(ඔගස්ටින් ප්‍රනාන්දු)
ආඬිගම නගරයට ආසන්නව පිහිටි ආඬිගම වැව් රක්ෂිතයේ පෝෂක කලාපයට අයත් භූමියට නීතිවිරෝධීව ඇතුළු වූ කණ්ඩායමක් එහි බලහත්කාරයෙන් පොල් පැළ සිටුවමින් එම භූමිය සතු කරගැනීමට කටයුතු කරමින් සිටින බව ජනතාව පෙන්වා දෙති.
මෙම කණ්ඩායම පසුගියදා ආනවිලුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කළ කල්ලියට හිතවත් පිරිසක් බවත්, පසුගිය මහා මැතිවරණයේ දි මොවුන් එක් අපේක්ෂකයෙකුගේ ජය පතා කැපවීමකින් කටයුතු කළ පිරිසක් බවත්, මැතිවරණයෙන් ජය ලද පසු එම සහයෙන් තමන් මෙම ව්‍යාපාරය ආරම්භ කළේ එම වන රක්ෂිතය අත්පත් කර ගැනීමට යැයි එම පිරිස පැවසූ බවත් ගම්වාසීහු සඳහන් කරති.
මෙම අපරාධය නවතන ලෙස තමන් ඉල්ලා ඇතත් දේශපාලන බලපෑම මත ඔවුන් පොල් පැළ සිටුවන බවත්, එම භූමිය සතු කරගන්නා බවට ඔවුන් තමන්ට තර්ජන පවා එල්ල කරන බවත් ගම්වාසීහු කියති.
මෙම වැව අක්කර 10ක් පමණ විශාලය. ඒ ජලයෙන් අක්කර 45 පමණ කුඹුරු යායක් වගා කෙරේ. වැවේ පෝෂක කලාපයෙහි මෙසේ අනවසරයෙන් පොල් පැළ සිටුවා, වැව පස් පුරවා ගොඩකිරීමට තැත්කරමින් ඔවුන් සිටින බවත්, මේ වන විට පිටතින් ගෙනා පස් එහි දමා ගොස් ඇති බවත්, ඒ මගින් වැවට යම් හානියක් ඇති විය හැකි බවත්, තමන් මේ සම්බන්ධයෙන් ගොවිජන නිලධාරින් දැනුවත් කර ඇති බවත් ජනතාව කියති.
මේ සම්බන්ධයෙන් විමසු විට පුත්තලම සහකාර ගොවිජන සේවා නිලධාරි එස්.පාලිත සේනාධිර මහතා කියාසිටියේ, කිසියම් වැව් රක්ෂිතයකට නීතිවිරෝධිව ඇතුළු වී, එහි ඇති ගහ කොළ විනාශ කරමින් එහි වෙනත් වගාවක් කිරීම සම්පූර්ණයෙන් නීතිවිරෝධි කාර්යයක් බවය.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් තමන් දැනුවත් කළ අතර, එහි ගොස් පරීක්ෂණයක් කර වාර්තාවක් එවන ලෙස නිලධාරීන්ට දැනුම් දුන් බවත්, වැව් රක්ෂිතයට යම් හානියක් කර ඇත්නම් එම හානිය ගැන සොයාබලන ලෙසත්, ඊට එකඟ නොවන්නේ නම් අදාළ පුද්ගලයන්ට අධිකරණයේ නඩු පවරා දඬුවම් ලබා දෙන බවත් පුත්තලම සහකාර ගොවිජන සේවා නිලධාරීවරයා පැවසීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආඬිගම වැව් රක්ෂිතයේ බලෙන් පොල් සිටුවති
Kamal Koyrala Wednesday, 02 September 2020 08:50 AM
සියලු පරිසර විනාශ පැමිණිලි පුත්තලමෙන්... ගරු ජනාධිපතිතුමනි, මේ ඔබතුමාගේ වැඩපිළිවෙළ ඇතුළෙන්ම කඩාකප්පල් කරන බළල් අතක්...
විජේ Wednesday, 02 September 2020 09:09 AM
ජනාධිපතිතුමනි, පුත්තලමා ගෙදර යවමු. නැතිනම්, ජනතාව ඔබතුමාව ගෙදර යවනු ඇත.
a.b. srila Wednesday, 02 September 2020 09:20 AM
මේ කැලේ තිබුණොත් ඔක්සිජන් එනවා. මට දුන්නේ මොන ඔක්සිජන්ද..? මම ගියා ඔතනට... කිසිම පරිසර හානියක් වෙලා නෑ.
Nuwan Wednesday, 02 September 2020 09:21 AM
දැන් ඕකටත් ඕපපාතික බලවතා ගිහින් ස්ථානීය පරීක්ෂාවක් කරලා කියාවි කිසිම හානියක් නැහැ කියලා.
සී.කේ ලංකාපුත්‍ර Wednesday, 02 September 2020 09:37 AM
සෞභාග්‍යයේ දැක්ම... කට්ටියක් ඔලුවටම අරගෙන...
ana Wednesday, 02 September 2020 10:13 AM
ගෝඨා... නීතිය?
විජේ Wednesday, 02 September 2020 02:48 PM
ඒකට ටිකක් හොයලෙ බලන්න ඕනේ නේද ආනා? එහෙම වැරදිකාරයෙක් කියලා ඔප්පු නොවී ලොතරැයියක් හූරනවා වගේ නීතිය ක්‍රියාත්මක කරන්නත් බෑනේ ඉතින් ජනාධිපතිට වුණත්. ලොක්කට දෙමු පොඩි චාන්ස් එකක්, මේ පුත්තලං බූරුවන් ආම්බාන් කරනවාට වඩා කොච්චර හදිස්සි, අත්‍යවශ්‍ය වැඩ ඇද්ද ගෝඨාට මේ වෙලාවේ, නේ?
AnaWednesday, 02 September 2020 04:22 PM
කොහොමවත් නීතිය ක්‍රියාත්මක කරන්න ජනාධිපති අතගහන්න ඕනෑ නැහැ. ඔවුන් කරන්න ඕනෑ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණය හදන එකයි. නමුත් අපේ රටවල රජයන් කරන්නේ නීතිය තමන්ට ඕනෑ විදිහට පමණක් ක්‍රියාත්මක කිරීම. සිද්ධියෙන් සිද්ධියට ජනාධිපති මැදිහත් නොවිය යුතුයි. නමුත් ලංකාවේ මොකද්ද වෙන්නේ..?
Hafeel Wednesday, 02 September 2020 11:36 AM
කෝ රතන හාමුදුරුවෝ? ජාතික ලැයිස්තු අර්බුදය නිසා උන්වහන්සේට මේවා අමතක වෙලාද?
Nuwan Wednesday, 02 September 2020 12:19 PM
මේ අය අන්තිමට ආණ්ඩුව අමාරුවේ දාලා පක්ෂෙත් මාරු කරලයි යන්නේ...
Asanka Wednesday, 02 September 2020 02:01 PM
කවදාවක් නීතියෙන් පිහිටක් වෙන්නේ නැහැ ඔහෙලාට... වටකරලා ගහන්නයි තියෙන්නේ...
Perera Wednesday, 02 September 2020 06:54 PM
ඔක්සිජන් ඇමැති කවුද?
sharm warn Thursday, 03 September 2020 04:07 AM
කිසිම පරිසර හානියක් වෙලා නැහැ කියලා මේකත් වහලා පොල් බැරිනම් දෙල් හිටවන්න කියලා කතාව ඉවර නොකලොත් මේ බයියන්ගේ ආණ්ඩුවක් නොවේ.
wije Thursday, 03 September 2020 05:05 PM
පහුගිය ආණ්ඩුව මහ බැංකුව කෑවා. මේ ආණ්ඩුව පරිසරය කනවා.