IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


ආරක්ෂාවට මුල්තැන

(සුජිත් හේවාජුලිගේ)

පාස්කු සමයේදී හා අවුරුදු සමයේ දී දේවස්ථාන හා හෝටල් ඇතුළු වැදගත් ස්ථානවලට උපරිම ආරක්ෂාව දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා පොලිස්පති වරයාට උපදෙස් දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලයේදී විශේෂ උපදෙස් මාලාවක් ලබාදුන් බවයි.

ප්‍රධාන හෝටල්වලට පාස්කු සමයේදී යුද හමුදා ආරක්ෂාව දෙන ලෙස ඒවායේ ප්‍රධානීන් ඉල්ලීමක් කර තිබෙන බවද යුද හමුදාපතිවරයා කීය.

ජනතාවට අවශ්‍ය සුදුසුම ආරක්ෂාව ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, එම වැඩපිළිවෙළ ඉදිරි දිනවලදී ක්‍රියාත්මක කරන බවත්, ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

(ඡයාරූප ළහිරු හර්ෂණ)



අදහස් (8)

ආරක්ෂාවට මුල්තැන

Senevi Friday, 02 April 2021 09:45 AM

අනිත් කාලෙට ආරක්ෂාවක් අවශ්‍ය නැතුව ඇති. හමුදාවේ කට්ටියට වගකීම් සහ වැඩ බාරදුන්නට මොකද සේරම දේවල් අනාගෙන යනවා වගෙයි පෙනෙන්නේ. ඔහොම යුද්ධ කළා නම් හිතාගන්න පුළුවන් වෙන්න තිබුණු දේ...

:       23       46

PuppaFriday, 02 April 2021 11:19 AM

යුද්ධය කළේ මෙයා නෙමෙයිනේ...

:       17       35

rathgama Friday, 02 April 2021 10:07 AM

වෙන ඉතින් දෙන්න දේකුත් නැහැනේ...

:       10       35

සිරිබිරි Friday, 02 April 2021 10:52 AM

ආයේ කිසිම දෙයක් වෙන්නේ නෑ. කරන්න ඕනෑ දේවල් කරලා දැන් බලය ලැබිලනේ තියෙන්නේ...

:       13       34

Rata Perata Friday, 02 April 2021 11:17 AM

රටට සහ ජනතාවට උපරිම ආරක්ෂාව දෙන්න තමයි ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඉන්නේ... මොන විහිළුවක්ද උපරිම දෙන්න කියලා ආයෙත් මෙයා කියන්නේ? ඒ කියන්නේ මෙයා ඉස්සරවෙලා වැඩිය දෙන්න එපා කියලද? රට පාලනය කොහොම වුණත් විනෝද සමයට නම් හොඳයි.

:       12       34

TharinduFriday, 02 April 2021 03:22 PM

අර හිටපු කට්ටිය ආරක්ෂාව දුන්නා වගේද?

:       11       14

rathgama Friday, 02 April 2021 01:24 PM

ඔයා නිකන් ඉන්න... හමුදාවයි, පොලිසියයි පාරට බස්සලා.. ඒ ගොල්ලෝ ගෙවල්වලට වෙලා හොඳට කාලා බීලා සතුටින් අලුත් අවුරුද්ද සමරයි.. අපිට තමයි හුළං..

:       11       26

Prasanna Saturday, 03 April 2021 03:45 AM

දේවස්ථානය රැකගන්න බැරි දෙවිවරු මොකටද අප්පා...!!!

:       32       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අර්ජුනාගේ පහරදිමකින් දෙන්නෙක් රෝහලේ
2025 පෙබරවාරි මස 12 147 0

යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙ


දිසා කීපයකට සුළු වැස්සක්
2025 පෙබරවාරි මස 12 72 0

මඩකළපුව,අම්පාර,මාතලේ,බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තායිලන්ත උප ඇමති අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 12 141 0

තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රා


නවම් පොහෝය අදයි
2025 පෙබරවාරි මස 12 202 0

නවම් පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කීපයක් සිදු වී තිබීම නිසා නවම් පුර පසළොස්වක පොහොය වැදගත් කොට සැලකේ.


සැකකරුවකු මැරුණැයි පොලිසියට විරෝධයක්
2025 පෙබරවාරි මස 12 455 0

වාද්දුව පොලිසිය පහරදී එක්දරු පියකු ඝාතනය කර ඇතැයි කියමින් 40කට ආසන්න පිරිසක් විරෝධය පලකරමින් පොලිසිය ඉදිරිපිට සහ පොලිසිය අවට තැන රැස්ව සිටියහ.


අය වැයෙන් රැකියා 30,000
2025 පෙබරවාරි මස 11 102 0

මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 109 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 905 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site