කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 751 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද (04) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 19 දෙනෙකු වාර්තා වී ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 33 කි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 519 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති අතර 194 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.
ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක
පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආසාදිතයින් ගණන 751 දක්වා ඉහළට
වසන්ත Monday, 04 May 2020 06:00 PM
වරකාපොල පැත්තේ මගේ ඥාතීන් දෙන්නෙක් දැන් දවස් තුනකට ඉස්සෙල්ල නැති වුණා. මරණ වලට අපිට කොහොමත් යන්න බැරි නිසා කතා කරාම එයාලගේ ළමයි කිව්වේ ඉස්පිරිතාලෙට පොලිසියෙන් දාල ඉන්නේ බොඩි එක එයාලට දෙන්නෙත් නෑ කිව්වා කියල. පස්සේ දැනගත්තා කොරෝනා මරණයක් වගේම ඉස්පිරිතාලෙන් කෙලින්ම ආදාහනාගාරේට ගෙනිච්චා කියල. තවත් ඇහුවම තමයි whatsapp වලින් එයාල කිව්වේ නියුමෝනියාව තිබුනා, එයාල සැක කරනවා කොරෝනා කියල.... හැබැයි මම නිවුස් වල එහෙම මරණයක් ගැන ඇහුවෙත් නෑ, මේ ළඟ ඥාතීන්ව නිරෝධායනයට යොමු කරලත් නෑ. මේක නිකම්ම යට ගැහුවා වගේ.
Anton AustriaMonday, 04 May 2020 06:58 PM
ඔබ විශ්වාස නම් මේ තොරතුරු නිවැරදි කියලා මැරුණ අයගේ ලිපිනය සටහන් කරන්න . ඔබ කියනදේ සත්‍යය ද බලන්න පුළුවන් ...
සුරංගMonday, 04 May 2020 07:17 PM
මරණ උනත් නොවුනත් චන්දය දාන්න අමතක කරන්න එපා. 2/3 නැතුව විරුවන් සියලු දෙනා පසු තැවිල්ලෙන් ඉන්නෙ. නැති උන සියලු දෙනා ට ඉදිරි භව වලදී මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවායි ප්‍රාර්ථනා කරනවා.
janahitha Monday, 04 May 2020 07:43 PM
3න් 2 අවශ්‍ය වන්නේ සිංහල ජාතියට එය රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවක් නොවේ. සුළු ජාතික චන්ද වලින් අද පිහිටුවන ආණ්ඩුවක් නිසා අනාගතයේ බහුතර ජාතියට දැඩි අවදානමක් පවතිනවා. බලය ඔවුන් හසුරුවමින් ක්‍රමානුකුලව නගර ගම්මාන වල බලය පතුරුවා ගන්නවා ඉන්දුනීසියාවේ උනේ එහෙමය පළමුව ප්‍රධාන නගර වල සුක්ෂම ලෙස එය සිදුවෙනවා පක්ෂ නායකයන් බලය සඳහා පාවාදීම් කරාවි...
නිමල් Monday, 04 May 2020 07:34 PM
මොනවද මල්ලි මේ ආණ්ඩුව යට ගහන්නේ නැත්තේ. සුනාමියට ලැබුණු සල්ලි යට ගැහුවා. පසුගිය දවස්වල පොහොට්ටුවේ කට්ටියම කිව්වේ පිටරට ආධාර ලැබෙනවා කියල. W.H.O. එකෙන් මිලියන ගණනක් COVID-19 පාලනයට ලැබුනා... එකෙන් තමා මේ බඩු බෙදන්නේ කියල. covid-19 මැරෙන ගණනත් නියම තොරතුරු එලියට දන්නේ නැතිලු. covid-19 ටෙස්ට් කරන ප්‍රමාණය වැඩි කලොත් මිටවඩා රෝගය වැළදුණු අය සොයාගන්න හැකිවේවි.... පාර්ලිමේන්තුව කැදවන්නේ නැත්තේ මොකද කියල දැන් තේරෙනවා නේද?
WasanthaMonday, 04 May 2020 07:55 PM
දේශපාලනය දන්නෙත් නැහැ...රටෙ මොනවද වෙන්නෙ කියලා දන්නෙත් නැහැ.මෙ වගේ මිනිස්සු ඉන්නකම් ඉතින් රටට සොරි තමයි...
Anton AustriaMonday, 04 May 2020 07:58 PM
මට ඇත්තටම දේශපාලනය වැදගත් නෑ. මොනවා හරි කරලා කවුරු හරි මගේ රට රැක දෙනවනම් මගේ රටේ මිනිසුන්ව ආරක්ෂා කරනවා නම් මන් එයාලා වෙනුවෙන් ඡන්දය දෙනවා... මොකද මට අත්දැකීම් තියෙනවා කන්න නැතුව බොන්න වතුර නැතුව රෝහලට ගියාම බෙහෙතක් දෙන්නතුව බයේ වෙවුල වෙවුල අල්ලපු ගෙවල් වල මැරෙනකොට මන් මෙහෙ ඉඳන් දුක්විඳ ඒ දුක බය හැමදාම තියෙනවා මගේ රට යන ගමන හරිද වැරදිද කියලා මට වැටහෙනවා... පුදුමයි කියන්නේ මෙහෙ ඉන්න මිනිසුන්ට හොඳ රාජ්‍ය සේවයක් නැහැ...
Anton AustriaTuesday, 05 May 2020 04:00 AM
මට ඇත්තටම දේශපාලනය වැදගත් නෑ. මොනවා හරි කරලා කවුරු හරි මගේ රට රැක දෙනවනම් මගේ රටේ මිනිසුන්ව ආරක්ෂා කරනවානම් මන් එයාලා වෙනුවෙන් ඡන්දය දෙනවා .
Anton AustriaTuesday, 05 May 2020 07:06 AM
මට ඇත්තටම දේශපාලනය වැදගත් නෑ. මොනවා හරි කරලා කවුරු හරි මගේ රට රැක දෙනවනම් මගේ රටේ මිනිසුන්ව ආරක්ෂා කරනවානම් මන් එයාලා වෙනුවෙන් ඡන්දය දෙනවා . මොකද මට අත්දැකීම් තියෙනවා කන්න නැතුව බොන්න වතුර නැතුව රෝහලට ගියාම බෙහෙතක් දෙන්නතුව බයේ වෙවුල වෙවුල අල්ලපු ගෙවල් වල මැරෙනකොට මන් මෙහෙ ඉඳන් දුක්විඳ ඒ දුක බය හැමදාම තියෙනවා මගේ රට යන ගමන හරිද වැරදිද කියලා මට වැටහෙනවා පුදුම මෙහෙ ඉන්න මිනිසුන්ට හොඳ රාජ්‍ය සේවයක් නෑ. ඒකයි වැටුණේ. මගේ රටට තියෙද්දී අඩනවා.
Buddhika PMonday, 04 May 2020 09:13 PM
ඇත්තටම මේ වගේ ප්රවෘත්ති සත්‍යද අසත්‍යද? නමුත් කියන විදියට සත්‍ය කියල තේරෙනවා. දේශපාලකයෝ නිතරම කට වාචාල කමින් මේ රටේ සේරම ව්‍යසන හැංගුවා. අන්තිමට ලංකාව පටාචාරාවක් වගේ ලෝකේ අන්තිම දුක් විඳින කෙනෙක් වුණා... අපි කොරෝන කියල කියන්නේ මොකක්ද කියලවත් තාම අඳුරගෙන නෑ. මම ඉන්නේ බ්‍රසල්ස් වල. මේ වගේ රටවල ජන ජීවිතය ඉතාම සමාජශීලියි. ඊට කොරෝනා ඔරොත්තු දෙන්නේ නෑ. අපි වගේ රෑ 6 - 7 වෙනකොට කාල නිදා ගන්න ජාතියේ මිනිස්සු නෙවෙයි. තමන්ගේ ආගමේත් ඕනවට වඩා ඇලෙන්නේ ගැලෙන්නේ නෑ. අපි අවුරුදු පරම්පරා 7 - 8 කට කලින් කාලෙක ලියපු බුදු ගුණ කවි (පිරිත්) කන පැලෙන්න දාගෙන, කොරෝනා මරන්න හදනවා. රස්සාවක් නැති, ඕනෑම කට වාචාල මිනිහෙකුට, මේ රටේ ප්‍රවීණ ජ්‍යෝතිෂ වේදියෙක් වෙන්න යන්නේ එක සුමානයයි. අන්තිමේ TV එකට අතින් සල්ලි දීල ඇවිත්, මුළු රටටම කේන්දර පච ගහනවා. ටොයෝටා ලෑන්ඩ්කෘෂර් දෙක තුනක් එක පවුලකට තියා ගන්න මේ මිනිස්සු, අර කලින් කියපු අහිංසක පටාචාරාවන්ට මොනතරම් බොරු වංචා කරන්න ඇද්ද? පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මේ බොරුකාරයන්ට වලංගු නැද්ද?
සංකල්ප Tuesday, 05 May 2020 02:24 AM
ඔය සිදුවිම ගැන වහා සොයා බැලිය යුතුයි.
ATHULATuesday, 05 May 2020 07:06 AM
දැන් අලුත්ම ක්‍රමය රෙජිස්ටර් නොවුනු කොරෝනා රෝගීන් මැරුනට ඒවා රටට හෙළිකරන්නේ නැහැ. හේතුව ආණ්ඩුව රටට පෙන්වන්න හදන්නේ දැන් කොරෝනා මරණ නැහැ කියලා මැතිවරණය බලේ ගන්න. එම නිසා තමයි හමුදාපතිවරයටත් බැනලා තියෙන්නෙ ජඩ ආණ්ඩුව.
Rohana Tuesday, 05 May 2020 01:21 AM
මෙහෙම ආසාදිතයින් වැඩි වෙනවා නම් සමාජයේ සැගවුන රෝගීන් කොපමණ සිටීද? වහාම මේ ගැන සොයා බලා රෝග ව්‍යාප්තිය වැලැක්වීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතුයි නේද ?
vimu Tuesday, 05 May 2020 08:48 AM
මම ඡන්දය දුන්නෙත් සජිත්ට.? හැබැයි ගෝඨාභය වැඩක් කරන බව පේනවා. මේක වසංගතයක් වගකීම් සහගතව හැසිරෙන්න.
Anton Austria Tuesday, 05 May 2020 09:35 AM
මට ඇත්තටම දේශපාලනය වැදගත් නෑ. මොනවා හරි කරලා කවුරු හරි මගේ රට රැක දෙනවනම් මගේ රටේ මිනිසුන්ව ආරක්ෂා කරනවානම් මන් එයාලා වෙනුවෙන් ඡන්දය දෙනවා . මොකද මට අත්දැකීම් තියෙනවා කන්න නැතුව බොන්න වතුර නැතුව රෝහලට ගියාම බෙහෙතක් දෙන්නතුව බයේ වෙවුල වෙවුල අල්ලපු ගෙවල් වල මැරෙනකොට මන් මෙහෙ ඉඳන් දුක්විඳ ඒ දුක බය හැමදාම තියෙනවා මගේ රට යන ගමන හරිද වැරදිද කියලා මට වැටහෙනවා පුදුම මෙහෙ ඉන්න මිනිසුන්ට හොඳ රාජ්‍ය සේවයක් නෑ. ඒකයි මේ රටවල් වැටුණේ. මගේ රටට තියෙද්දී අඩනවා අපිට කරන්නේ නෑ කියලා . අපේ රට දුප්පත් රටක් ඒත් යමක් කරා කියලා සතුටු වෙමු . කොරෝනා ආවේ අපිට හැදෙන්න දැන්වත් අපි හැදෙමු.