IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ආණ්ඩුවට එරෙහිව මන්ත්‍රීවරු 120 ක් ඉන්නවා

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුවට එරෙහි යන ස්ථාවරයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 120 ක් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (25) පැවසීය.

ආණ්ඩුවට එරෙහිව මන්ත්‍රීවරු 113 ක් එකතු කරන තෙක් ඉවසන ලෙස සමඟි ජන බලවේගයෙන් ඉල්ලා සිටි බවත් මේ වන විට මන්ත්‍රීවරු 113 වෙනුවට මන්ත්‍රීවරු 120 ක් සිටින බවත් ගම්මන්පිල මහතා කීය.

ආණ්ඩවේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරු 39 ට 65 ක් එකතු වුණාම මන්ත්‍රීවරු 104 ක් වූ බවත් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ආණ්ඩුවට ලිපියක් යොමු කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරු 10 ත් සමඟ මන්ත්‍රී එකතුව 114 ක් බවට පත්වූ බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ආණ්ඩුවට 20 වැනි සංශෝධනයේදී සහයෝගය දැක්වූ මුස්ලිම් මන්ත්‍රීවරු තුනක් ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමඟ සමස්ත මන්ත්‍රීවරු සංඛ්‍යාව 117 ක් වූ බව කී ගම්මන්පිල මහතා සදහන් කළේ නාලක ගොඩහේවා ඇමතිවරයා, ඩලස් අලහප්පෙරුම සහ චරිත හේරත් යන මන්ත්‍රීවරු ද අන්තර් පාලනයක් ඉල්ලා තිබීම නිසා ඔවුන් සමඟ මන්ත්‍රීවරු 120 ක් සිටින බවත්ය.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ අද (25) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

 



අදහස් (4)

ආණ්ඩුවට එරෙහිව මන්ත්‍රීවරු 120 ක් ඉන්නවා

චන්දන Monday, 25 April 2022 03:27 PM

අන්තර් පාලනයේ අගමැති කව්ද? එය කොපමණ කල් තිබෙනවද? එම කාලය තුළ ඩොලර් ගේන වැඩපිළිවෙළ මොකක්ද?

:       0       14

සෙනෙවිරත්න Monday, 25 April 2022 04:24 PM

මෙයාලා ගියදාක රට ඉන්න අය මුදල් එවාවි...

:       5       11

SUNIL MILANO Monday, 25 April 2022 04:36 PM

120 ක් තියෙනවා බම්බුව තමයි... දේශද්‍රෝහීන්..

:       6       3

Dewa Monday, 25 April 2022 05:05 PM

කියවන්නේ නැතිව වැඩේට බහින්න...

:       1       15

ඔබේ අදහස් එවන්න

දියත

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 363 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 432 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 506 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 79 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 352 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1369 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 435 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site