IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ආයෝජනය මණ්ඩලයට අලුතින් ගත් හතකට සුපිරි වැටුපක් දීලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නිලධාරීන් 29 දෙනකු බදවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ ඇස් වසා අනුමැතිය ලබාගෙන ඉන් හත් දෙනකු අධික වැටුප්වලට දැනටමත් බඳවා ගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) පවසයි.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් ලෙස දෙදෙනකු බඳවා ගෙන ඇති අතර මේ දෙදෙනාට රුපියල් දාහත් ලක්ෂ අනූදහසක් මාසිකව ගෙවන බවද එම කමිටුව සඳහන් කරයි.

මෙයට අමතරව විධායක අධ්‍යක්ෂකවරුන් සිවු දෙනකු සඳහා රුපියල් තිස් එක් ලක්ෂ අසූදහසක් ගෙවා ඇති අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු රුපියල් අට ලක්ෂ විසිදහසක මාසික වැටුපකට බඳවා ගෙන ඇතැයිද සඳහන් වේ.

මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක උපදේශකවරියක ලෙස බඳවා ගෙන 2020-2021කාලයේදී රුපියල් කෝටියකට වැඩි මුදලක් ඇයට ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද කෝප් කමිටුවේදී ඊයේ දීර්ඝව සාකච්ඡා කෙරිණ.

ඇයට එක් මාසයකදී ගෙවා ඇති වැටුප රුපියල් ලක්ෂ 10 ක් බවද වැඩිදුරටත් හෙළි විය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තිබියදී මේ ආකාරයට වැටුප් ගෙවීම බරපතළ ගැටලුවක් බවත් මේ පිළිබඳව වහාම සොයා බැලීමට කටයුතු කළ යුතු බවත් මහාචාර්ය චරිත හේරත් මහතා එම කමිටුවේදී ප්‍රකාශ කර ඇත.

 



අදහස් (17)

ආයෝජනය මණ්ඩලයට අලුතින් ගත් හතකට සුපිරි වැටුපක් දීලා

Rocky Friday, 12 November 2021 06:31 AM

මෙවැනි වැටුප් අනුමත කරන අයට පමණක් නොව බාරගන්නේ.. ඒ අයටත් වැහි නැති හෙණ ගැසිය යුතුයි... ජනතාවගේ සාරය උරාබොන පරපෝෂිතයින්ට සාපවේවා..!!! 

:       0       14

සුරලොව ඇල්මන් Friday, 12 November 2021 06:52 AM

හිතවතුන්ට මෙහෙම සලකන රජයට ගුරුවරු ඇතුළු රජයේ සේවකයින් සඳහා හරියට වැටුපක් ගෙවීමට නොහැකි වීමත්, ගොවීන් වෙනුවෙන් පොහොර මුදලටවත් දීමට නොහැකි වීමත්... 69 ලක්ෂයක් ජනතාවගේ පැතුමද? මෙහෙම වෙද්දී ජනපතිට විපක්ෂයෙන් බලාපොරොත්තු අපේක්ෂා ඉටුවේද?

:       0       7

යෝගා Friday, 12 November 2021 07:12 AM

අරන් තියෙන්නේ කියත්මගේ කට්ටිය වෙන්න ඇති. ඕකේ ඉන්නේම අවස්ථාවාදීන්...

:       2       8

නිමල් Friday, 12 November 2021 07:53 AM

ගුරු-විදුහල්පති සොච්චම් වැටුපේ...!

:       0       7

Bandara Friday, 12 November 2021 08:04 AM

දැන් ඔය කෝප් එකෙන් පරීක්ෂණ කරලා කවදාද මහජන මුදල් කොල්ල කාපු, ලොකු ලොකු දූෂණ, වංචා කරපු අයට දඬුවම් කෙරුවේ? කවදාවත්ම නෑ නේද!!! ඕවා නිකන්ම නිකන් බෝඩ් ලෑලි කමිටු...

:       0       11

පැරකුම්Saturday, 13 November 2021 07:38 AM

ජනතාව මුලාකර ගජමිතුරන් රැකගැනීම ඔය කමිටුවල අරමුණයි. මහජන මුදල් තවදුරටත් නාස්ති කිරීමක් පමණයි. කිසිදා කිසිවෙකුට දඬුවමක් දුන් බවක් අහලා තියනවද?

:       0       3

සමිත සේනක අලුත්ගමගේ. Friday, 12 November 2021 08:19 AM

මේ රටේ දේශපාලකයින්ගේ කිට්ටුම නෑදෑ හිතවත්කම්, මිත්‍ර සබඳතා මේ අයට අනිවාර්යයෙන්ම ඇති... පුදුමය කියන්නේ, මේ රටේ මේවා කෙසේ සිදුවන්නේද යන්නයි.

:       0       10

Asanga Friday, 12 November 2021 09:00 AM

තමන්ගේ හිතවතුන් සනසන්න කරන දේවල්නේ... ඔය කවුරු ආවත් ඔච්චරම තමයි.

:       0       7

SL Friday, 12 November 2021 10:01 AM

කීයක් රටේ ආයෝජනය කරන්න ආපු කොම්පැනි ලංකාවට මවු මතක් කරමින් (කොමිස් ඉල්ලීම හේතුවෙන් ) රට දාල ගිහින් ඇතිද? හිටපු සියලු රජයන් වල සද්ගුණවත් ඇමතිතුමාලා කොක්කෙන් නැතිනම් කෙක්කෙන් 10% ඉල්ලනවා කියලා තමයි ආරංචි...

:       0       10

kamal Friday, 12 November 2021 10:16 AM

හතකට දීලා තියෙන්නේ... හත කියන්නේ වාසනාවන්ත නොම්මරයක් නිසයි. මේ හතෙන් ජාතියේ වාසනාව පෙනෙන්න දැන් බොහොම ළඟයි. ටිකක් ඉවසලා ඉන්න.

:       0       6

පැරකුම් Friday, 12 November 2021 10:44 AM

අපේ රට ආර්ථික අගාධයට වැටෙන්නේ මෙවැනි අක්‍රමවත් වංචනික, දූෂිත නිලධාරින් නිසා බව අමුතුවෙන් කිවයුතු නොවේ. බලධාරින් ඊට ඉඩ දී ඇස්, කන් පියාගෙන ඉන්නේ ඔවුනුත් ඊට හවුල් නිසාද? මේ රට සංවර්ධනයට ප්‍රමාණවත් ආදායම් මාර්ග එමට ඇත. අවශ්‍ය වන්නේ වංචා, දූෂණ වැළැක්වීමට වුවමනාවක් ඇති පාලකයින්ය. රටේ අවාසනාවට අපට නැත්තේද එයමයි. මැතිවරණ කාලයට පමණක් එවැනි පොරොන්දු දෙන අපේක්ෂකයින් පහළ වී ජනතාව මුලා කොට බලයට පැමිණි පසු ඒ සියල්ල අමතක කොට හවුලේ රට සූරාකමින් මඩිය තරකර ගනී. අපේ රට කවදා ගොඩ ඒවිද?

:       0       11

pinsiri Friday, 12 November 2021 11:02 AM

රටට වැඩක් කළ පසුව, ඇගැයීමකට ලක්කර ලොකු පඩි ගෙවන්න... අහිංසක රටවාසීන් ගැන හිතන්න...

:       0       1

ranjan Friday, 12 November 2021 11:03 AM

මේ රටේ බොහෝ මිනිස්සු අද කන්න දෙයක් හොයාගන්නේ කොහොමද කියලා ලතවෙනකොට මේ අය කරන අපරාද...

:       0       11

සිරිබිරිස් Friday, 12 November 2021 01:46 PM

හොයන්න එපා . ගජමිතුරු අයනේ .

:       0       2

imran Friday, 12 November 2021 04:24 PM

ඒ කාලේ නිශාන්ත වික්‍රමසිංහ පඩි ගෙව්ව විදිහ මතක් වෙනවා.

:       0       5

වර්ණකුලසූරිය Friday, 12 November 2021 05:35 PM

ජීවත්වීමට සාධාරණ වැටුපක් ඉල්ලන ගුරුවරුන් කාලකන්නි වෙන්නත්, මේ වැටුප් ලබන්නන් පාලකයන්ගේ නෑයන්, හිතමිතුරන් වී වාසනාවන්තයින් වෙන්නත් රටක අපි ජීවත් වෙමු....

:       1       9

ජන හඩ Saturday, 13 November 2021 01:52 PM

ඇමරිකාවේ වත් නැතිතරම් මේ රටේ ඡන්ද ව්‍යාපාරය කරන්න මුදල් වැය කරන්නේ කොහොමද කියලා හිතලා බලන්න. මෙතරම් ධනස්කන්ධයක් වියදම් කරලා දිනුව ගමන් තමන් දියුණුවෙන අතර, පක්ෂෙටත් මුදල් සෙවිය යුතුයි. මේ රටේ ජනතාව ඡන්දයකදි සතුටින් මත් කරන්න අහසින් මුදල් පාත් වෙන්නේ නැහැනේ. ජනතාව තම බුද්ධිය විමසන තෙක් මෙම ක්‍රමය එසේ තිබේවි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2057 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 395 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 684 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1026 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 181 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 644 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 730 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site