(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නොවේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනහමු කීපයක් අමතමින් පැවසීය.
පෙබරවාරිය සුබ මාසයක් වනු ඇති බව කී ජනාධිපතිවරයා පෙබරවාරිය අසුබ විය හැකි කට්ටියක්ද සිටින බව සඳහන් කළේය. "මට උසාවියේ නඩු අහන්න බලයක් නෑ.රිමාන්ඩ් කරන්නෙ වැරදි කාරයෙක් නෙමෙයි. අද රිමාන්ඩ් කරලා හෙට එළියට එන්නත් පුළුවන්.රිමාන්ඩ් කරන ඒවා ගණන් ගන්න එපා.
මේ පෙබරවාරිය සුබ මාසයක් වෙයි.සාමාන්‍යයෙන් කියන්නේ දින අඩු මාස අසුබයි කියලනේ.අසුබ කට්ටියකුත් ඉදියි. සාමාන්‍ය සත්‍ය නම් සොයාගන්න බැරි හැම ඝාතනයක් පිටුපසම දේශපාලකයෙක් ඉන්නවා.ඒක නිසා මේවා නිසි පරිදි පරීක්ෂණ සිද්ධ වේවි.
වාහන ආනයනය කරන්න තහනම් වෙලා තිබුණ කාලෙ දේශපාලකයන් ළඟ වාහන තියෙනවා.රෙජිස්ටර් කරන්නේ නැතුව වාහන දුවනවා.
ජෝන්ස්ටන් ඉන්නවා, රත්වත්තේ ඉන්නවා, තව පැත්තකින් මීගමුවේ කෙනෙක් ඉන්නවා.කඩුවෙල කෙනෙක් ඉන්නවා හෙට අනිද්ද අත්අඩංගුවට ගනියි.
අදත් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29 ක් අතුරුදන්.නීතියක් නැති රටක් මේ.
පරාජිත කණ්ඩායම් මොනතරම් හොල්මන් කරමින් බලය ලබාගන්නට තැත් කළත් ජනතා සහාය තිබෙන තුරු මේ ආණ්ඩුව ආපහු යවන්න බෑ.ආණ්ඩුව ගත්තෙත් යන්න බලාගෙන නෙමෙයි. මතක තබා ගන්න.
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනය පිළිඹිබු කරමින් ‘ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන ‘සමස්ත ක්‍රියාකාරී දර්ශකය’ පසුගිය දෙසැම්බර් ම
වෙළඳපොලේ බිත්තර සහ කුකු-ලු මස් සිල්ලර මිල විශාල වශයෙන් පහළ ගොස් තිබේ.
අවුරුද්දයි මාස දෙකක් වයසැති පිරිමි දරුවෙකු අනාරක්ෂිත ලිඳකට වැටී මියගොස් ඇතැයි මැදගම පොලීසිය පවසයි.
කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන්පොළක නවාතැන්ගෙන සිටි විදේශ ජාතික කාන්තාවක සහ යුවළක් හදිසියේ ඇතිවූ වමනය තත්ත්වයක් හේතුවෙන් ඊයේ (1) කොළඹ ජාතික රෝහලට ඇතුළ
මෙරටට වාහන ආනයනය කිරිම සඳහා රජය අවසර ලබාදි ඇති අවස්ථාවක ඉතාම සුරක්ෂිත ලෙස මෙරටට වාහන ගෙන්වීමට හම්බන්තොට ජාත්‍යයන්තර වරාය සුදානමින් සිටින බව හම්බන්ත
වවුනියාව මහරම්භකුලමේදි දුරකථන කුළුණක් ගලවා පිළිසකර කිරීමට ගිය තාක්ෂණික නිලධාරියකු ඊයේ (01) එම කුළුණමතින් අැදවැටී මියගොස් අැතැයි වවුනියාව පොලිසිය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නෙමෙයි
Kazi Shajahan Sunday, 02 February 2025 07:45 AM
ඡන්දෙ ගන්න කළින් කියපු කියුම් කෙරුම් කළේ නැතිනම් යන්න වෙයි ගෝඨාභයට කළින්ම, තාම ටැක්ස් නම් අඩුවක් නැහැ. නමුත් අපිට කිසිම සහනයක් නම් නැහැ ගොයියෝ...!
ගුණරත්න Sunday, 02 February 2025 07:47 AM
මට හරි පුදුමයි, පළපුරුදු දේශපාලනඥයෙක් මේ වගේ ළදරු ප්‍රකාශ කරනකොට. ඉතිහාසය කියවපු මිනිසුන් දන්නවා මහා බලවත් අධිරාජ්‍ය පවා පරඬැල් සේ විනාශ වෙලා අළු දූවිලි වෙලා ගියා කියා...!
SanathSunday, 02 February 2025 01:14 PM
හෙඩින් එක විතරක් බලලා කොමෙන්ට් දාන හරක්... සම්පූර්ණ කතාව අහලා බලපල්ලා.
චන්දිම Sunday, 02 February 2025 07:53 AM
වසර 5කට විතරයි ඔබට මිනිස්සු බලය දුන්නෙ.ඔබ කිව්ව විදියට පේන්නෙ සදහටම බලය ගත්ත වගේ.අමතක කරන්න එපා වසර 5යි.ඒ වසර 5 තුල ජනතාවට,රටට වැඩක් නොකලොත් චන්දෙන් ගෙදර යන්න වේවි.දැනට ඔබ ෆේල්.දැනටම මිනිස්සුන්ට ඔබව එපා වෙලා.ඔබට බහුතරයක් දුන්නු ගොවියොම අද බනිනව.කිව්ව දේවල් ඩිලිවර් කරගන්න බෑ.එව කරන්න බැරි බව අපි දන්නව.ඒත් ඒ බැරි දේවල් පුලුවන් කිව නිසා කලයුතුමයි
Priyantha Dissanayake Sunday, 02 February 2025 08:22 AM
අපි නම් දන්නවා ඒබව හොඳින්ම. ඔබතුමා පමණක් නොව බලයට පැමිණෙන හැමෝම එහෙමයි.මොනවා හරි කියලා, කියලා, හැකිනම් මොනවා හරි බෙදලා ජනතාව් සතු උත්තරීන්තර බලය වන ස්වාධිපත්‍යය බලය ඩැහැගන්නවා. ඉන්පසු පුටුවේ වාඩිවෙනවා ඉන්පසු ඉතිං ඒ බලය සදාකාලික කරගන්න දන්න සූත්තර, දාංගැට හැම එකක්ම කිසිදු හිරිකිතයක් ලැජ්ජාවක් භය නැතිව භවිත කරනවා. ඔබතුමා කීවනේ (මින් එදිරියට උද්ගෝෂණ, පෙලපාලි,හර්තාල් , විරෝධතා නැහැ මොකද ඒ හැම එකක්ම රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ) කුමන්ත්‍රණ කළොත් ඒවා හමුදාව්ට පොලිසියට භාර දෙනවා, ඒවා ඒගොල්ලෝ බලාගනීවි
Priyantha Dissanayake Sunday, 02 February 2025 08:38 AM
නමුත් මෙතෙක් පහලවූ පාලකයින් අතර නින්දිතම පාලකයාලෙස පිටුපස දොරෙන් බැහැලා යන්න සිදුවූවා.එය එසේනම් ඔබතුමාලා තරයේ මතක තියාගන්න ඔබතුමාලා ක්‍රිඩාකරන්නේ අත් පා හිස් මුහුණු ආදී ආවරණ රහිතව කියන එක. පුංචි සහනයක් තිබෙනවා මාලිංග, මුරලි, ෂේන්වෝන් වැනි දක්ෂ සහ දරුණු පන්දු යවන්නන් පිටියේ නැහැ. නමුත් පිටියේ සිටින ක්‍රීඩකයන් අවතක්සේරු කරන්නත් එපා, කරුණාකර තේරුම් ගන්න ඔබතුමන්ලා ඉන්නේ විපක්ෂයේ නොව ආණ්ඩුපක්ෂයේ එනිසා කතාව නවතා දුන් පොරොන්දු ඉෂ්ඨ කරන්න.
Krishna Sunday, 02 February 2025 08:40 AM
දැන් කවුරු හරි යන්න කියලද...විකාර කතා..රටේ ප්‍රශ්න ගොඩ ගැහෙනවා දවසින් දවස...මෙතුමා ගැලරි කතා කිය කියා ඉන්නවා
යෝගා Sunday, 02 February 2025 09:00 AM
මේ යන විදියට නම් 3%ට පල්ලම් බහින්න වෙනවා. ලොකු රැවටීමකට ලක්වුන 68 ලක්ෂේ අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තා. ඔහොම යං
Sami Sunday, 02 February 2025 09:05 AM
අතහැරපු කෙබර වල තරමින්ම හිතා ගන්න පුළුවන්
Chamil Perera Sunday, 02 February 2025 09:24 AM
නියමයි
Prabath Sunday, 02 February 2025 09:38 AM
එක දන්නවා ඒ වුනාට යවකවා හරියට කියපු දේවල් කලේ නැත්නම්
යෝගා Sunday, 02 February 2025 09:44 AM
ආණ්ඩුව අරන් තුන් මාසයක් ඇතුළත යනවද? නොයනවාද? ගැන කතා කරනවා. ඒ කියන්නේ තමුන් පත්වෙලා ඉන්න තත්ත්වය ගැන හිතාගන්න පුළුවන්...
Surain Sunday, 02 February 2025 09:46 AM
ඔයා මොනවා කිව්වත් වැඩ කරන්නේ නැතිව බොරු කිය කියා කයිය ගහන අය වෙලාව අවම ජනතාව වන අප අනිවාර්‍යෙන් ගෙදර යවනවා.. ඒක ජනතාවගේ අයිතිය...!
Asanga Sunday, 02 February 2025 09:57 AM
මෙයාගේ තවත් ලොකු ටොක් තියෙන්නේ. හරියට කරේ නැත්නම් ජනතාව අනිවාරයෙන්ම එළවනවා.
Laki Sunday, 02 February 2025 09:58 AM
ඔහොම කියපු කට්ටිය කොච්චර නම් හිටියාද? හැබැයි යනකොට නම් දන්නෙවත් නැහැ. වැඩිය කට නැතුව දැන්වත් වැඩක් කරලා මෙන්න අපි කලා කියන්න.
IBRAHIM Sunday, 02 February 2025 10:24 AM
කවුරුත් එන්නේ යන්න බලාගෙන නෙමෙයි, ඒ වුණාට මිනිස්සු යවනවා
PRASANNA Sunday, 02 February 2025 10:25 AM
ඔයා කලබල වෙන්න එපා රටේ පරමාධපත්‍ය බලය තියෙන්නේ ජනතාව අතේ ජනතාව යවන්න ඕනැ වේලාවට යවයි
fairoos Sunday, 02 February 2025 10:53 AM
මොන දේ කරත් ජනතාවගේ ජීවන වියදම අඩුකරන්න වැඩපිළිවෙළක් ඉතා ඉක්මණින් කරන්න.
බණ්ඩා Sunday, 02 February 2025 12:22 PM
ඒ ගැන කරදර වෙන්න එපා. ඔයිට වැඩිය කෙරුම් කාරයෝ ඇඩ්රස් නැතිවෙන්න අපි යවලා තියෙනවා. ඔහොම යමු බොස්...
Sampath Subasinghe Sunday, 02 February 2025 12:31 PM
හරිම විනෝදයි...!
අරුණි Sunday, 02 February 2025 12:35 PM
ඔබේ ඔය ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති බව ආර්ථිකව මැතිවරණයට පෙරට වඩා දැඩි දුශ්කරතාවයන්ට, ජනතාව පත්කිරීම සහ දුන් පොරොන්දු, මැවූ පුනරුදයන් කිසිවක් සිදුනොවීම නිසාමයි මහ මැතිවරණයෙන් තෙමසක් ගතවීමටත් පෙර බලවත් ජන අප්‍රසාදයට ලක්වී සියලුම වාගේ සමූපකාර ඡන්දයන් පරාජයට පත්වන්නේ...
GAMA VARESE Sunday, 02 February 2025 12:43 PM
ඔව් ඔව් තව ටික කලක් ඔහොම්ම ඉන්න. රටට කෙලවලාම යන්න...
ජිල්බු Sunday, 02 February 2025 12:49 PM
මමත් ඇතුළුව ඉහත කමෙන්ට් දාලා තියෙන හොරුන්ට බය හිතෙණෝ...
Don perea Sunday, 02 February 2025 12:55 PM
ලංකාවට හරියන්නේ මේවගේ අය...
වෑල්ඩින් ආචාර්ය Sunday, 02 February 2025 01:05 PM
ඔහොම කියන්න ඕන නෑනේ ඔහේලා අමු කෙබර කෙලලා මිනිස්සු අන්දන්නේ නැතුව බලේට ආවා නම්... ඒ ආවත් කමක් නෑ. මොකක්ම හරි හොඳක් රටට වෙනවා නම්. කිසිම සැලැස්මක් නෑ, වැඩ පිළිවෙලක් නෑ. වෛරයයි, පළිගැනීමයි විතරයි. ඕවාටත් චූන් වෙන හරක් ඉන්නවා තමයි. ඒත් ඒ හරක්ට වුණත් වෙලාවට පුන්නක්කු එහෙම හම්බෙන්නේ නැති වුණාම අනීවි හොඳේ...
Lilarathne Sunday, 02 February 2025 01:09 PM
මිනිස්සු ඔහේව ගෙනාවේ නම් ඇත්තටම යවන්න බලාගෙනත් නෙමේ. ඒකනේ 2/3ක් ම දුන්නේ වෙන කාටවත් නොදුන්න. දැන් ඔහේලා කියපු කෙප්ප රෝල් කරකර ඉන්නවා මිසක් වෙන කිසිම වැඩක් කරන්නේ නෑනේ. කෝ ඔයාලගේ ඇම්බැට්ටයා කියපු ලක්ෂ 12 විට්ස් එක? කෝ ආදායම් බදු අඩු කරන එක? කෝ 25000 පඩි වැඩි වීම? මාස 6න් 6ට පඩි වැඩි කරලා දෙන්නන් කිව්වා. දැනටම මාස 3ක් ඉවරයි.
TRT Agreement Sunday, 02 February 2025 01:11 PM
විකාර නොකර ඉස්සෙල්ලම මහින්ද උගන්ඩා යැව්වා කියපු ඩොලර් බිලියන 19 ගෙනත් ඉන්න. එහෙම වුණොත් අපිත් එනවා මහින්දව ඔය ඉන්න ගෙදරින් එළවන්න ආපහු බෙලිඅත්තටම. හැබැයි එහෙම බැරි වුනොත් අපි එලවන්නේ ඔහේව... එච්චරයි...!
බුද්දික Sunday, 02 February 2025 01:30 PM
ස්ථිරයි ලන්කාවේ වේගයෙන්ම ජන අප්‍රසාදයට ලක්වුණු රජය මේක. ඉල්ලුවාටත් වඩා බලයක් දුන්නා. ඒක මේ රටේ චන්ද දායකයින්ගේ උගත්කමේ තරම... දැන් ගත්තු බලය පාවිච්චි කරලා මිනිස්සුන්ට වැඩකරන්න හැකියාවක් නැතිව දඟලනවා විවිධ කතා කියමින්... හාල් මිල අද වෙනකන් පාලනය කරගන්න බැ. කුඹුරට බැහැලා උද්ඝෝෂණය කලේ වී කිලෝවට 130/=ක් ඉල්ලලා. ඒවා කියලා බලය අරගෙන අද වෙන මගුල් කියවනවා. හාල් ටිකට පාලන මිලක් තියාගන්න බැහැ. ජීවන බර අහස උසට... මොනවාද මේ මිනිස්සු කරන්නේ? කයිය විතරයි.
සමන Sunday, 02 February 2025 01:40 PM
ඔහෙලා ගහපු කෙබරයි... හිටිය අය කරපු විනාසෙයි නිසා ඔහෙලාට බලය දුන්නා මිසක් ඔහෙලාගේ හැකියාවෙන් ගත්තු ආණ්ඩුවක් නෙවෙයි මේක. මේ පුද්ගලයා අභියෝග කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට නොවේද? නැවතත් 88/89 භීෂණකාරී තත්වයක පෙරනිමිති පෙනේ..