IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ආවේ එස්.අයි. මරන්න මැරුවේ පී.එච්.අයි

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ගයාන් සූරියආරච්චි, එච්.එම්. ධර්මපාල සහ  බිමල් ශ්‍යාමන් ජයසිංහ

කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාට ඔහුගේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන පාතාල වෙඩික්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයෙක් ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තැබීමට යොදාගත් බවට සැලකෙන එම්.එම්. වර්ගයේ පිස්තෝලයක් ද මැගසින් එකක් සහ ජීව උණ්ඩ දහයක් ද සැකකරුගෙන් හෙළි කරගත් තොරතුරු මත පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි නිවසේ සඟවා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත.

පොලිස් නිලධාරියකු වෙනුවට වැරදීමකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තබා ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමෙන් පසු ඔහු ඌරගස්මංහන්දිය ගල්පොත්තාවල ප්‍රදේශයේ නිවසක දින විස්සක කාලයක් තිස්සේ නවාතැන් පහසුකම් සැපයූ බව කියන අඹු සැමි යුවළක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

පාතාල වෙඩික්කරුගෙන් හෙළි වූ තොරතුරු මත මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව එම ප්‍රදේශයේම කැලෑවක සඟවා තිබූ ඉතාලියේ නිෂ්පාදිත එම්.එම්. 8 වර්ගයේ ගිනි අවියක්ද, යතුරුපැදියක්ද, කළු පැහැති ජැකට් එකක් ද පාතාල වෙඩික්කරුගෙන් හෙළි කර ගත් තොරතුරු මත සොයාගන්නා ලදැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2200 සමග සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු කැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු පාතාල ලෝකයේ වෙඩික්කරුවකු බවට තොරතුරු අනාවරණය වූ බව එම නිලධාරියා පැවැසීය.

මොහුගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම්වල දී පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමේ සිද්ධියේ සුල මුල අනාවරණය වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ විශේෂ උපදෙස් මත පරීක්ෂණ පවත්වා සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි

අත්අඩංගුවට ගත් මෙම පාතාල වෙඩික්කරු 51 හැවිරිදි අයෙකි.

මෙම පුද්ගලයාට ඩුබායි රටේ සැඟව සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන සමන් කොල්ලා නමැත්තකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවෙස පිහිටි ප්‍රදේශයේ පදිංචිව සිටින උප පොලිස් පරීක්ෂකවරයකු ඝාතනය කිරීමට සඳහා යැයි කියමින් රුපියල් ලක්ෂ අටක මුදල් කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතැයි පොලිස් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි දැන ගැනීමට ඇත.

එම උප පොලිස් පරීක්ෂකවරයාගේ ඡායාරූපය වෙනුවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිල ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූපය වෙඩික්කරු අතට පත් වී ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

ඩුබායි රටට පලා ගොස් සැඟවී සිටින සමන් කොල්ලා නමැති පාතාල නායකයා එම පාතාල වෙඩික්කරුට කොන්ත්‍රාත්තුව බාරදී ඇත්තේ වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති පුද්ගලයා විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු යැයි කියා බව පැවසේ.

ඔහු විශ්‍රාම ගිය පොලිස් පරීක්ෂකවරයකු නොව දැනටත් රාජකාරියේ නිරතව සිටින උප පොලිස් පරීක්ෂකවරයකු බව පොලිසිය සඳහන් කරයි.

ඩුබායි රටේ සැඟව සිටින සමන් කොල්ලා නැමැත්තාට අයත් බවට පැවසෙන හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම නිසා මෙම පාතාලයා එම පොලිස් නිලධාරියා සමග වෛරයකින් පසු වීම නිසා ඔහු ඝාතනය කිරීමට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

එම ඡායාරූපය අනුව පාතාල වෙඩික්කරු ඇල්පිටිය නගර ආසන්නයේ පිහිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවසට පසුගිය දෙසැම්බර් මස 26 වැනිදා ගොස් ඇතැයි පොලිසිය කියයි.

සිය දරු දෙදෙනා පාසල් රැගෙන යාමට සූදානම් වී සිටිය දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ බිරිය පාසල් ගුරුවරියකි.

 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මෙම ඝාතනය රටේ ඉමහත් ආන්දෝලනයට ලක්විය.

මෙම ඝාතනය වෙනුවෙන් ඩුබායි රටේ සිටින එම පාතාල කල්ලි නායකයා රුපියල් ලක්ෂ අටක මුදලක් ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පෙර කල් ඇතිව ලබා දී ඇති අතර එම මුදල පාතාල වෙඩික්කරුගේ බිරිඳ ගේ නමින් ඇති ගිණුමක තැන්පත්කර ඇති බවටද පරීක්ෂණ වලින් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන්ද පොලිසිය පුළුල් විමර්ශන පවත්වාගෙන යයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර දකුණු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ සහ ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක චමින්ද කුරඹගේ, පොලිස් කොස්තාපල් චතුරංග, පොලිස් කොස්තාපල් පියසිරි, පොලිස් කොස්තාපල් වීරසේකර සහ රංග යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 



අදහස් (19)

ආවේ එස්.අයි. මරන්න මැරුවේ පී.එච්.අයි

රසික Friday, 05 July 2024 06:36 AM

අහිංසක මිනිසුන් මරණ කාලකන්නී අවජාතක හැතිකරේ ට දියවු මරණ දඬුවම.

:       0       59

NASAR Friday, 05 July 2024 07:21 AM

තව ආයුධ ටිකක් පෙන්නන්න එක්කන් යන්න මෙයාවයි අනිත් දෙන්නවයි

:       0       41

ප්‍රේමතිලක පෙරමුණ Friday, 05 July 2024 07:22 AM

කරුණාකර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ නිළ ඇදුම පොලිස් බිල ඇඳුමින් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න .

:       0       52

sachith Friday, 05 July 2024 07:32 AM

මේ නාට්‍ය පිටපතනම් එච්චරම තාත්වික මදි .ඔච්චර පාතාල කෙරුමා පොලිස් ඇඳුමයි ,සෞඛ්‍ය පරීක්ෂක ඇඳුමයි වෙනස දන්නේ නැහැ

:       9       61

SanathFriday, 05 July 2024 11:18 AM

ඇයි වැරදි පොටෝ එක. මෙච්චරටම වරදින්න පුලුවන්ද?

:       1       13

ලියනගේ Friday, 05 July 2024 07:43 AM

මේක බොරුවක්. එතකොට ඩොක්ටර් ?

:       5       53

සෞදි-සිංහ Friday, 05 July 2024 07:47 AM

මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ නීතිවිරෝධී දේවල් අත්අඩංගුවට ගන්නා පොලිස් සහ රේගු නිලධාරීන් බඩුත් එක්ක ෆොටෝ පත්තරවල දැම්මාම මෙහෙම වෙනවා.

:       1       27

Lalla Friday, 05 July 2024 07:50 AM

සැඟවූ ආයුධ පෙන්වන්නට ගියානම් ජීවතුන් අතර ඉන්න බෑ නේද?

:       3       21

Mangala Friday, 05 July 2024 08:34 AM

අපිත් ඉස්සර පියුම් මහත්තයා එනවා දකිනකොට දුවනවා පොලිසිය එනවා කියලා .මේ යුනිෆෝම් එකේ පාට වෙනස් කලොත් නරකද .පොලිසිය, PHI, සුරාබදු සහ තවත් බොහෝ දෙපාර්තමේන්තු එකම kaaki ඇඳුම භාවිතා කරයි.

:       5       24

Udaya Friday, 05 July 2024 08:48 AM

වෙඩික්කරුට නීතීඥ උපදෙස් ලැබිල තියෙන්නේ. ලස්සන කතාන්දරයක් ගොතල දීලා වගේ උසාවියෙදී කියන්න.

:       1       51

පිටිගල මිලානෝ Friday, 05 July 2024 10:39 AM

ඇත්ත ඝාතන පරීක්ෂණය නොමග යවන්න ගොතපු කාතාවක් වගෙයි මට නම් පෙනෙන්නේ. පී එච් අයි මහත්තයා මරන්න අවශ්‍ය වුනේ කාටද….?

:       1       26

කසුන්Friday, 05 July 2024 02:08 PM

පොලීසිය සහ අපරාධකරුවන් එකතු වී ගොතාපු කතාවක් වගේ. ඔහොමම කේස් එක වහලා දාලා ඇත්ත වහලා දාවි

:       0       12

de silva berlin Friday, 05 July 2024 11:52 AM

මේක බොරුවක් බලවතෙක්ගේ කොන්ත්‍රාත් එකක් , ඩුබායි වල හැංගිලා ඉන්න සමන් කොල්ලෙකුට තියන අවශ්‍යතාවය මොකක්ද ඇල්පිටියේ ඉන්න පිඑච්අයි කෙනෙක් මරන්න ,පිඑච්අයි කුඩු බිස්නස් කරන්නේ නැහැ , පාතාල සම්බන්දෙකුත් නැහැ , සමන් කොල්ලට කොන්ත්‍රාත් එක දුන්නේ කවුද කියල අහන්න සමන් කොල්ල මෙහෙ ගෙන එන්න බැහැනේ ? මේක නාට්‍යයක් , පිට රට ඉන්නවා කියන පතලයන්ගේ නම් පාවිච්චි කරමින් මෙහෙ මිනිමරන්නේ කප්පම් ගන්නේ මෙහෙ ඉන්න ඇයො , ඔය හැංගිලා ඉන්න පාතාල කාරයන්ට හරි හමන් අධ්‍යාපනයක් හෝ සංවිධාන ශක්තියක් නැහැ ජාත්‍යන්තර ගේම් ගහන්න

:       2       15

Naveen Friday, 05 July 2024 12:09 PM

කතාවනම් ලස්සනයි. කුක්කුබොන පොඩිඑකෙකුට ගැලපෙනවා. මේ රටේ නීතිය ද මේ. අපිටත් කීවානම් අඩුපාඩු හදන්න තිබ්බා කතාවේ. අපි දැන් මොන පැත්තෙන්ද හිනාවෙන්න ඕනැ.

:       2       15

Kusal Friday, 05 July 2024 12:42 PM

මේක බොරුවක් වැරදීමක් නෙමෙයි වැරදීමක් කියලා මේක වෙන පැත්තකට හරවන්න බලනවා

:       0       17

ජයන්ත Friday, 05 July 2024 01:04 PM

පරස්පර ගොඩයි.... මොකක් හරි හංගනවද මන්දා ?

:       1       12

දරුවො තුන් දෙනාගේ අනාගතය යහපත් වේවා Friday, 05 July 2024 05:02 PM

වස විස ඇති කෑම බීම හදන අය මේ ගැන මොකද කියන්නේ, - එස් අයි - පිඑච්අයි මාරු වෙලා

:       0       5

Anonymous Friday, 05 July 2024 06:50 PM

කවුද කියන්නේ කර්මය කියලා දෙයක් නෑ කියලා? ලෝකේ ජීවිත හොඳට පරික්ෂා කරලා බැලුවොත් කර්මය අනිවාර්යයෙන්ම තියෙන දෙයක් බවත්, දිවැස් තිබෙන මුනිවරුන් දහස් ගණනක් විසින් කර්මය කියලා දෙයක් තිබෙන බවට කියලා තියෙන්නේ ඇත්ත කියලා බුද්ධිමතෙක්ට පේනවා.

:       0       2

nadeeka Saturday, 06 July 2024 09:09 AM

අනිවාර්යයෙන් මරන්න ඕනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 579 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 208 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 585 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 436 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2497 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 2390 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37073 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24422 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 605 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site