IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ආයුර්වේදයෙන් කොවිඩ් රෝගීන් දෙලක්ෂයකට ප්‍රතිකාර

(ඩයනා උදයංගනී)

නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් ලක්‍ෂ දෙකක පමණ මේ වන විට ආයුර්වේද වෛද්‍ය සේවා ලබා දී ඇතැයි, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පැවසුවාය.

ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 1300ක් පමණ දිවා රාත්‍රී නොබලා නිවෙස්ගත කොවිඩ් රෝගීන් වෙත සේවා සැපයීමේ කටයුතුවල යෙදී සිටින බව ද ලේකම්වරිය සඳහන් කළාය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේද භාවිතා කළ නිවෙස්ගතව සිටි රෝගීන්ගෙන් රෝහල්ගත කිරීමට සිදුවූයේ ඉතා අඩු රෝගීන් ප්‍රමාණයක් බව ද ඇය කීවාය.

ලේකම්වරිය මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (9) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කොවිඩ් රෝගියෙක් ගැන වාර්තා වුවහොත් ආයුර්වේද ප්‍රජා වෛද්‍යවරුන් එදිනම ගොස් ඔවුන්ට අවශ්‍ය ඖෂධ ලබාදීම සිදුකරන බව ද කුමාරි වීරසේකර මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම පාසල් ආරම්භ කළ පසුව ද ආයුර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරීන් පාසල් වෙත ගොස් ආරක්‍ෂා විය යුතු ආකාරය පිළිබඳව දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද ලේකම්වරිය කීවාය.

ආයුර්වේද කොමසාරිස්, ආචාර්ය එම්. ඩී. ජේ. අබේගුණවර්ධන මහතා මෙහිදී පැවසුවේ කොවිඩ් වසංගතය සමඟ දේශීය වෙදකම ගැන වැඩි උනන්දුවක් ඇතිවී තිබෙන බවයි.

මේ වන විට ආයුර්වේද රෝහල්වල ඇඳන් 1555 ක් කොවිඩ් රෝගීන්ට වෙන්කර තිබෙන බව කී කොමසාරිස්වරයා බටහිර වෛද්‍යවරුන්ගේද මගපෙන්වීම, අධීක්‍ෂණය යටතේ කොවිඩ් රෝගී ප්‍රතිකාර කටයුතු කරගෙන යන බවත්, දෙපැත්තකට වී ඉන්නවාට වඩා වෛද්‍යවරු ඒකාබද්ධ වී කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි බවත් පැවසීය.



අදහස් (4)

ආයුර්වේදයෙන් කොවිඩ් රෝගීන් දෙලක්ෂයකට ප්‍රතිකාර

sharm warn Thursday, 09 December 2021 02:03 PM

අනේ දෙයියනේ ඇති යන්තම් .අපේ දේවල් වලට පොඩි හරි ප්‍රචාරයක් දෙන්න හිතිච්ච එක.ඩොලර් නැතුව බෙහෙත් ගෙන්නන්න බැරි වෙලා පස්ස බිම ඇනුනම තමයි මොලේට දැනිලා තියෙන්නේ.(මොලේ තියෙන්නේ එතන නේ )

:       1       6

Sriland Thursday, 09 December 2021 02:49 PM

මිනිසාගේ ආරම්භයේ සිට ලෙඩට දුකට පිහිට උනේ දේශීය බෙහෙත් . ඒ උනාට මෑතකදී ආපු බටහිර බෙහෙත් තමයි මිනිස්සුන්ව හූරන් කන්න. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් මේක ජාත්‍යන්තර බෙහෙත් ජාවාරමක්

:       3       2

සුරලොව ඇල්මන්Thursday, 09 December 2021 04:19 PM

සහතික ඇත්ත... සුද්දා දේශීය වෙදකම නැතිකිරීමේ ආරම්භය ඇතිකළා.. ඔවුන්ගේ දේවල් උගතුන් ඒක ප්‍රවර්ධනය කරනවා...

:       1       4

වීරවිජේ Thursday, 09 December 2021 04:18 PM

කෝටි 600 දුම් හට්ටි හම්බවුණු අය කෝ බලන්න...

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 135 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 413 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 269 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 4732 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 383 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 894 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 412 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1904 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site