(නිමන්ති රණසිංහ)
විදුහල්පති සේවයේ වැටුප් සියයට 25කින් ද, ගුරු සේවයේ වැටුප් සියයට 13කින් ද ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බැවින් ඒ පිළිබදව අවධානය යොමු කොට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන ලෙසට ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
කැබිනට් මණ්ඩලය ලබාදුන් එම පොදු විසඳුම පිළිගන්නා ලෙස ගුරු වෘත්තීය සමිතිවලින් ද ඉල්ලීමක් කරන බව අමාත්‍යවරයා සදහන් කළේය.
ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා ඒ පිළිබඳ නිරේදේශ ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජික විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
විදුහල්පති III සේවයේ සියයට 19%කින් ද, විදුහල්පති II සේවයේ සියයට 22%කින් ද, සහ විදුහල්පති I සේවයේ වැටුප් වැඩිකිරීම සියයට 25%කින් ද, වශයෙන් ගුරු වැටුප් වැඩිකීරීමක් කැබිනට් අනුකමිටුව ඉදිරිපත් කළ වාර්තාවට අනුව නිර්දේශ කර ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
විදුහල්පති III සේවයේ වැටුප් වැඩිකිරීම සියයට 19%කින් ද, එනම්, මේ වන විට පවතින වැටුප වන රුපියල් 35,000, රුපියල් 42,000 ක් දක්වා ද, විදුහල්පති II සේවයේ වැටුප් වැඩිකිරීම සියයට 22 %කින් ද, එනම් දැනට පවතින රුපියල් 42,000 වැටුප රුපියල් 48,000 දක්වා ද වැඩිකිරිමට මෙමගින් නිර්දේශ නිකුත් කළ බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
විදුහල්පති I සේවයේ වැටුප් වැඩිකිරීම සියයට 25%කින් ද, එනම්, මේ වන විට පවතින වැටුප රුපියල් 42,000, රුපියල් 58,345ක් දක්වා වැඩිකිරීමටත් එමගින් නිර්දේශ කර ඇතැයි ද ඔහු පැවසීය.
ගුරු වැටුප් වැඩිවීම එස් එල් පී එස් 3, සදහා මේ වන විට වැටුප 27,000ක් වන අතර එය 31,000කට වැඩි වන බවත් එය 13% ක වැටපු් වැඩිවීමක් බවත්, සදහන් කළ අමාත්‍යවරයා, ඊට පහළ තනතුරුවල 19% ගාණකින් වැඩිවිමක් නිර්දේශ කර ඇතැයි ද පැවසිය.
මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ල
මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ.
මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුවේ විසඳුම් පිළිගන්නැයි ඇමැති වීරවංශ ගුරුවරුන්ගෙන් ඉල්ලයි
Raveendra Thursday, 02 September 2021 09:00 AM
අප මෙසේ යෝජනා කරන්නෙමු. මේ ඉන්නේ ගුරුවරුන් නොව ඉන්නේ එක එක්කෙනාගේ දේශපාලන අතකොලු මෙන්ම එක එක්කෙනාගේ නැට්ටුවන්ය. එබැවින් තව තවත් මේ අය ඉදිරියේ පිං සෙන්ඩු වීමෙන් පලක් නැත. මේ යෝජනාවලට කැමැත්ත දැක්වුවත් ඊළග ඉල්ලීම වන්නේ අපට නිදහස ලැබුනායයි කියන 1948 සිට අද දක්වා හිග වැටුප් මුදල් ගෙවන තෙක් ගුරු හොරුන් වන අප දිගටම වර්ජනය කරන්නෙමු යන්නය.
සත්‍යයThursday, 02 September 2021 01:32 PM
ගුරුවරුන් වැදගත් විදිහට මේක විසඳගන්න ගිය නිසා තමයි 20 වසරකට වඩා පමා වුණේ. ලංකාවෙ දූෂිත දේශපාලන ක්‍රමය මනුෂ්‍යයින්ගේ වැදගත්කම නසා දමා තිබෙනවා. ගුරුවරු වැටුප් වැඩි කිරීම් ඉල්ලුවේ නැති බව තර්කානුකූලව ලියා ඇති කරුණු අවබෝධ වූ සාමාන්‍ය බුද්ධියක් ඇති අයටත් තේරෙනවා. ඔවුන් ඉල්ලුවේ චක්‍රලේඛනගත, ආණ්ඩුව ඡන්දයට පෙර ප්‍රායෝගිකව නිවැරදි කරනවා යයි කියූ වැටුපයි. ගුරුවරුන්ගේ අගය තේරෙන්නෙත් උගත් මනුස්සයෙකුට පමණයි. එන එන ආණ්ඩුවලට කඩේ ගිහින් කොමිස් කාලා පිම්බෙන තුට්ටු දෙකේ අයවලුන්ට කොහෙද ගුරුවරුන්ගේ වටිනාකමක්...
දොලේවත්තThursday, 02 September 2021 04:40 PM
හත්පොලේ ගාගෙන ඉන්න ආණ්ඩුවට කඩේ යන තවමත් වහල් බවින් මිදීමට නොහැකි වූ වහලුන් සාමාන්‍ය මිනිසුන් දකින්නේ හොරු ලෙසිනි
Prabath Thursday, 02 September 2021 10:13 AM
අපි ජිවිත කාලෙම ඉගෙනගන්නවනේ. මේගොල්ලෝ අපිට ඉගැන්නුවට අපෙන් ඉගෙන ගන්නේ නැහැ. හොඳ පාඩමක් උගන්වන්නම්
priyantha Thursday, 02 September 2021 10:16 AM
මම ඉන්නේ පිටරටක... මගේ වැටුප සතියකට රුපියල් 175,000.
මුණසිංහ Thursday, 02 September 2021 11:55 AM
සතියට වියදමත් කිව්වොත් හොඳයි...
priyanthaThursday, 02 September 2021 04:13 PM
වියදම අපගේ චර්යාව අනුව වෙනස් වේ... නිවස සඳහා බැංකුවට ගෙවන මුදල 40,000 (නිවසේ දැන් වටිනාකම ණය මුදල මෙන් දෙගුණයකි. ආයෝජනයි) අදායම් බදු 30,000, කෑමබීම 30,000, විදුලිය (නොමිලේ) (වෛද්‍ය පහසුකම් ,පාසල් නොමිලේ ). ගෑස්, දුරකථන, රක්ෂණය, වරිපනම්, ඇඳුම්, අනෙකූත් වියදම් සතියට රුපියල් 25,000. ළමුන් ඇත්නම් ගෙවන බදු නැවත ආපසු ලැබේ. දෙදෙනාම වැඩ කරනවා නම් අාදායම දෙගුණවේ. දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග...
ලමය Thursday, 02 September 2021 10:19 AM
මෙයා ඉල්ලුවාට නම් කවුරුත් ගණන් ගන්නේ නැහැ...
Bamunuarachchi Thursday, 02 September 2021 10:35 AM
ගුරුවරු දැනගන්න ඕනේ ඔය ප්‍රශ්නය අවුරුදු 24 ඇදුනේ ඔය මෝඩකම් නිසයි කියලා. බාර ගන්න බැරිනම් තව අවුරුදු 24 බලන් ඉන්න කියමු.
cp Thursday, 02 September 2021 10:51 AM
වැදගත් විසඳුමක් .ගුරුවරුන්ට පිලි ගත හැකි විය යුතුයි .අනෙත් සමාන සුදුසුකම් ඇති වෙනත් වෘර්තීන්ට අසාදාරනයක් වියහැකි මීට වඩා වෙන විසඳුමක්
Ratne Thursday, 02 September 2021 11:54 AM
ගුරු වැටුප් මෙන්ම වෙනත් ගැටළු සම්බන්ධ විරෝධතා ආරම්භයේ සිටම, එයට පාලක පක්‍ෂයේ උත්සාහය වූයේ ව්‍යාජ කරුණු, හේතු සහ අනීතික උපක්‍රම මඟින් එය කඩාකප්පල් කිරීමටයි. ආරම්භයේ දී ගුරුවරුන් අතුරින් 20-30% ක් එක්වුණු විරෝධතාවයන් සඳහා 80%ක් ඉක්මවා එක්වීමට හේතු වූයේ එම ගුරු සංගම් වලින් පලිගැනීමට සහ බලහත්කාරයෙන් පිරිසක් රඳවා ගැනීමයි. කෙසේවෙතත් පසුගිය මාසයේ අමාත්‍ය කමිටුවක් පත්කර විසඳුම් ඉදිරිපත් කිරීමට ගත් තීරණය ප්‍රමාද වී හෝ රජය ගත් හොඳ තීරණයක් වේ. එම කමිටුවේ සාධාරණ ලෙස විසඳුමක් ලබා සැකසීමට උත්සාහ කරන ඇමතිවරුන් ද සිටියි. නමුත් එය එසේ සිදු වී නැත. අවසන් ලෙස ලබා දී ඇති විසඳුම, සාධාරණ ලෙස ලබාදිය යුතු ප්‍රමාණයෙන් 50% කටත් අඩු ප්‍රමාණයක් බැවින් ගුරු අරගලය තවදුරටත් පවතිනු ඇත. මෙහිදී පාලක පක්‍ෂයේ ඇතැම් කොටස්වල පළිගැනීම සහ දේශපාලන වාසි අතහැර වඩාත් සාධාරණ විසඳුමක් ලබාදීමට කටයුතු කිරීම වඩාත් කාලෝචිතයි. එමෙන්ම මෙම වසංගත ගැටළු සහිත කාලය තුළ විශ්වවිද්‍යාල පනත, රසායනික පොහොර හා කෘමිනාශක පිළිබඳ නීති වැනි රටට විශාල බලපෑමක් සහිත කාරණා පිළිබඳ තීරණ ගැනීම මඳකට ප්‍රමාද කිරීම රටටම සුබදායක වනු ඇත.
SL Thursday, 02 September 2021 12:12 PM
මේ විසඳුමට අකමැති නම්, මම කියන්නේ, 8-6 ජොබ් එකක් කරන්න, පෙන්ෂන් ගන්න කියලා රජයේ රස්සාවක් විදියට ගුරු වෘත්තියට එන වර්ජනකාරයින් ටික ගෙදර යවලා, ගුරු වෘත්තියට එන්නම ආස, මාස්ටර්, ගුරු පුහුණු තියෙන පිරිසකට පාසල් ටික බාර දෙන්න කියලා...
HarshaThursday, 02 September 2021 03:43 PM
1. ගුරු වැටුප් වැඩීවීමක් ලෙස හුවා දැක්වීම වැරදියි. මෙය අහිමි කළ වැටුපක් (හිඟ වැටුපක්) ගෙවීමකි (වසර 24 සිට එන) 2. අධ්‍යාපන අමාත්‍යාංශ අතිරේක ලේකම් වරුන්ම 4 ක් හා ප්‍රධාන මූල්‍ය පාලක විසින් සකසන ලද සුභෝදිනී වාර්තාව ඉවත දැමීමට තරම් උසස් පෙළ නැති විමල්ට ඇති දැනුම කිම? 3. ගුරුවරුන් එම කමිටු වාර්තාව පිළිගෙන, දැනට ලබා දිය හැකි මුදලක් ඉල්ලීම අසාධාරණද? 4. රජය ගුරුවරුන් කෙරෙහි සමාජ වෛරය අවුස්සා මෙය විසඳීමට ගනු ලබන බොළඳ ක්‍රියා මාර්ග ගැටළුව තව දුරටත් අදගෙන යයි.
chandanaFriday, 03 September 2021 01:43 PM
ගුරු වෘත්තිය බිහි වී ගත වී ඇත්තේ තවමත් වසර 24 ක් පමණද, නැත්නම් ඒයට පෙරද ගුරු වෘත්තිය තිබුනේද, තිබුනා නම් ඒ් කවර කාලයක් සිටද, ඒ් කාලයේ පටන් පැවති වැටුප් පරිමාණ ගැන අවබෝධයක් තිබේද. මෙයට වසර 24 කට පෙර ඒක්තරා අයකු තමන්ගේ රැකියාව හේතුවෙන් අනෙකුත් වෘත්තින් ගැන නොසලකා ගුරු වරුන්ගේ පමණක් පඩි වැඩි කල බව දන්නේද, ඒයින් සමස්ථ රාජ්‍ය සේවක වැටුප් වල විෂමතාවයක් ඇති වූ බව අවබෝධ කරගත් වැටුප් කොමිෂමක් ඒම වරද නිවැරදි කල බව දන්නේද, ඒය නොදන්නේ නම් ඔබගේ දැනුමට වඩා විමල්ගේ දැනුම ඉහල බව ස්ථිරවම කියමි. කවුරුත් කියූ දෙයත් විමසා නොබලා ඒලෙසම තියන්නේ නම් ඒය උගත් කම නම් කාවට හුරු කල ගිරවුන්ද උගතුන්ය.
ase Thursday, 02 September 2021 12:14 PM
අපේ භාෂාව ලියන, කියවන සියල්ලම අකුරු ඉගෙනුම ලැබුණේ ඔය ඔබලා ගරහන ගුරුවරුන් නොවේද? මෙම ප්‍රශ්නය මෙතරම් බැරෑරුම් වී ඇත්තේ ආණ්ඩුවට ඇති විශ්වාසය නැතිවීම නේද? ගුරුවරුන්ට පමණක් නොව අපටත් විශ්වාසය ගැන බරපතල අවුලක් නේද?
Perera Thursday, 02 September 2021 12:21 PM
ගුරුන්ව මෙල්ල කරගන්න බැරිවුණොත් තුම්මුල්ලට ගිහින් උපවාසයක්වත් කරලා බලන්න...
fairoos Thursday, 02 September 2021 12:44 PM
අනේ ඇමැතිතුමා ඔයා නිකන් පීචං වෙන්නැතුව ඉන්නවද?
රමල් Thursday, 02 September 2021 01:16 PM
ගණිතය දන්න එක්කෙනෙක්ද? මේ ප්‍රතිශත හැදුවේ නැත්තම් වීරවංශ උන්නැහේද..?
Nihal Thursday, 02 September 2021 01:33 PM
වීරවංශ කියන්නේ මහ උගතෙක් කියලා හුඟදෙනෙක් දන්නේ නැහැ...
de silva Thursday, 02 September 2021 02:19 PM
විහිළු වංශ කියන මනුස්සයා කියන දේවල් කවුරුවත් දැන් ගණන් ගන්නේ නැහැ..
සිරිල් Thursday, 02 September 2021 02:38 PM
මේ විසදූමට දරුවන් ගේ පැත්තෙන් කිසිදු සඳහනක් නැත.සියලු යෝජනා අතපසු කල අධ්‍යයනය කටයුතු පරිපූර්ණ කරන කාලය සමග සසදන්න.
swene Thursday, 02 September 2021 03:36 PM
කැපෙන බවට ඉඟි ලැබී ඇති නිසා ශේප් වෙන්න පක්ෂපාතිව කතා කරනවා. ඔයාගේ ප්‍රියතම "අන්තර් ජාතික කුමන්ත්‍රණය" ත් ඇතුළත් කරලාම කතා කරන්න. හැමදාමත් ජනතාව නොමග යැවීමට කෑ ගහනවා. අද එයා අසරණ වී ඇති නිසා එයා ලව්වා ආණ්ඩුවට අවශ්‍ය දේ කියවනවා...
Sriland Thursday, 02 September 2021 03:59 PM
අවුරුදු 02ක් පාසල් වහලා... ඔන්ලයින් කම්පැණිවලට සල්ලි ගරන්න දුන්නා ඇති. දැන්වත් පාසල් විවෘත කරන්න. නැතිනම් අධ්‍යාපන ඇමැති කෙනෙක් මොකටද? වහාම රටේ මුදල් විනාශ නොකර ඉල්ලා අස්වෙන්න.
ශිරෝමි නයනමාලා Thursday, 02 September 2021 04:08 PM
වීරවංශ කියන්නේ කවුද? කිසිම අධ්‍යාපනයක් නෑ... අපේ බල්ලත් ඔහොමයි. නැට්ට පෑගුණාම යටිගිරියෙන් කෑ ගහනවා.
සිල්වා Thursday, 02 September 2021 05:30 PM
ගරු වීරවංශ ඇමතිතුමා කියලා කියන්නේ රට යායුතු මග කියන, පෙන්වා දෙන පරිණත දේශපාලන පඬිවරයෙකි. එතුමා කියන දෙයක් පිළිගැනීම කාගේත් යුතුකමකි...