IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සාකච්ඡාව දැඩි උණුසුම්

(අජන්ත කුමාර අගලකඩ)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (28)රාත්‍රී පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක හමුව දැඩි උණුසුම්කාරී ස්වභාවයක් ගත් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සාකච්ඡාව ඊයේ පස්වරු 5.30ට පමණ ආරම්භ වී රාත්‍රී 10 පමණ වන තෙක් පැය හතර හමාරක් තිස්සේ පැවති නමුත්, අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව ද එම ආරංචිමාර්ග වලින් පැවසේ .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ ,ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ ,දිනේෂ් ගුණවර්ධන,ආචාර්ය බන්දුල ගුණවර්ධන ,ප්‍රසන්න රණතුංග,කෙහෙළිය රඹුක්වැල්ල , නාමල් රාජපක්ෂ ,පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරු ද ,ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙනුවෙන් ඇමතිවරුන් වන විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ඒ එල් එම් අතාවුල්ලා ,වීරසුමන වීරසිංහ ,ටිරාන් අලස්, ගෙවිදු කුමාරතුංග, අසංක නවරත්න යන මහත්වරු ද ,අතුරලියේ රතන හිමියෝ ද මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ .

යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමියන් ,විමල් වීරවංශ ,උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර ,මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එම ප්‍රශ්නවලට පිළිතුරු දී ඇතැයි වාර්තා වේ.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම විසඳා ගන්නා ලෙසත්, එලියට නොගෙන යන ලෙසත් හවුල් පක්ෂවල නායකයින් ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ .

මේ අතර ,යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා තිබේනම් ,ලිඛිතව ඉදිරිපත් කරන ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා හවුල් පක්ෂ වල නායකයන්ට දැනුම් දුන් බවද වාර්තා වේ.

මේ අතර, ආණ්ඩුවේ හවුල් පක්ෂ අද (29) පස්වරුවේ පැවැත්වීමට සැලසුම්කර තිබූ "මහජන සභාව " රැස්වීම නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර ඇතැයි ද දැනගන්නට ඇත

 



අදහස් (10)

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සාකච්ඡාව දැඩි උණුසුම්

sachith Friday, 29 October 2021 09:35 AM

අර ඕඩර් කරපු වාහන ටික එන්න පරක්කු නිසාද? නැතිනම් මෙයාලගේ වැඩෙන් මෙයාලගේ කුට්ටිය දුන්නේ නැතිනිසාද? 

:       0       0

සඳුන් Friday, 29 October 2021 09:46 AM

මේවාට තමයි ෂෝ කියන්නේ. හවුල්කාර පක්ෂවලට උවමනා කරල තියෙන්නේ රටට මෙනවා වුණත් තමනුත් ආණ්ඩුව ඇතුලේ සටන් කරනවයි කියලා තමන්ගේ දායකයින්ට දැනෙන්නට සලස්වලා අනන්‍යතාවයයි, ඡන්ද පදනමයි රැකගන්න. ඔය ගිවිසුමට මොනවත් වෙන්නේ නෑ. මේ ගොල්ලන් ආණ්ඩුව දාලා යන්නෙත් නෑ.

:       0       0

Hafeel Friday, 29 October 2021 10:59 AM

විස්සට අත උස්සලා, සම්මත කරලා දීලා, බැසිල්ව පාර්ලිමේන්තුවට ගෙනාපු දුක දැන් දැනෙනවාද? මෙහෙම තමයි 1978 දී.., ජේ.ආර්. ගේ විධායක බලතල සම්මත කරලා එක්සත් ජාතික පක්ෂය අද ඉල්ලන් කනවා...

:       3       24

Nuwan Friday, 29 October 2021 11:36 AM

තවත් මහා රඟපෑමක්... !!!

:       3       21

Lionel Friday, 29 October 2021 12:29 PM

ඔතන ආචාර්ය නීතීඥ නාමල් රාජපක්ෂ ගෙනෙන යෝජනා සහ අදහස් පිළිගන්න. ඒවා රටට හිතකරයි...

:       4       15

පාල මුදලාලි Friday, 29 October 2021 12:33 PM

කොපමණ ගිනි ගත්තත් පිච්චිලා මැරෙන්න වුණත් 1970 සිටම අපේ මිත්‍ර වාසු හා තුංමුල්ලේ මල්ලියා රට රවටන්න බොරු කළත් පිටට යන්නේ නම් නැහැ.. අනෙක් අයත් තනිව තරගකර ප්‍රාදේශීය සභාවක්වත් දිනන්න තරම් තනි ඡන්ද බලයක් නැති අය කියලා හිතෙනවා.

:       2       19

ඉන්දිකFriday, 29 October 2021 03:08 PM

ඇයි අර ගොම්මන්පිල... සුදු සරම අඳින උත්තමයා...

:       2       12

thusharaFriday, 29 October 2021 04:23 PM

තනිව ඡන්දෙ ඉල්ලුවත්, එකතුවෙලා ඉල්ලුවත් ලොකු වෙනසක් නෑ. කොහොමත් ලබන සැරේ ගෙදර තමයි.

:       4       9

හීන්බණ්ඩා Friday, 29 October 2021 01:20 PM

බොරු රඟපෑම් කරන්න එපා.. මේ රටේ මිනිස්සු ඔච්චර මෝඩ නැහැ. මිනිස්සු දැන් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ ප්‍රශ්න ඕවාගෙන් වහන්න බැහැ. අයියෝ රටකට වෙච්චි දෙයක් කාට කියන්නද මේවා..?

:       0       0

sampath Tuesday, 02 November 2021 08:49 PM

දැන් එක ගහලා ඉවරයි... ඔයාලා කාලෙකින් හම්බ වුණේ නැති නිසා ආප්පයක් කාලා කහට කෝප්පයක් බීලා යන්න. නැතිනම් පරණ ලිපි ගොනු අවුස්සන්නත් පුළුවන්.. අනේද කියන්නේ දැන් අපි මේවා බලලා... සීනි 165ට කාලා ගෑස් නැතිව සිමෙන්ති 1400 කලු කඩෙන් අරන් බඩට කොන්ක්‍රීට් දාගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1393 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 272 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 527 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 748 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 148 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 543 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site