(මනෝප්රිය ගුණසේකර)
පොලිස්පතිවරයා ජාතික ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයා වන නිසා රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ලෙසම පොලිස්පතිවරයාද රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටින්නේ යැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (29) පැවසීය.
ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය නියෝජිතයා වශයෙන් ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය නායකයාට වුවත් උපදෙස් දීමට පොලිස්පතිවරයාට හැකියාව ඇතැයිද මට නියෝග ලැබුණේ නැතැයි කියා පොලිස්පතිවරයාට කීමට හැකියාව නැතැයිද වැඩිදුරටත් කීය.
නීතීවිරෝධී නොකර හැරීම හේතූවෙන් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ සාක්කි දෙමින් සී.ඩී. වික5මරත්න මහතා එසේ පැවසීය.
නීතීවිරෝධී නොකර හැරීම හේතූවෙන් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩු මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ (සභාපති) ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල එහුවේ විභාග කෙරේ.
අත්‍යවශ්‍ය අවස්ථාවකදී රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සහ අනෙකුත් අංශ වල සාමාජිකයින් කැඳවා සාකච්ඡා කර තීරණ ගැනීමේ බලතල පොලිස්පතිවරයාට ඇති බවත් ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න වලදී රාජ්‍ය නායකයාට මෙන් පොලිස්පතිවරයාටත් විශාල වගකීමක් පැවරෙන බවත් වික්‍රමරත්න මහතා පැවසීය.
පොලිස්පතිවරයා වැටුප් ලබන පුද්ගලයකු පමණක් නෙවන බවත් ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය නියෝජිතයකු වන ඔහු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රභල අන්දමින් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් පොලිස්පති වික්‍රමරත්න මහතා රටේ විධායකය ගන්නා තීරණ භූමියේ ක්‍රියාත්මක කරන්නේ පොලිස්පතිවරයා බවද අවධාරණය කළේය.
රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු සීයයට සීයයක් සර්ව සම්පුර්ණ විය යුතු නැති බවත් බුද්ධි අංශයකින් ලැබෙන තොරතුරු අනුව පොලිස්පතිවරයා වහාම ක්‍රියාත්මක විය යුතු බවත් පොලිස්පති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආරක්ෂක ඇමැතිට වගේම පොලිස්පතිටත් රාජ්‍ය ආරක්ෂාව ගැන වගකීමක් තියෙනවා
අප්පුහාමි Monday, 29 November 2021 07:29 PM
පෙර කාලයේ රජයේ ආයතනවල තීන්දු තීරණ ගත්තේ රාජ්‍ය ආයතනවල සියලු දෙනා එක්වයි. නමුත් මේ වනවිට රජයේ සේවකයින් තමන්ගේ රාජකාරියට අදාල ලිපියක් ලැබුණාම ගොනුවේ අමුනලා අවශ්‍ය උපදෙස් සඳහා කියලා සටහනක් යොදා ( (අ.ක.ස.ඉ.ක ලෙසට යොදා ) තමන්ගෙ ප්‍රධානියා හෝ නියෝජ්‍ය ප්‍රධානියා වෙත යවනවා... ඔහුගේ උපදෙස් අනුව කටයුතු කරන විට දිගුකලක් ගත වෙනවා. පෙර කාලයේ එහෙම ලිපියක් ලැබුණාම ඉන් පෙර කළ ආකාරය සොයාගෙන ඒ අනුව අවශ්‍ය කටයුතු කර ලිපියක් යවනවා නම් එයත් සකසා ආවරණ අනුමැතියට යටත්ව අත්සනට යවනවා. මෙහිදී සංවාද තත්වයක් මත ගැටලු අවම වෙනවා. මෙහිදීත් ලැබුණු තොරතුරු ඉහළින්ම සැඟවීමක් සිදුවෙන්න ඇති කියලා පේනවා. එයින් පහළ නිලධාරින්ට තොරතුරු සැඟවීමේ විපාක පැහැදිලි වෙනවා.
BamunuarachchiTuesday, 30 November 2021 06:02 PM
පෙර කාලයේ එහෙම ලිපියක් ලැබුණාම ඉන් පෙර කළ ආකාරය සොයාගෙන ඒ අනුව අවශ්‍ය කටයුතු කර ලිපියක් යවනවා නම් එයත් සකසා ආවරණ අනුමැතියට යටත්ව අත්සනට යවනවාලු. එහෙම කරන්න පුළුවන් පවතින රජයන් ත්රස්තවාදයට එරෙහිව කටයුතු කරන්නේ එකම විදිහටනම්... ප්‍රේමදාසගේ කාලේ ජේවීපී ත්රස්තවාදීන් දුටුතැන ඇල්ලුවා පරලෝසැපත් කළා. මහින්දගේ කාලේ ක්‍රියාකාරී ත්රස්තවාදීන් කොටසක් පරලෝසැපත්... අනික් කොටස පුනරුත්ථාපනය වුණා. රනිල් සිරිසේනගේ කාලේ රනිල් හම්බයින්ට තිබුණු බලවත් ආදරය නිසා රජයේ ආරක්ෂක නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂක කටයුතු කරන්න ඉඩලැබුනේ නැහැ. අල්ලාගත්ත ත්‍රස්තයින් අසාද් සාලි වැන්නවුන් බේරාගෙන ගෙදර ගෙනගියා. රජයේ ආරක්ෂක නිලධාරින් කරකියා ගන්න දෙයක් නැතුව බලාගෙන සිටියා. ඒ නිසා පෙර කාලයේ එහෙම ලිපියක් ලැබුණාම ඉන්පෙර කළ ආකාරය සොයාගෙන ඒ අනුව අවශ්‍ය කටයුතු කරන්න හැකියාවක් ඒ නිලධාරීන්ට තිබුනේ නැහැ. ඔන්න අද තිබෙනවා.
BamunuarachchiTuesday, 30 November 2021 06:10 PM
පෙර කාලයේ රජයේ ආයතනවල තීන්දු තීරණ ගත්තේ රාජ්‍ය ආයතනවල සියලු දෙනා එක්වයි. නැහැ රටේ ආරක්ෂාව සම්බන්ධව එහෙම වුනේ නැහැ. එහෙම කරන්නත් බැහැ. අදාළ තීරණ එළියට යනවා. විශේෂයෙන් රටේ ආරක්ෂාව පිළිබඳව තීන්දු තීරණ ගන්නේ කීප් දෙනෙක්... රාජ්‍ය ආයතනවල සියලු දෙනා එක්ව යුද්ද කරන්නේ කොහොමද කියලා තීරණ ගත්තා නම් අපි යුද්ධය පරාදයි. හොඳ ජනාධිපති කෙනෙකුට විධායක බලය අවශ්‍යයි කියන්නේ ඕක තමයි. සිරිසේනගේ විධායක බලය ක්‍රියාත්මක කර තිබුණේ, ත්‍රස්තයින්ට ආදරේ කරන, රනිල් කියා ඒ හාදයා කියා තිබුණා. රනිල් නැති වෙච්ච එක රටට හොඳයි...
Demuni Uduwara Tuesday, 30 November 2021 03:53 AM
විවේකයෙන් ඉන්නකොට කණ්නාඩියක් ඉදිරිපිට කියවන්න
Senarath Tuesday, 30 November 2021 09:19 AM
හිටපු පොලිස්පතිවරයාට වෙන රාජකාරි තිබුනේ නැනේ.