IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ආත්මා දිලුක්ෂිට නඩු පවරන්නැයි නිර්දේශයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ගම්පොළ  උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ  අනුරුද්ධ ජයරත්න මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ කර ඇති බැවින් ඇයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තුවේ  ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව නිර්දේශ කර ඇත.

වරප්‍රසාද කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ   යම් මන්ත්‍රීවරයකුගේ ක්‍රියා කලාපය ගැන අපහාසාත්මකව ප්‍රකාශයක් පළ කිරීම යන වරද සම්බන්ධයෙන්     1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ 26(1) (ආ) වගන්තිය යටතේ  කරන ලද පරීක්ෂණයකින්  පසුවය.

ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුවේ  පරීක්ෂණයෙන් පසු සිද්ධිය පිළිබඳ  වාර්තාවක් සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  පාර්ලිමේන්තුවට පසුගිය මස 6 වැනිදා ඉදිරිපත් කළේය.

මෙම ප්‍රාදේශීය ලේකම්වරියගේ ක්‍රියා කලාපය ගැන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා  පසුගිය පෙබරවාරි මස  9 වැනිදා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.



අදහස් (13)

ආත්මා දිලුක්ෂිට නඩු පවරන්නැයි නිර්දේශයක්

chamara Tuesday, 02 July 2024 04:26 AM

රජයේ නිලධාරීන් නීතියට වැඩකරන්න ඕන නමුත් ඒ ගමන් කිසිදු දේශපාලන පක්ෂයක ගැත්තෙක්ද නොවිය යුතුයි . කට තිබුණු පලියට වගකීමෙන් තොරව කියවන්න ගියාම මේවගේ ඇනගන්න වෙනවා . දැන් ඉතින් කල්දේරම් බත් කන්න සුදානම් උනොත් හොඳයි. බලාගෙන ඉන්න දැන් අර කඩේ ගිය පක්ෂ ඒවි ඔයාව බේරගන්න .

:       0       0

siripala Tuesday, 02 July 2024 06:08 AM

කාලකන්නි හොර ඇමතියොන්ට වංචා කරන්න හොඳයි. ඒවා පෙන්නන නිලධාරින් වැරදියි.. අන්ච්චන් මෙහෙම් කාලකන්නි රටක්..හිටපල්ලා තව පෝය 3 යි..

:       0       0

තොත්ත බබා Tuesday, 02 July 2024 06:24 AM

ඇත්තටම දේශපාලුවො රජයේ නිළධාරින් සම්බන්ධයෙන් ඇති ආයතන සංග්‍රහයේ නීති නොදන්නා නිසා නිළධාරි උපරිමයෙන් වැරදි කරනවා ආයතන සංග්‍රහයේ ජනතා නියෝජිතයන් සම්බන්ධයෙන් පැවතිය යුතු කොන්දේසි එහි දැක්වෙනවා රජයේ විධායක නිළධාරි කෙනෙක් කරලා තියෙන්නෙ බරපතළ වරදක් වෙනවා මේ කාන්තාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි ගැනත් වරින්වර නිකුත්කළ චක්‍රලේඛ ගැනත් විධිමත් පුහුණුවක් දීමට නොපමාව කටයුතු කිරීම සුදුසුයී ඒ සමගම පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලුවන්ට හා රජයේ සියලු මාණ්ඩලික නිළධාරින්ට විධිමත් පුහුණුවක් දීම අත්‍යාවශ්‍යම බව මෙයින් පේනවා

:       0       0

Kuma Tuesday, 02 July 2024 07:59 AM

හොඳ වැඩක් කටමැත දොඩවනවාට හොඳ පාඩම් බොරු කියන කට්ටියට විරෝධව නඩු දාන්න බැරිද?

:       0       0

Nimal Tuesday, 02 July 2024 08:17 AM

තව පෝය තුනයි මහත්තයෝ

:       13       58

Pradeep Kumara Tuesday, 02 July 2024 08:31 AM

අපහාසයෙන් නැතුව වර්ණනා කරන්න පුලුවන් විදියේ ක්‍රියා කලාපයක් තියන මන්ත්‍රීවරු කී දෙනෙක් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා බැලුවද? මට පේන්නේ කලාතුරකින් හමුවන කොන්ද පන ඇති රාජ්‍ය නිළධාරිනියක්

:       9       81

Basnayake Tuesday, 02 July 2024 08:43 AM

ඒ කියන්නෙ මන්ත්‍රීලගේ දූෂණ වංචා ගැන කථා කිරීම තහනම්?

:       8       80

H.D.Jayasiri Tuesday, 02 July 2024 08:59 AM

මුංගෙ වරප්‍රසාද. තමන්ගේ වැඩේ කර ගන්න බැරි වුණාම නිලධාරීන්ට නඩු.

:       8       82

Achini Tuesday, 02 July 2024 09:13 AM

ඔබ වැරදිකරුවන්ට එරෙහිව ඔබේ හඬ නඟන විට ඔවුන් ඔබව ඇතුළට දමනු ඇත. නමුත් ඔබ ඔවුන් වෙනුවෙන් කතා කරන විට ඔබට තවත් වරප්‍රසාද ලැබෙනු ඇත

:       7       81

සෙනෙවිරත්න Tuesday, 02 July 2024 02:06 PM

හෙණම ගහන්න කියමු. රාජ්‍ය සම්පත් මංකොල්ල කාල ඒක හෙළිකලාම ඒකට නඩු. බයවෙන්න එපා මුන්ට වැඩිකල් රඟන්න වෙන්නේ නැහැ.

:       3       21

Weerasekara Tuesday, 02 July 2024 03:39 PM

ඇමැතියාට ඒගැන රාජ්‍ය සේවා කොමිසමට පැමිණිලි කරන්න තිබුණා රජයේ නිළධාරින්ට විනය බලධාරි වෙන්නේ රාජ්‍ය සේවා කොමිසම වගේම ඇමැති මණ්ඩලය කියලා තමයි අහල තියෙන්නෙ

:       1       7

සුමිත් රත්නායක Tuesday, 02 July 2024 05:15 PM

රටකට මෙහෙම වෙන එක පුදුමයක් නොවේ.

:       0       4

නාමල් Tuesday, 02 July 2024 05:41 PM

ඉදිරියේ දී පත්කර ගන්නා ජනතාවාදී පාලනයක් යටතේ වරප්‍රසාද කමිටුව අහෝසිකල යුතුයි .මුන් පත්කරන්නේ ජනතාවගේ ඡන්දයෙන්.මුන් විවේචනය කරන්න පුරවැසියාට අයිතිය තිබිය යුතුයි.ඔක්කොම ජඩවැඩ කරල වරප්‍රසාද කමිටුව අස්සේ හැංගෙනවා.

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1261 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 771 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1859 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 478 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2751 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37156 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24471 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site