IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘ආයතන 25ක දුෂණ වංචා ගැන දැනුම් දුන්නත් විමර්ශන නෑ‘

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ආයතන 25ක පමණ දූෂණ වංචා සම්බන්ධයෙන්  අල්ලස්  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට  යොමු කර ඇතත්  නිසියාකාරව  විමර්ශන පවත්වා නැතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් සාකච්ඡා කර මේ විමර්ශන සඳහා උපදෙස් දෙන ලෙස කතානායකවරයාගේ ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සහ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ නිර්දේශ අදාළ විමර්ශන ආයතනවලට යවන්න පාර්ලිමේන්තුවට බලය තියෙනවා.    2007 වර්ෂයේ දී මම ඉදිරිපත් කරපු කෝප් වාර්තා දෙකේ  වංචනික ගනුදෙනු 16 ක්  සම්බන්ධයෙන්  විමර්ශන ආරම්භ කරන්න කියලා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යැව්වා. තවත් ආයතන  දහයක පමණ සිදුවූ වංචා සම්බන්ධයෙන් විමර්ශන කරන්න පොලිස්පතිතුමාට යැව්වා. කතානායකතුමා මේවා යැව්වත් ඒ ගැන හරියට විමර්ශන නොකිරීම ගැටලුවක්. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සාකච්ඡා කරලා කොහොමද ඒවා කෙරෙන්න ඕන කියලා උපදෙස් දෙන්න ඕන.

 



අදහස් (5)

‘ආයතන 25ක දුෂණ වංචා ගැන දැනුම් දුන්නත් විමර්ශන නෑ‘

Saliya Tuesday, 23 July 2024 12:36 PM

රටේ ආර්ථිකය යහපත් අතට හැරවූ බවට කෙරෙන නොයෙකුත් ප්‍රචාර සත්‍යයෙන් තොරය. ජාතියකට දැරිය නොහැකි දේශයකට ඉසිලිය නොහැකි අති විශාල ණය බරකට රට උකසට තබා ඇති මොහොතක අප මේ විඳින්නේ ලිප මත තබා ඇති දිය සැලියේ වතුර උණුවන තුරු කකුළුවා ලබන ආශ්වාදයට නොදෙවෙනි වින්දනයකි. මන්දයත් අයිඑම්එෆ් සංවිධානය යනු ගැලවුම් කරුවෙකු නොවේ. සියලුම නය කපා හැර රටකට අරමුදල් සපයන්නෙකු ද නොවේ. දුගී දුප්පත් රටවල් වල මුදල් ආයෝජනය කරන්නෙකුද නොවේ. අයිඑම්එෆ් මුලික අරමුණු අතර ප්‍රධාන තැනක් ගන්නේ දුගී දුප්පත් රටවල රාජ්‍යපාලනය විසින් දේශීය අරමුදල් සහ රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් දරිද්‍රතාවයට ලක්කර ඇති රටවලට දැඩි කොන්දේසි යටතේ ණය මුදල් සැපයීමටත් සහ එම රටවල ප්‍රගතිය උදෙසා අවශ්‍ය තාක්ෂණික සහාය සහ මඟපෙන්වීම සලසා දීමත්ය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කලා යන්නෙන් අදහස් කරන්නේ ලබාගත් ණය නොගෙවා හැරීමට මග පාදා ගැනීමක්ද නොවේ. අප රටට නය සැපයු නයහිමියන්ට ආයාචනා කොට ණය කොන්දේසි ලිහිල් කර ගැනීම නොහොත් නය ගෙවීම වසර කිහිපයකට සිමා කර ගැනීම පමණයි. මේ මගින් ලැබෙන සහනය අතිශයින් තාවකාලික බව කිව යුතුය.

:       1       12

රෝයි ෆෙඩ්රික්ස් Tuesday, 23 July 2024 12:36 PM

කාටද යකෝ කියන්නේ? ආණ්ඩු බලය තියෙන්නේ අපේ අතේද ?තොපේ අතේද? ඡන්දෙ කාලේ හින්දද නැලවෙන්න හදන්නේ ? ඒවාට අහුවුණ කලේ ඉවරයි අප්පුහාමි

:       0       13

Jagath Tuesday, 23 July 2024 03:28 PM

සාලිය ඔබ මේ කියන්නේ සහතික වශයෙන්ම ඇත්තකි. මේ ලැබූ සහනය යනු වෘත්තීය දක්ෂතාවය හෝ තාක්ෂණික ඥාණය නිසා ලබා ගත් අස්වැසිල්ලකද නොවේ. යන්තම් උසස්පෙළට ආර්ථික විද්‍යාව හදාරා ඇති ඕනෑම පුරවැසියකුට යෝජනා කළහැකි අන්දමේ විකල්ප සැලසුමක් පමණකි. මන්දයත් එය ස්ථිරසාර විකල්පයක් නොව තාවකාලික පැලැස්තරයක් පමණක් නිසාය. එපමණකුදු නොවේ. මේ පැලැස්තරය දමන අතරේ තවතවත් ණය ගැණීම සිදුවන නිසා ඉදිරියට ගෙවීමට සිදුවන ණය බර සහ පොලිය අතිශයින්ම විශාලය. ඒ නිසාම රටේ ඉදිරි අනාගතය අතිෂයින්ම අවදානම් සහගතය. රට ගොඩ නැගීමට සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම් දේශහිතයිෂී දේශපාලකයින් විසින් කලයුතු වන්නේ අන්කිසිවක් නොව රටේ මුදල් සහ සම්පත් කොල්ලකෑ සොරදෙටුවන්ගේ දේපළ රාජසන්තක කොට විදෙස්වල ආයෝජනය කර හෝ සඟවාගෙන ඇති මුදල් මෙරටට ගෙන්වාගෙන ජනතාව සතුකොට රට ගොඩ නගා හිඟන දේශයක් බවට පත්කොට ඇති මේ දිවයින නැවතත් සුඛිත මුදිතවූ රටක් බවට පරිවර්තනය කිරීමය. දක්ෂ රාජ්‍යපාලකයෙකුගේ කාලින කාර්යභාරය විය යුත්තේ එයයි. පැලැස්තර දැමීම විසඳුමක් වශයන් පිළිගත නොහැක.

:       0       5

Ruwan De Silva Tuesday, 23 July 2024 04:48 PM

විජයදාස රාජපක්ෂට කොළඹ නගරයේ ව්‍යාපාරික ගොඩනැගිල්ල සෑහෙන්න තියෙනවා මගේ යාළුවෙක්ගේ සමාගමක් එහෙමත් තියෙනවා. මාසෙකට කෝටි ගාණක් ආදායම, ආදායම් බදු ගෙවනවා ද දන්නේ නෑ? මෙයාලාගේ දූෂණ, වංචා ගැන කව්ද හොයන්නේ..?

:       0       0

රනේ Tuesday, 23 July 2024 09:46 PM

සාලිය සහ ජගත් සමග එකඟ වෙමි. මේ රට පරම්පරාවක කාලයකට පාලනය කල අය විසින්ම මේ රට අගාදයට හෙලා එය ගොඩ ගත හැක්කේ ඔවුන්ටම බව පැවසීමට තරම් ඔවුන් සාහසිකය. මොවුන්ගෙන් අප දිවයින මෙම අවස්ථාවේවත් ගලවාගැනීමට හැකි උපරිමයෙන් කටයුතු කිරීම වටී.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 279 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 23 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1330 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 81 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1597 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 58 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35253 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24058 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site