IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ආයුධ වලින් පහරදී ටික් ටොක් කරලා:8ක් දැලේ

(රොමේෂ් මධුෂංඛ)

යාපනය කන්කසන්තුරෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී පහරදෙන අයුරු වීඩියෝ කොට ටික් ටොක් සමාජ මාධ්‍යට දැමූ පුද්ගලයින් 08 දෙනෙකු  අත්අඩංගුවට ගත් බවට කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය.

මීට දින 10 කට පෙර 54 හැවිරිදි පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් කඩු ඇතුලු තියුණු ආයුධ වලින් පහරදෙන වීඩියෝවක් ටික් ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග විශේෂ පරිකෂණයක් ඇරඹු කන්කසන්තුරෙයි කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අදාල සැකකරුවන් 08 දෙනා අත්අඩංගුවට ගැනීම සිදුවිය.

පහරකෑමට ලක් වූ පුද්ගලයා බරපතල තුවාල ලබා පේදුරුතුඩුව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව යාපනනය ශික්ෂණ රෝහල වෙතට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකොට යවා ඇති අතර ඔහුගේ තත්වය බරපතල බවටද වෛද්‍යවරුන් පවසති.

කෙසේ වෙතත් අදාල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරනය වන වීඩියෝව ආශ්‍රෙයන් පරික්ෂණ ඇරඹූ පොලීසිය අදාල සැකකරුවන් යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සැඟව සිටි නිවාස වල සඟවා තිබූ කඩු, කෙටේරි, පොරෝ ඇතුලු තියුණු ආයුධද රැසක් සොයාගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනයේ ක්‍රියාත්මක ආයුධ කල්ලියක ප්‍රභල සාමාජිකයින් බවට සැකපල කරන අතරම කන්කසන්තුරෙයි පොලීසිය විසින් ඔවුන් අද දින පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටනියමිතය.

 



අදහස් (0)

ආයුධ වලින් පහරදී ටික් ටොක් කරලා:8ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 227 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 175 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 59 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 480 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 702 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site