(ඩයනා උදයංගනී)
රටක ආබාධ සහිත ප්‍රජාව ඉල්ලන්නේ විශේෂ වරප්‍රසාද නොව තමන්ගේ මානව අයිතීන් බැවින් ඒවා ලබාදීම රජයක යුතුකම යැයි ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා අද (23) පැවසීය.
ආබාධ සහිත ප්‍රජාවට ලබාදෙන පිළිගැනීම රටක ශිෂ්ඨ සම්පන්නභාවය මැනීමේ ප්‍රබලම දර්ශකයක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙරට භාෂාවේ ආබාධිත ජනතාවගේ සිත් රිදවන ආකාරයේ උපමා, උපමේය, රූපක, පිරුළු ඇතුළත්ව ඇති එම සහෝදර පුරවැසියන්ගේ සිත් නොරිදෙන පරිදි භාෂාව හැසිරවිය යුතු බවත් කීවේය.
ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ මාධ්‍ය සේවා කේන්ද්‍රය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ලෝක සංඥා භාෂා දිනය නිමිති කරගනිමින් අද (23) මෙම කේන්ද්‍රය විවෘත කෙරිණි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන ගොඩනැගිල්ලේ බිම් මහලෙහි මෙම මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර ආබාධ සහිත ප්‍රජාවගේ සන්නිවේදන අවශ්‍යතා වෙනුවෙන් සකස් කළ සන්නිවේදන යෙදවුම දියත් කිරීම ද මෙහිදී සිදුකෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මෙම මධ්‍යස්ථානය ආබාධ සහිත සහෝදර ප්‍රජාවට අහිමි වී තිබූ මූලික අයිතියක් නැවත ලබාදීමේ මානුෂීය සංග්‍රාමයේ හැරවුම් ලකුණක් බවයි.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මොහාන් සමරනායකආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති රසාංජලී පතිරගේ මහත්මිය, ලේකම් කුලරත්න එදිරිසිංහ, නියෝජ්‍ය ලේකම් ප්‍රසන්න වික්‍රමසිංහ, කමිටු සාමාජික බ්‍රයන් සුසන්ත, විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ නියෝජිතයන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ මාධ්‍ය සේවා කේන්ද්‍රය විවෘත කරයි
Raveendra Thursday, 23 September 2021 05:04 PM
මෙවන් පිරිස් පිලිබදව පමාවෙලා හෝ මෙසේ පියවර ගැනීම අප අගය කරන්නෙමු. තවද මොවුනට පොදු ප්‍රවාහන සේවයේදී සහ කර්යාල වලද මෙසේ පහසුකම් සැලසිය යුතුය.