(නිමල කොඩිතුවක්කු)
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
තද වැසි, ගංවතුර, ගස් කඩාවැටීම්, මාර්ග ජලයෙන් යටවීම් ඇතුලු ආපදා තත්වය දිස්ත්‍රික්ක 24 කට බලපා ඇතැයිද එම මධ්‍යස්ථානය පවසයි.
මේ හේතුවෙන් පවුල් 113 052කට අයත් 377 511ක් තවදුරටත් පීඩාවට පත්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා තත්වය හේතුවෙන් නිවාස 91කට පූර්ණ හානි සිදුව තවත් නිවාස 1662 කට අර්ධ හානි සිදුව තිබේ.
මෙයට අමතරව කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 51 කට සහ වෙනත් ස්ථාන 178 කට හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ වනවිට පුවුල් 10431 කට අයත් 32695 ක් ආරක්ෂිත ස්ථාන 311 ක රඳවා ඇතැයිද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් අම්පාර, යාපනය, මන්නාරම,මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන දිස්ත්‍රික්කයට සිදුව තිබේ.
අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, සහ ගං වතුර ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයිද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
අධික වර්ශාවත් සමග ප්‍රදේශ කිහිපයකට ඇතිවූ ගං වතුර තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වල මාර්ග තවදුරටත් ජලයෙන් යටවී තිබේ.
මේ අතර දිවයිනපුරා පිහිටි කුඩා වැව් 106ක් අධික වර්ෂාවත් සමග කැඩී ගොස් තිබේ.
වව්නියාව දිස්ත්‍රික්කයේ කුඩා වැව් 848 න් 29 ක බැමි කැඩී ගොස් හානියට පත්ව ඇතැයි දිස්ත්‍රික් ලේකම් පී. ඒ. සරත්චන්ද්‍ර මහතා පැවසීය.
ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීම දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම් කාර්්‍යාලවල මැදිහත්වීමෙන් ආරක්ෂක අංශ සහ සහන සේවා කණ්ඩායම් මූළිකත්වයෙන් ඊයේ(28) දිනයේත් සිදුකෙරිණ.
ට්‍රැක් ලන්තේ තමයි ලෝකේ ආතල් එකේම ඉන්න මිනිස්සු ඉන්න රට. රටේ සිද්ධවෙන ඕනෑම තරාතිරමක සිදුවීමක් ආතල් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අරුම පුදුම හැකිය
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශය
ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙටි්රක්ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියද
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්ය
පොළොන්නරුවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් රැළෙන් අතරමංව වූ අලි පැටවකු මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආපදා හේතුවෙන් 13ක් මරුට 17කට තුවාල