(ලක්ෂ්මී ජයකොඩි)
ජනවාර්ගික ගැටලූවට විසඳුම් අපෙක්ෂාවෙන් ජනාධිපතිවරයා හා දෙමළ දේශපාලන පක්ෂ අතර ආරම්භ කෙරුණු සාකච්ඡවලදි ඉදිරිපත් වුණු මුලික ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුවට ලබාදුන් කාලය අවසන් වු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පැවසීය.
ඒ අනුව එම සාකච්ඡ ඉදිරියට පවත්වාගෙන යාම තීරණය කරනු ලබන්නේ තම පාර්ශවය ආණ්ඩුව වෙත ඉදිරිපත් කරනු ලැබු මුලික ඉල්ලීම් ඉටු කිරීමෙන් පසුව බව ද සම්බන්දන් මහතා කියා සිටියේය.
සම්බන්දන් මහතා මේ බව පැවසුවේ පසුගිය 10 වනදා ජනාධිපතිවරයා හා දෙමළ දේශපාලන පක්ෂ අතර පැවති සාකච්ඡාවේදී දෙමළ දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් කළ විමසීමකදීය.
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම , උතුරු නැගෙනහිර පළාත් ඉඩම් අත්පත් කර ගැනීම නතර කිරීම හා අත්පත් කර ගෙන ඇති ඉඩම් නිදහස් කිරීම හා මුලික බලතල බෙදීම යන ඉල්ලීම් ඉටු කිරීමට රජයට සතියක කාලයක් ලබාදුන්නා. නමුත් ලබාදුන් එම කාලය අවසන්. මෙතෙක් එම ඉල්ලීම් වෙනුවෙන් කිසිදු සාධනීය පිළිතුරක් ලබාදීමට ආණ්ඩුව සමත් වී නැහැ.
තෛයිපොංගල් උත්සවය සැමරීම වෙනුවෙන් යාපනයේ සංචාරයක නිරත වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපගේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සමඟ සාකච්ඡුාවක් පවත්වා තිබෙනවා. එහිදි ඉඩම් ආක්‍රමණ සම්බන්ධයෙන් යම් යම් පොරොන්දු ලබා දී තිබුණා. නමුත් මෙම පොරොන්දු ආරක්ෂක අංශ විසින් පිළිපදින්නේද යන්න පිළිබඳව විශ්වාස කිරීමට යම් කාලයක් බලා සීටීමට සිදුවනු ඇති. ජනාධිපතිවරයා හා මීළඟ සාකච්ඡා වටය වෙනුවෙන් මෙතෙක් ආරාධනා ලැබුණේ නැහැ. එවැනි සාකාච්ඡාවක් වෙනුවෙන් ආරාධනා ලැබුණහොත් එයට සහභාගි වන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගනු ලබනවා.නමුත් මීළඟ සාකච්ඡා වටයට සහභාගි වන්නේ මීට පෙර සාකච්ඡාවේදි අප ඉදිරිපත් කළ ඉල්ලීම් වලට යම් හෝ සාධනීය විසඳුම් ලැබුණොත් පමණයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුවට දුන් කාලය අවසන්
චන්දන Wednesday, 18 January 2023 04:56 PM
වල පයයි ගොඩ පයයි තියාගෙන තවමත් කුහකකම් ඊර්ෂ්‍යාව ක්‍රෝධය නැති කරගෙන නැහැ . මෙතෙක්කල් දමිළ ජනතාවට කරපු දේකුත් නැහැ . ගෙදරට වෙලා ඊලග ආත්මය ගැන හිතන එක හොඳයි .
සෙනෙවිරත්න Wednesday, 18 January 2023 09:16 PM
මොනව කරන්නද වයසට යන එකට, බණ්ඩාරනායක ඊට කලින් ඩී එස්ලගෙ පටන් දෙමළ ජනතාව රවටනව එහෙම රැවටිල්ලට අහුවෙච්ච තවත් දෙමළ නායකයෙක් මෙතුම, එතුමට දෙමළ ප්රජාවගෙ කැමැත්ත නැත්නම් ඔතන ඉන්න බැහැනේ. සිංහල ජනතාව හැටියට අප ලැජ්ජා විය යුතුයිි මේ රැවටිල්ලට. රනිල් කඩිමුඩියෙ මේ පෙල්ලුවෙ තවත් පොතක් කියල නොතේරුන එකට නම් කණගාටුයි. රනිල් ප්‍රශ්න යට ගහන්න කරපු බයිලයක් ඕක. වසර හැට හැත්තෑවක් ඇදගෙන ආපු මේ ප්‍රශ්නයකට පිනට ලැබිච්ච තනතුරෙන් විසඳුමක් දේවිද?
Bamunuarachchi Wednesday, 18 January 2023 06:04 PM
ගොයියෝ උඹලා මේ රටට ඉඩම් ගෙනාවේ නැහැ. විජයන් කියන මලයාලි කල්ලතොනිය ලංකාවට ආවේ උඹලා මෑතක් වෙනකම් ආව විදිහටමයි. බෝට්ටුවේ ලංකාව පෙනෙන දුරට ඇවිත් ඊට පස්සේ මුහුදට පැනල පීනාගෙන එනවා. මේ රටේ තිබෙන ඉඩම් සිංහල මිනිහාට අයිති.. ඒ නිසා ඉඩම් අයිතියක් ගැන කතාකොරන්න එපා.
Bamunuarachchi Wednesday, 18 January 2023 06:06 PM
ආණ්ඩුවට දුන්න කාලය ඉවර නම් අපි අපි වැඩේ බේරාගමු.
ruwan Wednesday, 18 January 2023 07:03 PM
මෙච්චර වටින මිනිස්සු මැරෙනවා...
Senarath Thursday, 19 January 2023 09:17 AM
දැන් ඔයගෙ කාලෙත් ඉවර වෙලානෙ තියෙන්නෙ. තවත් අහින්සක දෙමල ජතිකයො අන්දවල දහස් ගනන් තරුන තරුනියො මරවන්නෙ නැතිව, බනක් භාවනාවක් කරගෙන ඉන්න.