(අජන්ත කුමාර අගලකඩ)
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පාලනය සඳහා වහා පියවරක් ගත යුතුව ඇතැයි ඇමතිවරුන් ගණනාවක් ඊයේ (21)පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .
ඇතැම් ආහාර ද්‍රව්‍යවලට රජයෙන් පාලන මිලක් නියම කර ඇතත්, ඒවා වැඩි මිල ගණන්වලට අලෙවි කරන බව එම ඇමතිවරුන් පෙන්වා දී ඇත .
මේ අතර, රජයෙන් පනවා ඇති මිල ගණන් වලට ඇතැම් මෝල් හිමියන් වෙළඳපොළට සහල් නිකුත් කළද සමහර මහා පරිමාණ මෝල් හිමියන් සහල් නිකුත් නොකරන බව ද ඔවුන් පවසා ඇත .
බඩු මිල ඉහළ යාම සම්බන්ධ ප්‍රශ්නය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ
ආචාර්ය බන්දුල ගුණවර්ධන, වාසුදේව නානයක්කාර, මහින්දානන්දඅලුත්ගමගේ ,විමල් වීරවංශ යන මහත්වරුන් ඇතුළු ඇමතිවරුන් ගණනාවක් එහිදී මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ බව වාර්තා වේ .
කිරිපිටි, සිමෙන්ති, ගෑස් ආදී ද්‍රව්‍යවල මිල වැඩි කිරීමට ආනයන සමාගම් ඉල්ලීම් කර ඇති බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා එහි දී පෙන්වා දී ඇති අතර, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජීවන වියදම් කමිටුව කඩිනමින් රැස්වී, ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයකට එළඹීමට ද එහිදී තීන්දු වී ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ආහාර මිල පාලනයට පියවරක් ගත යුතුයි‘‘