IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

(අංජුල මහික වීරරත්න)

දැනට පවතින නියඟ තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

දැවැන්ත නියඟයක් හා ආහාර හිඟයක් සම්බන්ධව මුලු ලෝකයම අනතුරු අඟවා තිබෙන බවද ඊට මුහුණ දීම සඳහා ඉන්දීය රජය පසුගිය සතියේ සිට සහල් අපනයනය නවතා දැමු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ලංකාවට  සහල් අවශ්‍ය වුවහොත් මිල දී ගත්තේ ඉන්දියාවෙන් බව කී අමාත්‍යවරයා නමුත් දැන් ඉන්දියාව සහල් අපනයනය  නවතා ඇති නිසා  සහල් ලබා ගැනීමේ හැකියාවක් ද  නැති බව පැවසීය.ඉන්දියාවෙන් ගෙන්වා ගන්නට හැකියාව තිබුනත් සහල් ආනයනය කරන්නට මේ අවස්ථාවේ මුදල් නැතැයි අමාත්‍යවරයා කීය. රටේ මේ වන විට ආහාර සංචිතයක් නැතැයි ද  වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී නොගත් නිසා  හදිසි අවශ්‍යතාවයකට යොදා ගැනීමට වී තොග රජය සතුව නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ නිසා ඉදිරි කාලයේ රටේ මිනිස්සුන් ආහාර හිඟයට කොහොම මුහුණ දේවිදැයි හිතාගන්නටවත් බැරි බව අමාත්‍යවරයා කීය.

 තවමත් දිස්ත්‍රික්ක දෙක තුනක හැර අනෙක් ප්‍රදේශවලට ජලය ගැටලුවක් නැති නිසා වගා කළ හැකි හැම බිම් අඟලක්ම වගා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය.

අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 10ක ගෙවතු වගා වැඩ සටහන යටතේ  ප්‍රතිලාභීන් 250කට අවශ්‍ය පැළ කට්ටල ලබා දීමේ වැඩ සටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.



අදහස් (3)

ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

Lalla Sunday, 30 July 2023 12:39 PM

මෙහෙම කියන්න ඇමැතිවරයකුට පුළුවන්ද? අනික වෙලා ඇමති ඉන්දියාවෙන් බිත්තර මිලියනය ගණනේ දවස් ගානේ ගේනවා කියනවා. ඒ සල්ලි එයාගේ පෞද්ගලික මුදල්ද? කෘෂිකර්ම ඇමති දිගු සහ මධ්‍ය කාලීන සැලසුමට වැඩ කරන්න ඕන. මේ තත්ත්වය මත ඔහු ඉල්ලා අස්වීම සිදුවිය යුතුය.

:       1       11

Dewa Sunday, 30 July 2023 02:00 PM

දැන්ද ඕවා මතක්වෙන්නේ... ලැජ්ජයි...!

:       0       7

Nimal Monday, 31 July 2023 07:35 AM

පළමුව අනතුරු ඇඟවීම... දෙවනුව ආහාර හිඟය. තෙවනුව හාමත...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ධීවරයන්ට සහන මල්ලක්
2024 ඔක්තෝබර් මස 15 244 0

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 195 0

ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


හම්බන්තොට දිසාපති තනතුරේ වෙනසක් කරයි
2024 ඔක්තෝබර් මස 15 748 0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි
2024 ඔක්තෝබර් මස 15 307 0

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 581 0

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 461 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1441 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site