(විනීතා එම් ගමගේ)
තහනම් ලන්ච් ෂීට් වෙනුවට ආහාර එතීමේ පරිසර හිතකාමී ඇසුරුමක් සොයාගත් රත්නපුර සුමන බාලිකාවේ තරුෂි විදුෂිකා සිසුවියට එම නිර්මාණය ව්‍යාප්ත කිරීම සඳහා රුපියල් ලක්ෂ 15 ක පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමන ලදී.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී අද (06) පැවති ජාතික පරිසර උත්සවයේ දී මෙම පරිත්‍යාගය කරනු ලැබීය.
එම සිසුවිය සොයාගත් ආහාර ඇසුරුමේ කඩදාසි හෝ ප්ලාස්ටික් පොලිතින් කිසිවක් නොමැති අතර ආහාර එතීමට භාවිතා වන කොලය රෙදිවලින් සකසන ලද්දකි.
එමෙන්ම එහි ආහාර පාර්සලය දැමීමට බෑගයක් පවා තිබේ.
මෙම නිර්මාණය වෙනුවෙන් මේ වනවිට පේටන්ට් බලපත‍්‍රය ඉල්ලා අයඳුම් කර ඇතිබවද තරුෂි විදුෂිකා සිසුවිය ලංකාදීපයට කීවාය.
(ඡායාරූප : චතුර එස් .කොඩිකාර )
ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක
2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ
රටේ ප්රජාතන්ත්රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්
ශ්රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආහාර එතීමට පරිසර හිතකාමී ඇසුරුමක් සොයාගත් සිසුවියට ලක්ෂ 15 ක්
lanka Thursday, 06 June 2019 12:36 PM
ඔය අපේ විශ්ව විද්‍යාල වල ඉන්න "විද්වතුන්ට" මේ වගේ දෙයක් හොයා ගන්නට බැරි ඇයි?
Raveendra Thursday, 06 June 2019 12:37 PM
රත්තරන් දුවේ ඔබගේ සොයා ගැනීම අපට නම් මිල කළ නොහැක. අපගේ ලංකා මාතාවට ඔබ වැනි දු දරුවන් තව තවත් බිහි වේවා!! තව තවත් අලුත් දේ සොයා ගැනීමට ඔබට හැකි වේවා !!!! පුතේ නුබට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරන්නෙමු.
janatha anura Thursday, 06 June 2019 12:44 PM
සුබපැතුම්
ravi Thursday, 06 June 2019 01:01 PM
අනාගතයට ඉතාමත් ප්‍රයෝජනවත් " ආයෝජනයක් "
chandima Thursday, 06 June 2019 04:38 PM
මුලින්ම ගන්න ඕන පේටන්ට් බලපත්තරේ තමයි. ලංකාවේ විතරක් නෙවෙයි වෙනත් රට වලත්. නැතිනම් හෙට වෙනකොට කට්ටිය වැඩ පටන්ගන්නවා වෙන නමකුත් දාලා.
Anuradha. Thursday, 06 June 2019 08:03 PM
පුංචි දුවේ, මේ ගැන කියන්න වචන නැති තරම්.ඔබගේ සොයා ගැනීම ඒ තරම්ම විශිෂ්ටයි.
jayath Friday, 07 June 2019 03:10 AM
මේ මාධ්‍යය සංදර්ශනය ඉවර වෙලා තව වසරකින් බලන්න මේ දැරිය ඉන්නේ කොහෙද, මොකද උනේ කියලා. මේ රටේ මෙච්චර කාලෙකට මේ වගේ දේවල් වලට උනේ එහෙමයි මේකත් බලමු නේද
hira Friday, 07 June 2019 03:24 AM
නියමයි දුව. තව තවත් නව නිර්මාණ බිහි කරන්න ශක්තිය, ධෛර්‍යය, වාසනාව ලැබේවා. බුදු සරණයි !!!!
ලලිත් පෙරේරා Friday, 07 June 2019 04:49 AM
මේ දරුවගේ අතට කීයක් හරි දීලා ඔන්න අපි කලා ඉතුරු ටික උඹම බලාගනින් කියලා අයින් වෙන එකද මේ දේශපාලන ය සංදර්ශන කාරයින්ගේ වගකීම? ඇයි මේ අයට බැරි මේ දරුවට මේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙන්න. මේ සොයාගැනීම් අපේ රටේ දියුණුවට යොදා ගත හැකි නේද.? අනේ ඉතිං මේ අපේ ශ්‍රී ලංකාවනේ....
දිලුම් Friday, 07 June 2019 05:15 AM
දේශපාලුවන් විසින් ජරා ජීර්ණ කර ලෝකය තුළ කුජීත කර ඇති අපේ රටේ දුප්පත් නමට ඔබ වැනි දූවරුන් මහත් අස්වැසිල්ලකි. පිටරටවල සිටින අපි ඔවුන් අසන අපේ රටේ කාලකන්නි දේශපාලකයන් විසින් සපයන විහිලු දැක අසන ප්‍රශ්න වලින් අසරණ ව මුහුණ හංගා ගන්නා අපට ඔබ මැණිකකි. ඔබට ජය දියණියනි.
RaveendraFriday, 07 June 2019 06:35 AM
සත්තකින්ම ඔබගේ අදහස් 10000000000000000% නිවැරදිය. මෙම රිලව් 225 ම අපගේ මාතෘභූමිය කෙළසා ඇත. ඔබ පවසා ඇති වැදගත් ගැටලුවට අපද සැමදා මුහුණ දෙන්නෝය. අප අවට සිටින විදේශිකයන් මෙම රිලව් 225 ගැන අපගෙන් අසන ප්‍රශ්නවලට අපට පිළිතුරු දීමට නොහැකිව අප අසරණවූ අවස්ථා ඕන තරම්ය. " අප නිසා තුන් වේල නිකම්ම ගිලදමන මෙම අමනයන් 225 " පිනට ගිලින කෑම වෙලටවත් ගරුසරුවක් නැති පිරිසක්.ජාති ජාතිත් සාප වේවා!!!!
silva Friday, 07 June 2019 07:41 AM
මේ 8 පාස් අය ඉදිරියට මෙවන් බුද්ධිමත් දරුවන් ගෙනියන්න එපා. එක උගත්කමට කරන අගෞරවයක්. ඕකත් පතරෙන්ම දැනගන්න දුන්නනම් ඊට වඩා වැදගත්.
desapalaka anura Friday, 07 June 2019 01:27 PM
මෙතන තමා අපිට වැරදුනේ. අයින්සටයින් කිසිදිනෙක විශ්ව විද්‍යාලයට තේරුනේවත් ගියේවත් නැහැ. නමුත් විශ්මිත සොයා ගැනීම් කල අනෙකුත් අයට නුගත් යැයි කිසිවීටකත් කියා නැහැ
leel gunawardena Friday, 07 June 2019 02:57 PM
පොලිතින් මාරයට හොඳ පාඩමක් පෙන්වන්න මේ දුව, ගත්ත උත්සාහයට මගෙන් සුබපැතුම් ඔබට ජය !!!
gunarathana himi Friday, 07 June 2019 03:47 PM
දුවණිය ඔබ රුවන්පුරයට පමණක් නොව අපේ රටටම ආඩම්බරයක්. වාසනාවන්ත අනාගතයක් තෙරුවන් සරණයි.
ලංකාපුත්‍රSaturday, 08 June 2019 03:23 AM
මෙවැනි සොයාගැනීමක් කල දැරියකට සුභ පැතුවාම ඩිස් ලයික් දාන අයගෙන් නොපමාව මේ රට බේරාගැනීමට සිදුවනු ඇත එසේ නොකලොත් අප රටට කිසිදා ඉදිරියට යා නොහැක
චමින්ද Saturday, 08 June 2019 12:48 AM
දියණියට හදපිරි සුභපැතුම් පිරිනමමි. මේ දියණියගේ කාර්යය රජයේ නිළධාරීන්ගේ කරදර වලින් බේරී ඉදිරියට ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.
චමින්දTuesday, 11 June 2019 08:50 AM
මම සුබපැතුවේ එම පාසැලේ දරුවන්ගේ අභිමානවත් වචනයක් වන සු බා වි යන්න මුලට යොදා වුවත්, එම අකුරු 3 ඉවත්කිරීම ගැන... කණගාටුයි.
Anurudda karunathilaka Saturday, 08 June 2019 03:06 AM
ආදරණිය දියණියනි ඔබට සුබ පතමි. ඔබ වැනි දිරිය දරුවන් දහස් ගණනින් මගේ මව්බිමට පහල වේවා. මගේ රට තවම හදන්න පුළුවන් කියල හිතෙන්නේ මේ වගේ දේවල් දැක්කමයි. සතුටුයි හදවතින්ම.