IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


ආයුර්වේද වෛද්‍යවරයා නාන කාමරයේදී මිය ගිහින්

( අරුණ ඩයස් සහ ඉන්දිකා රාමනායක)     

උඩමාදුර අයුර්වේද රොහලේ ස්ථාන බාර ආයුර්වේද වෛද්‍යවරයා සිය නිල නිවසේ නාන කාමරය තුළ  මිය ගොස් සිටිය දි සොයා ගත් බව තෙරිපැහැ පොලිසිය පවසයි.

බෙලිඅත්ත,පුවක්දණ්ඩාව,විස්කමි පුර දෙක,ජය සුරංගි හි පදිංචි ජයසුරිය පටබැදිගේ භාරත මධුසංඛ ජයසුරිය නැමති තිස් හය හැවිරිදි විවාහක ආයුර්වේද වෛද්‍යවරයෙකු මෙසේ මිය ගොස් ඇත.

උඩමාදුර ආයුර්වේද රොහලේ සේවය කරන සේවකයෙකු ඊයේ (17 ) උදෑසන උඩමාදුර ‍ආයුර්වේද රොහලේ වෛද්‍යවරයා නිල නිවසේ නාන කාමරය තුල වැටි සිටිනු දැක දුරකථනයෙන් උදැසන නමය හමාරට පමණ තෙරිපැහැ පොලිසියට දන්වා ඇත.

ඒ අනුව තෙරිපැහැ පොලිසිය උඩමාදුර ආයුර්වේද රොහලට ගොස් විමර්ශණ කටයුතු සිදු කර වලපනේ වැඩ බලන දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් මානෙල් වික්‍රමසිංහ මහත්මිය වෙත මෙම ආයුර්වේද වෛද්‍යවරයාගේ මරණය පිළිබද කරුණු වාර්තා කර තිබේ.

වලපනේ වැඩ බලන දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් මානෙල් වික්‍රමසිංහ මහත්මිය ඊයේ ( 17) දහවල් මහෙස්ත්‍රාත් පරික්ෂණය පවත්වා මිය ගිය ආයුර්වේද වෛද්‍යවරයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය රොහලේ අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමු කර පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලෙසට නියොග කළේය.

       

 



අදහස් (0)

ආයුර්වේද වෛද්‍යවරයා නාන කාමරයේදී මිය ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දකුණුට ගිගුරුම් සහිත වැසි
2025 අප්‍රේල් මස 09 116 0

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
2025 අප්‍රේල් මස 09 494 0

රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.


පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා
2025 අප්‍රේල් මස 09 587 0

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක


‘‘සියපත් උදාන‘‘ අවුරුදු කුමරියට කෝටි 10ක ඔටුන්නක්
2025 අප්‍රේල් මස 08 2129 0

හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව


පිල්ලෙයාන් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 08 2914 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ


ට්‍රම්ප් එක්ක කතා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් ඇමරිකාවට
2025 අප්‍රේල් මස 08 1306 0

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 737 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 599 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1045 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site