“මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට ඉල්ලීම් කිරීම හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙන යා හැකි යැයි සිහින දකින්නන්ගේ යටි අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාව ජනතාවට අද තිබෙනවා. රටට අවශ්‍ය කුමක්ද, එය කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් විශේෂ නීතිමය ගැටලුවක් මේ අවස්ථාවේ නැති බවත් ව්‍යවස්ථාපිතව සිදුවිය යුත්ත ඉතා පැහැදිලි බවත්, අවසාන වගකීම තිබෙන්නේ කා ළඟද යන්න ගැන සැකයක් නැති බව මම මේ අවස්ථාවේ සියලු දෙනාටම මතක් කොට සිටිනවා“ |
කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.
පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ
වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ
නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආර්ථික සැලැස්මේ දේශීය දේට විශේෂයක්
athura Tuesday, 21 April 2020 09:52 AM
දේශීය දේවල් කියන්නේ මයියොක්කා, කොස් පොලොස් වලටද? හොඳට තියේවි
Indika Tuesday, 21 April 2020 10:01 AM
ජනාධිපතිතුමනි, ලංකාවට කිරිපිටි ගෙන්වන එක නතර කරන්න. පුලුවන්නම්. ලංකාවේ හදන්න හයිලන්ඩ්, පැලවත්ත නිෂ්පාදනය වැඩි කරන්න ක්‍රමයක් හදන්න. මිනිස්සු කඩේට ගියත් සුපර් මාකට් ගියත් හයිලන්ඩ්, පැලවත්ත කිරි නැ.
dayan Tuesday, 21 April 2020 10:17 AM
වසවිසින් තොරව බත බුලතින් හෙළබිම සරු කිරීම ඔබගේ යුතුකමයි .
isuru Tuesday, 21 April 2020 10:18 AM
තෙරුවන් සරණයි ... !
රටවැසියෙක් Tuesday, 21 April 2020 10:24 AM
දැන් රටේ සල්ලි ඉවරවේගෙන එන්නේ. ලබන මාසේ රජයේ සේවකයින්ට පඩි දෙන්න සල්ලි තියෙනවාද? ඔය ඔක්කොටම කලින් 2/3 ගන්න තමයි ඡන්දෙ තියන්නේ. වැරදිලාවත් දිනුවොත්අඅපිට ජනතාව බලය දීලයි තියෙන්නේ ඕන එකක් කරන්න. අද ඉඳලා දවස් 3 ක් මයියොක්කා කන්න. මගුල් ගෙවල්වලට 10 දෙනාටයි ආරාධනා කරන්න ඕනා. පාන් ඕනානම් පෝලිමේ ඉන්න පාන්දර 3 ඉඳලා. පරිප්පු...?මයිසුර් ඉවරයි.. ඒ රටවල කොරෝනා ප්‍රශ්න. මුන් ඇට කන්න. රෙදිපිළි මෙහෙ නිපදවා ගන්න. මන්ත්‍රී,ඇමති මේ හොර රැලට ඒ නීති බලපාන්නේ නැති වෙනවා. අන්තිමට හමුදා රජයක් කරා හෙමින් හෙමින් ලඟා වෙනවා. ලෝකයේ දුප්පත්ම රටවල් අතරට වැටෙනවා.
ප්‍රියන්ත Tuesday, 21 April 2020 12:54 PM
අපි ආර්ථිකයේ විශාල ප්‍රශ්නයකට මුහුණ පාන්නට වෙනවා කියන එක තමයි ආර්ථික විශේෂඥයන්ගේ අදහස. එපමණක් නෙවෙයි සාමාජීය වශයෙන් එදිනෙදා වේතනයක් ලබපු ඒ අයට තමයි විශාල ප්‍රශ්නයක් ඇතිවුණේ. ඒ හින්දා තමයි. පුද්ගලික අංශයේ සේවය කල 90% කට පමණ අදවන විට රැකියාව අහිමි තිබේ. නමුත් රුපියල් 5000ක දීමනාව තාමත් ලැබී නොමැත. රුපියල් 5000ක දීමනාව රජය ලබා දෙනුයේ පොහොට්ටුවට චන්දය දුන් අයට පමණද ? රජය ආර්ථිකය ගොඩනැංවීමට සැලසුම් සකස් කර තිබේද ?
Buddhika P Tuesday, 21 April 2020 04:09 PM
ගරු ජනපතිතුමනි, ඇත්තම කියනවා නම් ඔබට තිබුණු යම් පිළිගැනීම මගේ හිතේ අඩු උනා මේ ප්‍රශ්න හා පිළිතුරු දැකලා.... සේරම වගේ ප්‍රශ්න ඕ ලෙවල් ළමයෙකුට හම්වෙන ව්‍යාපාර අධ්‍යයනය පොත බලන් අහපු ඒවා වගේ. ඔබතුමා හිතනවද අද අපි ඉන්නෙ දේශීය ආර්ථිකයක් ගොඩ නගා ගන්න පසුබිමේ කියලා. ජේ.ආර් මේ දේශීය පදනම, ලෝකේ කොහෙවත් නැති විවෘත ආර්ථිකයකට රට ගෙනිහින්, බෝම්බ ගහලා විනාශ කරා. ප්‍රේමදාස / රනිල් / චන්ද්‍රිකාගේ කාලේ දේශීය පදනමේ ඉතිරු ටික නැති කරා. ඔබගේ අයියා රට චීනෙන් සරුංගල් හිටන් ගේන තැනට ගෙනාවා. කිසිම ආර්ථික දැක්මක් නැතුව රට අවුරුදු 33 පාලනය වෙලා. රට ලෝක බලවතුන්ගේ ණය උගුලක හිර වෙලා. අද අපි ගැන ලෝක බිස්නස් ෆෝරම් වල කතා කරන්නේ, බංගලිදේශේ වගේ රටවල් වලට පස්සේ. මමත් ලංකාවේ කැම්පස් එකක උගන්නපු කෙනෙක්. දේශපාලුවෝ නිසා රට දාලා එන්න උනා. මම එක පේලියකින් කියන්නම් අපි කරන්න ඕන දේ. ඔබගේ ආර්ථික උපදේශයකින්ට කියන්න වියට්නාමේ අද්‍යනය කරන්න කියල. එහෙ හදල එවන පැනසොනික් වොෂින් මැෂින් එකක, සැම්සුන් එස්9 එකක පැකින් එකේ ඉඳන් කොලිටි බලන්න කියන්න. අපිට එතෙන්ට එන්න පුළුවන් නම් ගොඩ. එතෙරට ඕන කොලිටි එක අපි හදන දාට අපි දිනුම්.
සමන්ත Wednesday, 22 April 2020 09:42 AM
ඔබේ කතාව හරි. දැන් අපි නිදහසින් පස්සේ ඉඳලා අවුරුදු 70 ක් ආණ්ඩු කරානේ. මොනවද ලැබිලා තියෙන ප්‍රතිපල? ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනය කෙරුවොත් කරලා තියෙන්නෙම් රට ගොඩනගන එකට අකුල් හෙලපු එක. 1971 කැරැල්ල සහ 1983 -2009 යුද්ධය ඉවර කරා හැරෙන්න ඇත්තටම් බැලුවොත් කරලා තියෙන්නේ ආර්ථිකයට නැතිවෙන්න ගහපු එක. නියෝ ලිබරල් ආර්ථික රටාව සියයට සියක් හරි නොවෙන්න පුළුවන්. ඒත් වියට්නාමයට වුනත් එතෙන්ට යන්න පුළුවන් උනා නම් ඇයි අපිට බැරිවුනේ? ඇයි අපි මේ තරම් දුප්පත්? ඇයි අපි තවම බිලියන ගණනින් ණය වී හිඟාකන්නේ? ඇයි අපි තවම අර්බුදයක් ආවාම සල්ලි අච්චු ගහමින් මුදලේ වටිනාකම බල්ලට දමමින් ආර්ථිකයම කෙලෙසන්නේ? ඒ කියන්නේ මේ දේශපාලන මොදලයෙන් වැඩක් වෙලා නෑ කියන එක නේද? මේ හොරු තවම මිනිස්සු සිනි බෝල දීල රවටා ගන්නවා. දන්නා දේශපාලනයක්වත්, අර්තිකයක්වත් නෑ. මර්දනය නම් ප්‍රගුණ කරලා තියෙනවා අගේට. ඇත්තම කිව්වොත් කරුගේ, රනිල්ගේ පස්ස පැත්තෙන්වත් තියන්න බෑ.
dhammika perera Tuesday, 21 April 2020 11:44 PM
ඉදිරි ආර්ථිකය ගැන මොන සැලසුම්ද? ආණ්ඩුව බාරගන්නකොට මාස හයකට කලින් කිසිම ආර්ථික සැලැස්මක් තිබ්බේ නෑ. තිබ්බ එකම සැලැස්ම හොරකම්, මිනීමැරුම් නඩු වලින් බේරීම විතරයි. ඒක තමයි පටන් ගත්ත දවසේ ඉදල අත ගහපු හැම දෙයක්ම අනාගත්තේ. අනාගතය අනාතයි...
athura Wednesday, 22 April 2020 03:55 AM
දේශීයදේට විශේෂත්වය කියල මහා ලොකුවට පම්පෝරිය ගහනවා හැබැයි සිංහල බෙහෙත් කඩයක් ඇරගන්න අවසර නැහැ.
de silva Thursday, 23 April 2020 01:16 PM
ඕවා කරන්න ඕනේ දීර්ඝ කාලීන සැලසුම් ඇතුව. මේ කොරෝන ප්‍රශ්න අස්සේ මිනිස්සු එදා වේල සහ කන බොන දෙයක් සොයාගන්න දඟලනකොට තාවකාලිකව හරි අවශ්‍ය දේවල් කොහෙන් හරි ගෙනල්ල දීලා , ලෝක වෙළදපලේ අඩුවෙලා තිබෙන තෙල් වල සහනයෙන් කොටසක් හරි ජනතාවට දීලා ඔවුන්ගේ ජිවන බර අඩු කරලා , ඔවුන්ගේ මානසික පීඩනය අඩු කරගෙන වැඩේ බැලන්ස් කරගන්න ඕනේ. නැතුව පිටරටින් ගෙන්වන දේවල් වලට විශාල බදු ගහලා එහෙම නැතිනම් ඒවා සම්පුර්ණයෙන්ම තහනම් කරන්න හොඳ නැහැ , විකල්පයක් ඇති නොකර , එතකොට වෙන්නේ කළුකඩ සහ ජාවාරම් කාරයෝ පොහොසත් වෙන එක එහෙම නොකලොත් මිනිස්සු ලබන ඡන්දෙදි ඔබලාව ගෙදර යවාවි
Rata Perata Friday, 24 April 2020 07:01 AM
ජනාධිපතිවරණෙත් දැක්කනේ. ...පොඩි ප්රශ්නයකටවත් උත්තරයක් දෙන්න බැරි උන මනුස්සයා. දැන් කියන ඒවයෙත් වෙනසක් නෑ. පොඩි ළමයි උනත් දන්න බාල කතා කිය කියා රටේ ප්රජාතන්ත්රවාදය නැති කරනවා මේ පවුල.
de silva Friday, 24 April 2020 04:15 PM
හොඳම වැඩේ ඡන්දෙ අහෝසි කරලා තත්වය සමනය වුනහම, අලුතෙන් නාමයෝජනා කැඳවලා, ඔබතුමාගේ ලිස්ට් එකේ ඉන්න පරණ භාගයක් අස්කරලා වියත් මගෙන් උගත් බුධිමත් අවංක පිරිසක් ඡන්දෙට දමන්න . මිනිස්සුන්ට ඕනේ අලුත් වෙනසක් මිනිස්සු ඡන්දෙ දේවි