(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
වත්මන් ආර්ථික අර්බුදය ඇතිවීමට බලපෑ සහ වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සුදුසු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් ) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අද (25) නිර්දේශ කළේය.
ආර්ථිකය මෙහෙයවූ කිහිපදෙනෙකුගේ තීරණ නිසා මුළු මහත් රටක් අද සුවිශාල අර්බුදයකට පත්ව ඇති බැවින් අපරාධයක් සේ සලකා කඩිනමින් මේ පිළිබදව පරීක්ෂණය කළ යුතු බවද කෝප් සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද පරීක්ෂා කිරීම සදහා එම බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට ඊයේ(25) දෙවැනි දිනයටත් කැඳවනු ලැබූහ. කෝප් කමිටු සභාපතිවරයා මෙම නිර්දේශය ලබා දී ඇත්තේ එම රැස්වීමේදීය.
කෝප් කමිටුව මෙම ආර්ථික අර්බුදය නිර්මාණය වීමේ මූලික කරුණු පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසුවේය.
මෙහිදී වීරසිංහ මහතා පැවසුවේ 2020 මාර්තු - අප්‍රේල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ණය පහසුකම් ලබා ගැනීමට යෑමේදී ශ්‍රී ලංකාව ණය තිරසර බව ( Debt Sustainability) නොමැති රටක් බව ඔවුන් දැනුම් දී තිබූ බවයි.
එබැවින් ණය පහසුකම් ලබා ගැනීමට නම් පවතින ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව එම අරමුදල එවකට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ මහබැංකු අධිපතිවරයාට ලිඛිතව දන්වා ඇති බවද ඔහු පැවසූවේය.
මේ අනුව තාක්ෂණික සාකච්ඡාවලින් පසු මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අදාළ තාක්ෂණික කාරණා මුදල් අමාත්‍යවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට නිර්දේශකර යවන ලද බවත් තීරණ ගන්නේ මුදල් අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය බවත් මහබැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය.
එවකට මුදල් අමාත්‍යවරයා කිසි විටකටත් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය නොකළ බවත් ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අදහස් පළ කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම සත්‍ය තත්වය පාර්ලිමේන්තුවට දැනුම් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පැවසීය.
එසේම 2019 නොවැම්බර් IMF වාර්තාව අනුව ශ්‍රී ලංකාව ඒ වන විට ණය තිරසාර මට්ටමේ පැවති බවත් අනතුරුව ජනාධිපතිවරණයෙන් මාස කිහිපයකට පසුව නිකුත් කෙරුණු IMF වාර්තාවට අනුව ලංකාව ණය තිරසර නොවන්නේ යැයි දැනුම් දුන් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එවකට ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් රුපියල් කෝටි 60,000 ක බදු අඩුකරගැනීමක් සිදුවූ බවත් මීට පෙර IMF වාර්තාවෙන් බදු ආදායම අඩුකර නොගන්නා ලෙස උපදේශයක් ලබා දී තිබියදී මෙවැනි තීරණයක් ගත්තේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් බවත් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පෙන්වා දුන්නේ නව ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත්බවයි.
පසුගිය කාලය තුළ විනිමය අනුපාතිකය ආයාසයකින් යුතුව රදවා තබා ගැනීම නිසා විශාල මුදලක් අහිමිවීම පිළිබදව සමාජයේ පවතින මතය ගැන මෙහිදී කමිටුව විමසන ලදී.
මේ පිළිබඳ බලය ඇත්තේ මුදල් මණ්ඩලයට බව මහබැංකු අධිපතිවරයා පැවසීය. එවකට මුදල් මණ්ඩල සාමාජිකාවක වූ ආචාර්ය රාණි ජයමහ මහත්මිය පැවසුවේ මහබැංකු සංචිත යොදා ගනිමින් මෙම විනිමය අනුපාතය ආයාසයෙන් රදවා තබා ගැනීමට දැඩි ලෙස විරුද්ධ වෙමින් තමා සහ හිටපු මුදල් මණ්ඩල සාමාජික සංජීව ජයවර්ධන මහතා එය ලිඛිතව දැනුම් දුන් බවයි.
නමුත් මුදල් මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුගේ මතය අනුව විනිමය අනුපාතිකය එකම අගයක රදවා තබා ගැනීම සිදුවූ බවත් එවකට මහබැංකු අධිපතිවරයා වූ මහාචාර්ය ඩබ්.ඩී ලක්ෂ්මන්, භාණ්ඩාගාරයේ එවකට හිටපු ලේකම්වරයා සහ සාමාජික සමන්ත කුමාරසිංහ යන මහත්වරුන්ගේ අභිමතය පරිදි මෙය සිදුවූ බවත් මෙහිදී අනාවරණය විය.
බාහිර පාර්ශවවල බලපෑමෙන් තොරව නිවැරදි තාක්ෂණික කරුණු මත පිහිටා තීන්දු තීරණ ගැනීමේ බලය මහබැංකුවට ලබා දීමේ අවශ්‍යතාව මෙහිදී කෝප් කමිටුව අවධාරණය කළේය.
එසේම වත්මන් අර්බුදකාරී තත්වය සමනය කර ගැනීමට අදාළ විසදුම් පිළිබදව ද දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීම දක්වා යන ගමනේදී ඉදිරි මාස 3-4 ක කාලය සදහා අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම තරමක් අසීරු වුවද කෙසේ හෝ එම අභියෝගය ජය ගැනීමට උත්සහ කරන බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
වත්මන් ආර්ථික අර්බුදය තුළ පවතින ඉන්ධන හිගය ඇතුළු ගැටලු හමුවේ අවම රාජ්‍ය සේවක සංඛ්‍යාවකින් රාජකාරි පවත්වාගෙන යෑම සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කර ඉදිරි සති 3 සදහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් වහාම සකස් කරන ලෙසද කෝප් සභාපතිවරයා මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට නිර්දේශ කළේය.
වත්මන් අර්බුදය විසදා ගැනීම සදහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මහබැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිදු කරන මෙහෙය පිළබදව කෝප් සභාපතිවරයා මෙහිදී සිය ප්‍රශංසාව පළ කළේය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, ජගත් පුෂ්ප කුමාර, මධුර විතානගේ සහ ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුන්ද විගණකාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශයේ සහ මහබැංකුවේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආර්ථික අර්බුද ඇතිකළ අය සොයන්න විශේෂ කාරක සභාවක්
janahitha Wednesday, 25 May 2022 05:13 PM
මේවා නිකන් කමිටු... කෝප්ප, පීරිසි පමණි. මෙතෙක් කිසිම කාරණාවක් සඳහා පියවරක් ගන්න බැරි වුණා.. සුදු අලි කමිටු අපිට එපා.
de silva Wednesday, 25 May 2022 05:44 PM
මේ ගැන අමුතුවෙන් හොයන්න අවශ්‍ය නැහැ. මේ ඔක්කොම කරලා තියෙන්නේ ජනාධිපතිතුමා... කබ්රාල් සහ ගෝලබාලයෝ. ඔහු ඒක ප්‍රසිද්ධියේ පිළිගත්තා නේද? ජනතාව දැනට මාස 02ක පමණ සිට විවිධ උද්ඝෝෂණ ඔහුට විරුද්ධව කරන්නේ... මේවා දන්න නිසා නේද?
chandima Wednesday, 25 May 2022 05:48 PM
හොරුන්ගේ අම්මාගෙන් පේන අහන්න යන්නේ...!
fairoos Wednesday, 25 May 2022 08:41 PM
මේවා නිකන් කාලය නාස්ති කරන වැඩ..!
Hiruni Thursday, 26 May 2022 04:31 AM
අමුතුවෙන් ඔකෙ මොනව හොයන්නද ඔක කලේ බැසිල්. ලංකාවෙ 5000 කොලේ හොරෙන් අච්චු ගහල විදේශ ශ්‍රමිකයන්ට උන්ඩියල් ක්‍රමයට සල්ලි දාන්ඩ සැලැස්සුව. මහ බැංකුව ඩොලර් එක අල්ලන් හිටිය අය හොරට ගහපු හොර සල්ලි වලින් වැඩිපුර රුපියල් ගෙවුව. ඉතින් රට ඉන්න විදේශ ශමිකයො බැංකු හරහා සල්ලි දැම්මෙ නෑ. ලංකාවට ඒක තමයි උනේ.
Deepal Nirosh Thursday, 26 May 2022 05:24 AM
එකමත් එක රටක එකමත් එක කාගෙක එකමත් එක වැඩක් ගැන සොයන්න පත් කරපු තවත් එකමත් එක කාරක සභාවක්..... අනේද කියන්නෙ.
Lalith M Thursday, 26 May 2022 07:11 AM
රාජපක්ෂ පවුල ගෙන්නලා අහන්න. තව මුලු ඇමැති මණ්ඩලයම ගෙන්නලා අහන්න. අර නැව සීයට අසූවක් රත්වෙලා කියපු උත්තමයා එහෙම... තව ඉතින්... තම තමනුත්...
BamunuarachchiSaturday, 28 May 2022 10:09 AM
ඉපදිලා තිබෙන්නේ 2020 දීද කොහේද? ඊට කලින් රටේ ඉතිහාසය දන්නේ නැහැ වගේ... 1977න් පස්සෙ රටට මොකද වුනේ කියලා සීයාගෙන් වත් අහලා දැනගන්න. එතකොට සීයා ඇපල්වතු ගැන කියලා දේවි. තමන්ගේ අයගෙන් අහලා දැනගන්න පුළුවන් කෙංගෙඩියක් නැහැ.
sharm warn Thursday, 26 May 2022 10:26 AM
අනේ බොරු කමිටු දාලා තවත් මුදල් නාස්ති කරන්නේ ඇයි මේ..? මුළු රටම දන්නවා ආර්ථිකය වැට්ටුවේ කවුද කියලා. වැරැදි ආර්ථික තීරණ ගත්තේ කවුද කියලා. හරි දැන් මේ කමිටුව වැරැදිකරුවන් කවුද කියලා කිව්වොත් ඒකට ගන්න ඊළඟ පියවර මොකක්ද? වැරැදිකරුවන්ට දෙන දඬුවම අපිත් මැරිලා අපේ දරුවන්ගේ දරුවොත් වලපල්ලට යනකල් නඩු අහන එකද? තවත් ගොන් බයිලාවක් තමයි..