IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


’’ආණ්ඩුවට උත්තර දෙන්න ඡන්දයක් පවත්වන්න’’

(ඩයනා උදයංගනී)

එළඹෙන මාර්තු මාසයේදී පළාත් පාලන ඡන්දය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවත්, එවිට ආණ්ඩුවට උත්තර දිය හැකි බවත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

ඡන්දය ජනතාවගේ අයිතිවාසිකමක් බව ද කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ මත්තුමගල ශ්‍රී හෘදයේ දේවස්ථානයේ දී පැවති දේව මෙහෙයට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ සිටි මධ්‍යම පංතියත් දැන් දිලිඳුන්ගේ පන්තියට වැටී ඇතැයි කී අගරදගුරුතුමෝ ලොකු මහ පාරවල්, මහ කුලුනු හදමින් ලෝකයටම මහන්තත්තකම පෙන්වීමෙන් රට දියුණුයි කියා පෙන්විය නොහැකි බව ද කීහ.

පම්පෝරි ගසන්නට ලොකු ගුවන්තොටුපොළවල් හැදුවාට, එක ගුවන්යානයක්වත් නතර නොවන බව කී කාදිනල්තුමෝ බොරු ෂෝ කර එම්ටි පොකට් තත්වයට රට වැටී ඇතැයි ද ප්‍රකාශ කළහ.

ලංකාවේ බොහෝ දෙනෙක් කන්න වේලක් නැතුව ජීවත්වෙන තත්වයක් තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නට කියමින් නත්තලේ දී කොළඹ නගරය සුරපුරයක් ලෙස පෙන්වීමට රජය සූදානම් වන බව කී කොළඹ අගරදගුරුතුමෝ නායකයන් සතුටින් සිටින අතර, ලෝකයේ හැම රටකම ගොස් හිඟාකන රටක් බවට රට පත්ව තිබෙන බව ද කීහ.

දහම් පාසලට එන දරුවන්ට මුලින්ම කෑම දිය යුතු බවත්, නැතිනම් ඔවුන් ක්ලාන්ත වන බවත් පියතුමන්ලා කිහිපදෙනෙක් තමන්ට පැවසූ බව ද කාදිනල්තුමෝ පැවසූහ.

අහස උසට කුලුනක් හදලා. ඒකෙන් කොමිස් ගසා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.



අදහස් (3)

’’ආණ්ඩුවට උත්තර දෙන්න ඡන්දයක් පවත්වන්න’’

මැක්ස් Tuesday, 27 September 2022 05:39 PM

මැතිවරණ කොමසාරිස් තනතුර මෙතුමාට ලබාදීම කෙරේ රජයේ අවධානය යොමුවිය යුතුය.

:       0       3

fairoos Tuesday, 27 September 2022 05:45 PM

ලංකාවෙ වහල්ලුන්ට මෙව කියල වැඩක් නැහැ කාදිනල් තුමා

:       3       0

Ratne Tuesday, 27 September 2022 07:11 PM

100% නිවැරදියි.

:       3       0

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 641 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 238 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 761 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 70 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 527 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2200 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site