෙක් බලයේ හිටියානම් රාජිත සෞඛ්‍ය ඇමතිව සිටියා නම් මෙලහටත් ලංකාවේ කොරෝනා නැහැ.
chandimaMonday, 24 May 2021 03:30 AM
මට පේන්නේ මෙයා බලයේ ඉද්දී ඔලුව කෙළින් තියාගෙන උන්නාට පැරදුණාම ඔලුවෙන් හිටගන්නවා ඇති. පැරදුණාම රට කරවන්න උපදෙස් දෙන්න මොලේ පහළ වෙන්නේ...
ranilMonday, 24 May 2021 06:24 AM
අතීත කතා කියකිය දැන් ඉන්න අයට හොරකම් කරන්න, යහ පාලනය කරන්න දෙන්න එපා හලෝ.. ආණ්ඩු මාරු කරන්නේ ඒක නිසා තමයි.. නොම්මර එකේ බයියෙක් වගේ... කොහොමත් ටයිකෝට් කාරයින්ට ගොපල්ලෙක්ගේ ජොබ් එක කරන්න බෑ. මීහරක් බලාගන්න..
chandimaMonday, 24 May 2021 11:13 AM
ආණ්ඩු මාරු කරන්නේ ඒ ආණ්ඩුව හොඳ නැති නිසා... නැතිනම් අසාර්ථක නිසා... ඒ මදිවට බිංදුවට බස්සලා ගෙදර යවන්නේ හොඳටම අසාර්ථක නිසා එළෙව්වට පස්සේ පඬි වදන් කිය කියා ඉන්න නොවේ. කතාව ඇත්ත ටයි කෝට් කාරයින්ට අපිත් කියන්නේ මී හරක් බලාගන්න කියලා තමයි...
mihira Sunday, 23 May 2021 01:32 PM
පළමු රැල්ලෙන් පස්සේ මොකුත් කලේ නැහැ.
chandra Sunday, 23 May 2021 01:39 PM
රනිල් හරි, හිටං හරි හිටියා නම් මෙහෙම වෙන එකක් නෑ.
ගමේ එකාලාSunday, 23 May 2021 05:25 PM
කවුරු හිටියත් ඔච්චර තමා. කයිවාරු ගගන එකනේ සිද්ද වෙන්නේ .
මංගලMonday, 24 May 2021 08:16 AM
ඔව් ඔව් මෙහෙම නොවේ විශාලාවක් වෙලා තමයි ඉවර වෙන්නේ... මෙයා පාර්ලිමේන්තුවේ විහිලු කරකර ඉඳියි. අපි නොදන්න රනිල්. ලැජ්ජා නැතුව කටත් අරිනවනේ... අපිට වඩා හොඳට මෙයාලා කරනවනේ කියලා කිව්වොත් මිනිස්සු පිළිගනීවි...
chandimaMonday, 24 May 2021 11:18 AM
අතට දුන්නු දේ කටට දාගන්න බැරි මිනිහෙක් කොහොමද කොරෝනා මර්ධනය කරන්න උපදෙස් දෙන්නේ? මෙයාගේ උපදෙස් අනුව වැඩකළොත් රටම අසාර්ථක වෙනවා. මාධ්‍යවලින් පිම්බුවට කොරොස් කටේ අත දාගන්නවත් බැහැ. ඒකනේ මිනිස්සු බස්සලා ගෙදර යැව්වේ...
Nimal Sunday, 23 May 2021 01:40 PM
සර් හැමදේම දන්නවා එයාට උපදෙස් දීලා වැඩක් නෑ. හැබැයි කෙලවෙනකොට සෞඛ්‍ය අංශ පිට දාලා ඇඟ බේර ගත්තු බව ගියපාර කොවිඩ් රැල්ලෙදි අපි දැක්කා. ඔබතුමාලාගේ ආණ්ඩුවට එදා බුද්ධි අංශ එච්චර කියලත් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරිවුණා. මේ ආණ්ඩුවට සෞඛ්‍ය අංශ කොච්චර කිව්වත් මිනිස්සු මැරෙන්න ඇරලා ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා. බලය තියෙන කොට ඔය දෙගොල්ලන්ම අතර වෙනසක් නෑ...
chandimaSunday, 23 May 2021 07:31 PM
අපෝ.., සර් දන්න දෙයක් නැහැ. මෙයානේ සේරම දන්නේ... මතක නැතිද අවුරුදු 4 1/2ක් රට අසාර්ථක කරලා ගියා...? නිකන්ම නොවේ තමන්ට ඡන්දෙ දුන් මිනිස්සු වෙනුවෙන් එක මන්ත්‍රී කෙනෙක්වත් පාර්ලිමේන්තුවට එවන්නේ නැතිව.. ලංකාවට කෙළවුණේ මේ නිසා තමයි. ලංකාවේ ප්රජාතන්ත්රවාදයත් නැතිකළා. අද අපිට අපේ කෙනෙක් පාර්ලිමේන්තුවට යවාගන්න බැහැ..
Sri Lanka Sunday, 23 May 2021 08:12 PM
අනේ කටවහන් ඉන්න මුත්තේ... අායේ පාර්ලිමේන්තු යන්නද හදන්නේ... මේ නහින දෙහින කාලේ...
Giyan Sunday, 23 May 2021 09:53 PM
සැරින් සැරේට නරි හූ කියනවා...
Bandara Sunday, 23 May 2021 11:42 PM
ඔබතුමා හැර පවතින තත්ත්වයට මුහුණ දිය හැකි පලපුරුදු නායකත්වයක් රටේ නැත. මේ ඔබගේ සේවය රටට අවැසි මොහොතයි.
Anurudda Monday, 24 May 2021 12:37 AM
රනිල් වික්‍රමසිංහ මහතා යනු රටේ පිනට පහළ වූ එහෙත් කාගේ හෝ කරුමයක් නිසා රටට නිසි ප්‍රයෝජනයක් ගත නොහැකිවූ නායකයෙකි. 2002 චන්ද්‍රිකා, රනිල්, 2007 මහින්ද, රනිල් (සාකච්ඡා පමණක් විය), 2015 මෛත්‍රි රනිල් මෙම පාලන කාලයන් තුන තුලදි රනිල් නියමාකාරයෙන් මෙහෙයවාගෙන රටේ දියුණුුව වෙනුවෙන් කිසිවකු කටයුතු කලේ නැත. එයට හේතුව රනිල්ගේ හැකියාව පිළිබඳ අනෙක් පාර්ශවයේ තිබුණු බය හා රනිල්ට තම හැකියාව පිළිබඳ තිබූ අධිතක්සේරුව වේ.
p.d goonawardena Monday, 24 May 2021 03:52 AM
ඔහේගේ ඔය වදන් ඕනෑ නැහැ.. හිටපු කාලේ කරපුවා තවම මතකයි.. ඉතින් දෙයක් කාලා ගෙදරට වෙලා ඉන්න....