( රොමේෂ් මධුෂංඛ)
යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී පසුගියදා ආයුධ කල්ලි ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධියට සම්බන්ධ ආයුධ කල්ලි නායකයා ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලිසිය පවසයි.
අදාල ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සහ යුදහමුදාව බුද්ධි අංශය විසින් සිදුකරන ලද පරික්ෂණයන් තුලදී ස්ථාන කිහිපයකින් මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර ආවා කල්ලියේ වත්මන් නායකයා ලෙස සැලකෙන විනෝදන්ද වන බවට පොලීසිය සැක පල කර සිටියි.
මේ අතර අත්අඩංගුවට පත්ව සිටින පිරිසෙන් පොලිස් පරික්ෂණ සිදුකෙරෙන අතරතුරදී ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු පොලීසියට භාර වී ඇත.
අගෝස්තු 22 වනද රාත්‍රියේ ගුරුනගර් මුහුදු මාර්ගය අසලදී තියුණු ආයුධගත් පිරිසකගේ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව 24 වනදා අලුයම එක් අයෙකු මිය ගොස් තිබුණි.
මෙම ප්‍රහාරය ඇතුලු යාපනය දිස්ත්‍රීක්කයේ පසුගිය දිනයන්හි සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා රැසකට දායක වූ පිරිස් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවටද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය කන්කසන්තුරය, තෙලිප්පලෙයි, චුන්නාකම්, කෝපායි ආදි ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආවා කල්ලියේ නායකයා ඇතුළු 8 ක් අත්අඩංගුවට