IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ආර්ථික අර්බුද පීඩනය ලබන ජනවාරියේ පහව යන බව මහ බැංකු අධිපති කියයි

( තිළිණි ද සිල්වා )

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබන ජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා  අද (24) පැවසීය.

කොවිඩ් වසංගතයත් සමග ඇති වු ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට රටේ සියළුම ක්ෂේත්‍ර පීඩනයකට ලක් ව සිටින බවත්  එම පිඩනය ලබන ජනවාරි වනතුරු උපරිමයෙන් පවතින බවත් ඉන් අනතුරුව එය ක්‍රමයෙන් පහව යනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මහ බැංකු  ශ්‍රවණාගාරයේ දී අද (24) පැවති විශේෂ සාකච්ඡාවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව සදහන් කළේය.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමක් මත පැවති මෙම සාකච්ඡාවට  සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සංචාරක, සිවිල් ගුවන් සේවා, ගුවන් තොටුපළ හා ගුවන් සේවා, ශ්‍රී ලංකන් යන ආයතන මේ වන විට මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ ලෙස අවධානය යොමු වූ බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

සංචාරක ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්වන තුරු එම ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට ලබා දී ඇති සහන දීර්ඝ කරන ලෙසත් , සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් ලබා ගෙන ඇති ණය  ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව ඇතැයි ද සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි මහ බැංකු අධිපති හමුවේ පෙන්වා දුන්නේය.

ඊට ප්‍රතිචාර දැක් වු මහ බැංකු අධිපතිවරයා සදහන් කළේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු ව ඇති බවයි. අදාළ ණය හිමියන්ගේ ඉල්ලීමක් සහිත යෝජනාවලියක් අදාළ බැංකු වෙත ඉදිරිපත්කොට එය ලබා ගැනීමටත් එවැනි ණයහිමියන්ට අවශ්‍ය වුවහොත්  මහ බැංකුව මගින් නිර්දේශයක් ලබාදීමටත් හැකියාව ඇතැයි ඔහු සදහන් කළේය.

සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුවුවන්ගේ වාහන ලීසිං සමාගම් විසින් අත්පත්කර ගැනීමේ සිදුවීම් , අදාළ ලීසිං සමාගම් ලීසිං සහනය ලබා දීමේ දි වාරිකයට තවත් මුදලක් එකතු කිරිමේ සිද්ධින් ගැන සංචාරක අමාත්‍යවරයා මහබැංකු අධිපතිට මෙහිදී කරුණු පැහැදිලි කළේය.

එහිදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ ලීසිං සමාගම් වලට වාහන අත්පත් කර ගැනීම නතර කරන ලෙස දැනුම් දී ඇති බවත් , ලීසිං සහනය ලබාදීමේ දී වාරිකයට අමතර මුදලක් එකතු කිරීම සදහා කිසිසේත් අවසර නැති බවය.

ලීසිං සමාගම්  වාහන අත්පත් කරගැනීමේ හා අමතර මුදල් එකතු කිරිමේ සිද්ධින් ඇත්නම් ඒ පිළිබද ව වහා මහ බැංකුව දැනුවත් කරන්න යැයි සංචාරක සංවර්ධන අධිකාරිවේ නිලධාරීන්ට දැනුම් දුන් මහඉැංකු අධිපතිවරයා එවැනි  සිද්ධින් වලට සම්බන්ධ ලිසිං සමාගම් වලට එරෙහිව පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කළේය. 

පසුගිය කාලය තුළ රුපියල් බිලියන 4,100 ක ණය සහන ලබා දී ඇති බව පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා රුපියල් බිලියන 330 ක ණය පොළී අඩු කර ඇති  බව ද කීවේය.

පසුගිය දින 21 ක කාලය තුළ සංචාරකයන් 29,000 ක් මෙරටට පැමිණී බවත් මේ වසර අවසන් වන විට150,000ත් 180,000 ත් අතර සංචාරක පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලබන වසර වන විට මෙරට සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද සදහන් කළේය.

කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දි නව සාමාන්‍යකරණය තත්ත්වය යටතේ ක්‍රියාත්මක නීතිරිති වලින් බාධා මතුවන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූරියආරච්චි මහතා කීවේය.ඒ පිළිබද ව  මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරැණු අතර මහ බැංකු අධිපතිවරයා කීවේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර එම ගැටළු විසදීමට කඩිනමින් කටයුතු කරන බවයි.

සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙටිටිආරච්චි, ගුවන් තොටුපළ හා අපනයන සැකසුම් කළාප රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටි.එම්.ජේ.වයි.පි.ප්‍රනාන්දු, ඇතුළු නිළධාරීන් රැසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ



අදහස් (13)

ආර්ථික අර්බුද පීඩනය ලබන ජනවාරියේ පහව යන බව මහ බැංකු අධිපති කියයි

Rohana Wednesday, 24 November 2021 05:11 PM

කරුණාකර මුදල් අච්චු ගසා රජයට ණය දීමෙන් වැළකී සිටින්න. දැන් තිබෙන උද්ධමනයට මූලික හේතුව මුදල් අච්චු ගැසීමත් එමගින් උද්ධමන පීඩනයක් ඇතිවී රුපියලේ වටිනාකම පහත වැටී රුපියල අවප්‍රමාණයක් දක්වා ගමන්කර ඇත...

:       2       31

සෝමෙ Wednesday, 24 November 2021 05:12 PM

සල්ලි අච්චු ගැහුවට උද්ධමනය වැඩි වෙන්නේ නෑ කියපු කෙනානේ. ඉතින් අපි මේ කියන්නේ ඇත්ත කියලා හිතාගම්මු නේ...

:       2       29

ලමය Wednesday, 24 November 2021 05:30 PM

හීනෙන් වෙන්න ඇති...

:       1       23

Widura Wednesday, 24 November 2021 06:15 PM

කිව්වා හරි.. කිව්වේ පහ වෙනවා කියලා.

:       1       21

Nuwan Wednesday, 24 November 2021 06:20 PM

මොනවා කියනවද මන්දා... මිනිස්සුන්ට ආහාර හිඟ නිසා වැසිකිළි යන්නෙත් කලාතුරකින්...!

:       1       20

විපරමා Wednesday, 24 November 2021 06:49 PM

තමුන් පවුල් පාලනේ එක්ක ඩීල් දාලා කරපු හරිය අපි නොදන්නවා නෙවෙයි. පහුවෙලා යන්න නම් හොර දූෂිතයින් ටික මකබෑවිලාම යන්න ඕනේ...

:       3       16

Jude perera Wednesday, 24 November 2021 06:54 PM

මෙයා මේ මරු කියවනවා...

:       1       13

සෙනෙවිරත්න Wednesday, 24 November 2021 07:00 PM

මම හිතන්නේ ජනවාරිවලදී තමයි ඕක නියම විදියට පටන් ගන්නේ, මොකද ජනවාරි ගෙවන ණය වාරිකය ගෙවන්න තිබෙන ⁣⁣ඩොලර් ටික හූරලා ගත්තාම, තිරිඟු, සිමෙන්ති කිරිපිටි, තෙල්, බෙහෙත් ගෙන්නන්න බැරි වෙනකොට තමයි නියම තොවිලේ, මෙයා කියන ඒවා ඇත්ත වෙනවා නම් රටට මෙහෙම වෙයිද?

:       1       18

wahaldeepe Wednesday, 24 November 2021 11:12 PM

ඇයි ... ජනවාරී වෙද්දි මිනිස්සුන්ට විරේක වෙනවද .. ?

:       0       1

69lakshaya Thursday, 25 November 2021 04:26 AM

ඇය කිව්වානම් ඉතින් හරියටම හරි ඇති

:       0       1

Sunil Thursday, 25 November 2021 06:22 AM

දැනටමත් ආහාර බහාලුම් වරායේ ගොඩ ගැහිලා. නිදහස් කරන්න ඩොලර් නැතිව

:       0       0

de silva Thursday, 25 November 2021 07:11 AM

ඩොලර් 1 බැංකුව ගෙවන්නේ 198. කළු කඩේ ක්‍රමයට 230. එම නිසා මිනිස්සු බැංකු හරහා ඩොලර් එවන එක නතර කරලා

:       0       1

jagath Thursday, 25 November 2021 10:27 AM

මූ නිකන් නින්දෙන් නැගිටිච්ච එකා වගේ එක පාරට විලම්බීතයක් කියවනවා.ඔය රාජපක්ෂලා මංකොල්ල කාපුවා ආයෙත් මහා භාණ්ඩාගාරයට අරන් රටේ ණය ටික ගෙවලා දාපන් බ්‍රෝ මීටින් තිය තියා කකා බිබී බොරු කඹුරන්නේ නැතිව

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

සෞඛ්‍ය
2024 නොවැම්බර් මස 19 6 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 779 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 1758 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 243 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 142 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 800 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26620 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18870 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1860 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site