IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.

ඉන්දියාවේ සංස්කෘතික අමාත්‍යංශය සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය එක්ව ”ආසියාව ශක්තිමත් කිරීමේ බුදු දහමේ කාර්‍යභාරය” නම් තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විය.

මහා සංඝරත්නය, විවිධ සාම්ප්‍රදායික ප්‍රභූන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, මහාචාර්යවරු, විද්වතුන් ඇතුළු 700කට අධික ජනතාවක් මීට සම්බන්ධ වූහ.

ආසියානු රටවල බෞද්ධ සංඝනායක හිමිවරුන් මෙන්ම ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහානායක හිමියන් මෙම වැඩසටහනට එක්වූ අතර ආචාර්ය දමින්ද පෝරගේ, ආචාර්ය ශර්මිලා මිල්රෝයි යන මහත්ම මහත්මීන්ද ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සමුළුවට එක්ව සිටියා.

ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේදී බුදුදහමේ විස්ථායීභාවය මෙන්ම ජාතීන් එක්සත් කිරීම, අවිහිංසාව, සාමූහික යහපැවැත්ම උදෙසා බුදුදහමේ ඇති වැදගත් භාවය එහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

විශේෂයෙන්ම මෙහිදී වස්කඩුවේ මහින්දවංශ නාහිමියන් වහන්සේගේ දේශනයයේදී පැවසූයේ පිටස්තර ලෝකය අවි ආයුධවලින් විනාශ වන අවධියක ආසියාවේ විවිධ සම්ප්‍රදායන්වලට අයත් ශාස්තෘවරුන් රැස්ව අවිහිංසාව හා සාමය පිළිබඳව සාකච්ඡාව කිරීමේ වැදගත්කම පිළිබඳවයි.

අවසානයේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ අධ්‍යක්ෂ ජෙනරාල් අභිජිත් හල්දාර් මහතා දිල්ලි ප්‍රකාශනය කියවමින් ඉදිරියේදී වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කරන ලදී.



අදහස් (0)

ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්

ඔබේ අදහස් එවන්න

දියත

ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක පාර්ලිමේන්තුවක් බිහිවී තිබෙනවා
2024 නොවැම්බර් මස 21 178 0

ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක බවින්ද යුත් පාර්ලිමේන්තුවක් බිහිවී ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය


ගත් ආකාරය කියන්න බැරි මෝටර් රථයක් සී.අයි.ඩී. බාරයට
2024 නොවැම්බර් මස 21 204 0

හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ බෑණාට අයත් යැයි සැලකෙන මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ භාරයට ගෙන ඇතැයි එම


පාර්ලිමේන්තු සභා වාරය යළි ඇරැඹෙයි
2024 නොවැම්බර් මස 21 2329 0

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පෙ.ව 11.30 ට යළි නිල වශයෙන් ඇරැඹිණි.


අලුත් පාර්ලිමේන්තුව විවෘත කරන්න ජනපති එයි
2024 නොවැම්බර් මස 21 302 0

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය විවෘත කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.


කෝටි 500ක කුඩු මාතරින් අල්ලයි
2024 නොවැම්බර් මස 21 635 0

රුපියල් කෝටි 500 කට අධික හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක තොගයක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනකු සැක පිට අත්අඩංගුවට ගත්


පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 නොවැම්බර් මස 21 687 0

දස වැනි පාර්ලිමේන්තුවේ මූලික පත්කිරීම් සිදු කිරීමෙන් අනතුරුව පක්ෂ නායක රැස්වීමක් කැඳවන බව කථානායක අශෝක රන්වල මහතා ප්‍රකාශයට පත් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 444 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 684 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1945 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site