IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


ආර්. ප්‍රේමදාස පිළිරුවට සජිත් පුෂ්පෝපහාර දක්වයි

(ගයාන් අමරසේකර)
 
ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ජාතික  පෙරමුණේ ජනාධිපති  අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අද(07) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ පිහිටි ඒ මහතාගේ පියා වන දිවංගත, හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.
 
2020 ජනාධිපතිවරණය සඳහා  නාමයෝජනා බාරදීමට ප්‍රථම ඒ මහතා ආර්. ප්‍රේමදාස මහතාගේ පිළිරුවට උපහාර දැක්වීමට එහි පැමිණ සිටියේය.
 
ඒ මහතාගේ මව වන හේමා ප්‍රේමදාස, සොයුරිය දුලාංජලී ප්‍රේමදාස සහ බිරිඳ ජලනි ප්‍රේමදාස යන මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (11)

ආර්. ප්‍රේමදාස පිළිරුවට සජිත් පුෂ්පෝපහාර දක්වයි

saman Monday, 07 October 2019 05:01 AM

වැරදීමකින් ආර්යාවට බිරිඳ කියලා

:       124       109

මොහමඩ් හම්සා Monday, 07 October 2019 05:04 AM

ජය නියතයි මැතිඳුනි, ඔබට මුස්ලිම් ජනතාවගේ උත්තමාචාරය.

:       437       462

Cisco Monday, 07 October 2019 05:08 AM

තාත්තා මැරුණු වෙලේ ජනතාව රතිඤ්ඥා පත්තු කළ බව මට මතකයි.

:       517       536

RaveendraMonday, 07 October 2019 08:05 AM

මෙයා තාත්තගේ කාලේ තාත්තගේ නියෝග නිසා යුද්ධය අතහැරලා ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට යටත්වුණු පොලිස් නිලධාරින් නිරායුධවම සිටියදී අමුඅමුවේ මරා දැමුණු විදිය අඩුතරමින් මතක නැහැනේද? ඒ අහිංසක නිලධාරීන්ට පිං අනුමෝදම් කරන්න තරම් හිතක් පහළ වෙලා නැහැ නේද? අයි මේවා මිනිසුන්ට අමතක. බලය ගන්න නම් මගේ අම්මෝ කියන කෙබර... නොදකින් මේ අයනේ අපේ රට පාලනය කරන්න එන්නේ...

:       8       53

Raveendra Monday, 07 October 2019 05:12 AM

බොහොම හොදයි අප තමන්ගේ මියගිය දෙමාපියන් ඥාතිමිත්‍රධින්ට පිං අනුමෝදම් කිරීම පුස්පොහාර දැක්වීම.

:       0       43

Raveendra Monday, 07 October 2019 05:19 AM

saman මයා වෙත, ඔබට, අපට නම් සිටින්නේ හාමිනේලා... මොකද ඔබ අප මහජන මුදලින් එක වේලක්වත් ගිලදමා අපගේ කුසගින්න නිවාගෙන නැති බැවිනි. නමුත් මහජන මුදලින්ම තම ජීවිකාව මෙන්ම තුන්වේලම ගිලදමන පින්ගුත්තරයින්ට නම් සිටින්නේ ආර්යාවන්ය. පාට, පක්ෂ බේධයෙන් තොරව කෙනෙකුට අවංකව සිතිය හැකි නම් එය ප්‍රායෝගිකව මේ මොහොතේත් අප රටේ දැක ගත හැකි. මේවාට සාමාන්‍ය ජනතාව නම් කියන්නේ " ගොන් පාට් "කියා නොවේද?

:       36       159

රජින්ද Monday, 07 October 2019 05:20 AM

මෙතුමා වැරදි කාලෙකයි මේ ජන්දෙට ඉදිරිපත් වුණේ.. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ වත්මන් අගමැති ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම අය කෙරෙහි ඇති දැඩි ජනතා විරෝධය නිසා මොහු වැන්නන් නිතරගෙන්ම ප්‍රතික්ෂේප වෙලයි තියෙන්නේ. දැන් ජනතාව නැවතත් 2009 යුද සමයේ රටේ ආරක්ෂාව තහවුරු කළ සහ ආර්ථික කළමනාකරණය ගැන මනා දැක්මක් ඇති ගෝඨා වටා ඒකරාශී වෙමින් යනවා. ඊට හේතුව විදිහට මම දකින්නේ ආර්ථික සහ සමාජයීය අරමුණු වෙනුවෙන් ඔහුගේ ක්‍රියාශීලී පරිකල්පනය විය යුතුයි. ඒ නිසා ජනතාව ඔවුන් පිට පැටවී තියෙන මේ ජීවන වියදම් හා අඩු පහසුකම් වලින් හෙම්බත් වූ ජීවන බර ඊට සමාන අදහස් දරන හා ඒවාට පිළිතුරු දෙන අපේක්ෂයා වටා තබා තිබෙනවා. මොකද මිනිස්සු දැන් මේ රටට හොයන්නේ පවතින තත්වයට සාපේක්‍ෂව අඩු හානියක් ඇති කරන කෙනෙකුයි...

:       358       387

sunil Monday, 07 October 2019 05:43 AM

වර්තමාන පාලනයට රටේ කොතරම් විරෝධයක් ඇත ද යන්න තේරුම් ගැනීමට එම පාලනයේ ජනපති හා අගමැති දෙදෙනාටම අපේක්ෂකත්වය අහිමි වීමම ප්‍රමාණවත් .

:       33       202

පලන්සූරි Monday, 07 October 2019 08:10 AM

සජිත් වගේ කෙනෙක්ට ජනාධිපතිවරණය දිනන්න පුළුවන් නම් රනිල්ට 1000 දිනන්න පුළුවන්

:       85       10

ලක් වැසියa Monday, 07 October 2019 08:39 AM

කෝටිගාණක වාහනයක යන මෙතුමාට රුපියල් 1000ක සෙරෙප්පු දෙකක් අපි එකතු වෙලා අරන් දෙමුද? අාර්යාවත් ඇවිත් ඉන්නේ... රෝසිටත් ඇමතිකමක්වත් ඕනේ වෙලාද?

:       3       10

kamal Monday, 07 October 2019 08:59 AM

ඩී.ඒ රාජපක්ෂ වන්දනාව දැන් ඉවරයි.ආර්. ප්‍රේමදාස වන්දනාව පටන් ගත්තා. හපොයි මෙහෙමත් නරි නාටක.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ලස්සන ලෝකයක් හදන්න එන්නැයි ජනපති ලෝකයට ආරාධනා කරයි
2025 පෙබරවාරි මස 12 0 0

ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මුහුදේ ගසාගෙන ගිය 12 කගෙන් 11ක් බේරා ගැනෙති :අයෙක් අතුරුදන්
2025 පෙබරවාරි මස 12 43 0

පානදුර මුහුදේ දිය නාමින් සිටි දොළොස් දෙනෙකු ගහගෙන ගොස් එකොලොස් දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒ


’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්
2025 පෙබරවාරි මස 12 155 0

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ ’’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’’ ‘ටවර් නාට


සැඟවූ කීරි සම්බා කිලෝ 15,000ක් පිටකොටුවේ
2025 පෙබරවාරි මස 12 351 1

පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී සගවා තිබූ කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 3,000 ක කිලෝග්‍රෑම් 15,000 ක් භාරයට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි


හොරෙන් ගෙනා කෝටි 4ක සැප රිය සමග අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 12 615 0

නීති විරෝධීව කන්ටේනර් රථයකින් මෙරටට රැගෙන ආ කෝටි 4ක් පමණ වටිනා මොන්ටීරෝ ජීප් රථයක් සමග හෝටල් සමූහයක කෝටිපති ව්‍යාපරිකයෙක් ඊයේ (11) පැලවත්ත, ජපන් මිත්‍රත


වාද්දුවේ සිද්ධියට පොලිසියේ 4ක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 12 337 0

වාද්දුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව වා


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 122 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 910 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site