IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් විමල්ට විරෝධය

(අජන්ත කුමාර අගලකඩ)
 
ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (09) උදේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසකගේ දැඩි විරෝධයක් එල්ල වූ බව වාර්තා වේ.

වීරවංශ මහතා ආණ්ඩු පක්ෂ රැස්වීමට අද (09) සහභාගී වී නැති නමුත් ඔහු සති අන්ත පුවත්පතකට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ඔහුට මෙසේ දැඩි විරෝධය පළකර ඇතැයි දැනගන්නට තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 01දී අද (09) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ මැති ඇමැතිවරුන් පිරිසක් වීරවංශ මහතාගේ නම සඳහන් කරමින් විරෝධය පළකර ඇත. 
රාජ්‍ය ඇමැති නිමල් ලංසා මහතා නැගී සිටිමින් වීරවංශ මහතා ගැන සඳහන් කරමින් මුලින්ම විරෝධය පළකර ඇති අතර ඔහු මීගමුව උසාවියේ ඇති නඩුවකට ගොස් ඇති බැවින් ගොස් ඇති බැවින් ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගී නොවූ බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇත.

එසේ වුවද වීරවංශ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය මැති ඇමැතිවරුන් නැගී සිටිමින් දැඩි විරෝධය පළකර ඇත.

එහිදී නැගී සිටි ඇමැති වාසුදේව නානායක්කාර මහතා විමල් වීරවංශ ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් රැස්වීමේ නැති අයෙකු සම්බන්ධයෙන් කතා නොකරන්නැයි ඉල්ලා ඇත.

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් වාසුදේව ඇමැතිවරයාට ද දැඩි විරෝධය පළකරමින් සහ දෝෂ දර්ශනයට ලක්කළ බව වාර්තා වේ.

වාසුදේව නානායක්කාර මහතා විරෝධය නොතකා අදහස් දක්වද්දී ඇතැම් මන්ත්‍රීවරුන් ඔහුට බැණවදින්නට වූ බවද වාර්තා වේ. 
අනතුරුව අගමැතිවරයා මැදිහත් වී සභාව පාලනය කර ඇති බවද වාර්තා විය.

මේ අතර අදහස් දක්වා ඇති ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ද වීරවංශ මහතාගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක්කළ බව වාර්තා වේ.

වීරවංශ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවන ලෙසද මැති ඇමැතිවරුන් පිරිසක් එහිදී ඉල්ලා ඇත.

පොදුජන පෙරමුණේ නායකත්වයෙන් එහි තනතුරු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට විමල් වීරවංශ ඇමැතිවරයාට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැතැයි ද, ඒ සම්බන්ධයෙන් ඔහු සමාව ගත යුතු යැයිද මැති ඇමැතිවරුන් ප්‍රකාශ කර ඇත. 



අදහස් (16)

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් විමල්ට විරෝධය

Nuwan Tuesday, 09 February 2021 01:36 PM

ආණ්ඩුවට දිනෙන් දින නැගීගෙන එන ජනතා විරෝධය වෙනතක හරවන්න ගෙනාපු තවත් නාටකයක්...! අපි ඉස්කෝලේ 5වැනි පන්තියේදී ඔය සෙල්ලම කරලා තියෙනවා. මෙය හිතනවා ඇති මෙයා වගේ අපිත් ඉස්කෝලේ ගියේ නැහැ කියලා!!

:       49       90

gamunuTuesday, 09 February 2021 02:43 PM

විමල් තමයි මේ ආණ්ඩුව හැදුවේ. මහින්ද එක්ක හිටියේ විමල්... විමල්ට කොකු දානවා නම් ආණ්ඩුවෙන් එළියට යන්න වුණත් විමල් බය නැති අභියෝග බාරගන්න චරිතයක්...

:       1       0

vipula Tuesday, 09 February 2021 01:37 PM

බොරු කතා..!!! මැක්කා කවදාවත් මී හරකාව මරන්න හදනවද?

:       34       84

wimale Tuesday, 09 February 2021 01:59 PM

රටේ දැවෙන ප්‍රශ්න අමතක කරන්න රඟදක්වන සෙප්පඩ විජ්ජා... මේ ගොල්ලෝ මේවාට හරි දක්ෂයි. දැක්කේ නැද්ද අර ලස්සනට ඇඳගත්තු ගොවි මහත්තයෙක් අලුතෙන්ම හදපු පැලකට නංවලා දාපු සංදර්ශනය...

:       21       76

Rashmi Tuesday, 09 February 2021 02:06 PM

තවත් නරි නාටකයක්.... ජනතාව රවට්ටන්න ගෙනාපු ප්‍රයෝගයක්...

:       15       73

pradeepa Tuesday, 09 February 2021 02:50 PM

මේ අය බැනලා නොවෙයි, ගහලා පැන්නුවත් වෙන කොහෙවත් යන්නේ නැහැ. සාටකයේ එල්ලිලා ඉන්නවා.

:       24       54

බද්රානි Tuesday, 09 February 2021 02:53 PM

මේක රටක්ද, එහෙම නැත්නම් පිස්සන් කොටුවක්ද කියලයි මම මේ කල්පනා කරන්නේ? පිස්සෝ හිතන්නේ ඔවුන් දකින හැමෝම පිස්සන් කියලනේ... ඒක තමයි මේ අයගේ මනසේ ස්වභාවය. මොනවා කරන්නද පූරුවේ කළ පවකට අපිත්, ඉපදුනාට?

:       35       48

chandanaTuesday, 09 February 2021 05:40 PM

ඔබ හිතන දේ පමණයි හරි... අනිත් අය හිතන දේ වැරදියි කියලා හිතන ඔබටත් පිස්සු කියලයි මට නම් හිතෙන්නේ.. දේශපාලන පක්ෂයක ප්‍රශ්නයක් ඔබ ඕනෑවට වඩා හිතට අරගෙන මේ බිමේ ඉපදුණේ පූරුවේ පවකට කියලා හිතෙනවා නම් එහෙම නොහිතන අපිට පව් නොදී මෙලොවෙන් තොලොංජි වෙලා වෙනත් රටක පුනර්භවය ලබා ගන්න පුළුවන්. සමාජය විවිධාකාර බව තේරුම්ගත නොහැකිව උපන් රටට ගරහන්නන් රටට ශාපයකි...

:       0       0

BamunuarachchiWednesday, 10 February 2021 02:47 AM

තමන් ගැනත් එහෙම හිතෙන්නේ නැද්ද?

:       0       0

kamalWednesday, 10 February 2021 09:05 AM

අපි නම් තාමත් 70වේ වාර්තාව තමයි ගහන්නේ. පින්කෙත හෙළ රන් දෙරණේ..

:       0       0

beau Tuesday, 09 February 2021 02:58 PM

පොදු ජන දේශපාලකයෝ ජනපතිගේ දර්ශනය විනාශ කරන්න යන්නේ.. ඔල මොට්ටලයින් නිසා තමයි ගිය සැරේ මහින්ද මහත්තයා පරාද වුණේ...

:       0       0

Lanka Tuesday, 09 February 2021 03:13 PM

අයියෝ සර්... සිරිසේන කවුද? ඔයානේ සිරිසේන...!!! 

:       0       0

විපරමා Tuesday, 09 February 2021 08:45 PM

දේශපාලකයන් රඟපෑම්වලට හරි දක්ෂයි කියලා අපි දැනගෙන හුඟාක් කල්..

:       0       0

sira Wednesday, 10 February 2021 06:17 AM

2025 ඡන්ද ප්‍රතිඵල.. මහින්ද මැදමුලනට ගොස් ඇත. 2015 වගේ පෝලිමේ සෙනඟ නැත. වටේ හිටපු හොඳ මිනිස්සු ටිකත් නැත. අවස්ථාවාදී සෙට් එක පැත්ත මාරු කර ඇත. ඇමතිකමුත් අරන් ඇත. මහින්ද සුළඟවල් නැත. බැසිල් රටෙත් නැත. මොකද ඔහුට ඩුවල් සිටිසන් ඇත.

:       0       0

fairoos Wednesday, 10 February 2021 09:16 AM

මේවා නිකන් තව නාඩගමක් විතරයි. ඕනනම් බලන්න හෙට පාර්ලිමේන්තුවේ කියයි මද්‍රසා පාසල් වහාම තහනම් කරන්න ඕනේ කියලා.. එතකොට විමල් වීරයා...

:       0       0

paniya Wednesday, 10 February 2021 09:17 AM

කෝවිඩ් 19 නිසා සිදුවුණු තවත් ජනතාව රවටන අතුරු ආබාධයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 608 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 209 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 411 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 293 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


ජන්ද කාඩ් බෙදීම අදින් අවසන්
2024 නොවැම්බර් මස 07 95 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 912 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 47 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1376 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site